JustCrowd.net

Thursday, January 24, 2013

බ්ලොග් එකේ මුදුනින්ම ගැජට් එකක් දාගමු.

මෙන්න මගේ බ්ලොග් එකේ 100 වැනි ලිපිය. හරි සතුටුයි ඈ....:D/

මෙන්න අද නියම බ්ලොග් ට්‍රික්ස් එකක් ගෙනාව. ඔය ඇඩ් එකක් එහෙම දාන්න නියම ක්‍රමයක් මේ. ඔය පින්තූරෙ පේන විදිහට බ්ලොග් එකේ උඩින්ම ගැජට් එකක් දාන හැටි අපි අද බලමු. සාමාන්‍යයෙන් බ්ලොග් එකේ Header එකට උඩින් ගැජට් එකක් සාමාන්‍ය Template වල නෑ නේ. ඒක හින්ඳා අපිට ඒක අපිටම කියල දාගන්න පුළුවන්. එහෙම දාපුවහම වාසි හුඟයි.


එහෙනම් වැඩි විස්තර දාගෙනම බලන්න. මෙන්න ක්‍රමේ....

1.මුලින්ම Template >> Edit HTML ගිහින් ඒකෙ Expand Widget Templates කියන තැනට හරියක් දාගන්න.

2.ඊට පස්සේ CTRL+F ගහල ]]></b:skin> කියන කෝඩ් එක හොයාගෙන ඊට උඩින් පල්ලෙහ කෝඩ් එක කොපි කරගන්න.

Tuesday, January 22, 2013

වෙබ් හෝ බ්ලොග් අඩවියක තිබෙන හානි වූ Link සොයාගන්න හැටි.


සාමාන්‍යයෙන් බ්ලොග් හෝ වෙබ් අඩවියක විවිධ වූ ලින්ක් විශාල ප්‍රමාණයක් තියෙයි නේ. ඒ විශාල ලින්ක් ප්‍රමාණය අතර සමහර ලින්ක් වැඩ නොකරන්න පුළුවන්. විශේෂයෙන් ඔය Download කරගන්න දෙන ලින්ක් එහෙම වැඩ නොකෙරුවොත් අපේ බ්ලොග් එක හරි වෙබ් එකට හරි එන කට්ටිය අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ආය ආත්මෙකට ඒ පැත්තේ එන්නැති වෙන්නත් පුළුවන්. තව මෙහෙම හානි වෙලා තියන ලින්ක් තියන එකෙන් අපේ බ්ලොග් හෝ වෙබ් අඩවියේ Page Rank එකත් බහින්න පුළුවන්.

ඔය උඩ කියුව විදිහට හානි වෙලා තියන ලින්ක් හොයාගන්න පුළුවන් පොඩි මෘදුකාංගයක් අද මම දෙන්නම්. මේකෙන් ඔයාල ඔයාලගෙ බ්ලොග් හරි වෙබ් අඩවිවල තියන අවුල් වෙලා තියන ලින්ක් හදල දාන්නකෝ...




1.මුලින්ම ගිහින් මෘදුකාංගය බාගෙන ඉන්ස්ටෝල් කරගන්නකෝ...

Monday, January 21, 2013

Box Style එකේ ලස්සන ලේබල් ගැජට් එකක් බ්ලොග් එකට දාගමු.

    මෙන්න තවත් ලස්සන බ්ලොග් ගැජට් එකක් ගෙනාවා. ඔයාල සාමාන්‍යයෙන් ඔයාලගෙ බ්ලොග් ලිපි ලේබල් වලට වෙන් කරනවනේ. ඒ වගෙම ඒ ලේබල් පාඨකයන්ට පේන විදිහට ගැජට් එකක් විදිහට බ්ලොග් එකට දානවනේ. අන්න ඒ බ්ලොගර් එකෙන් දෙන ලේබල් ගැජට් එක ලස්සන කරගන්න විදිහක් අපි අද බලමු.





ඕක දාපුවහම පේන්නේ ඔය දාල තියන පින්තූරෙ විදිහටමයි. ... මෙන්න එහෙනම් දාගන්න හැටි.








Friday, January 18, 2013

දැනුම බදාගන්න නොව බෙදාගන්න | Ekwemu.com

   ආයුබෝවන් හැමෝටම. අද පොඩි දෙයක් ගැන කියන්නයි ආවෙ. මම හදපු සයිට් එකක් ගැන. සයිට් එකක් කියුවට Forum එකක්. තව හුඟක් ජාති හදන්න තියෙයි. නම තමා "එක්වෙමු". මේක හදන්න මම හිතුවෙ එක එක්කෙනා ගාව තියන දැනුම වෙනත් අයත් එක්ක බෙදා හදා ගැනීම.


මේක ලඟදි හදපු නිසා තවම එච්චර කට්ටිය නෑ. ඔයාලත් Register වෙලා පුළුවන්නම් යාළුවන්ටත් කියන්න. ඔයාල දන්න ඕනම දෙයක් මේකෙ දාන්න. ඒ වගේම සමාජයේ විවිධ දෙවල් ගැන සාකච්ඡා  කරන්න. මම තව මේක දියුණු කරන්නත් හිතාගෙන ඉන්නවා. එහෙනම් යාළුවනේ මම පල්ලෙහයින් ලින්ක් එක දීල ඇති. ගිහිල්ලම බලන්නකෝ...........


කොහොමද??? ඔයාල Forum එක ගැන හිතන දේවල් කොමෙන්ට් එකකින් ලියන්න. නැතිනම් මට pasindujayanada@gmail.com හරහා මේල් කරන්න. හොඳ නරක් ඕන දෙයක් ලියන්න. ඔයාලගෙ අදහස් තමා මේක වෙනස් කරන්න ඕනි වෙන්නේ........





Friday, January 11, 2013

බ්ලොග්කරණය දෙවෙනි වසරටත්.

     ඔන්න අදට පසිඳුගේ අඩවියට අවුරුද්දක් සපිරෙනවා. මට හරිම සතුටු දවසක්. මම හිතන විදිහට අද මගෙ බ්ලොග් එක යම් ස්ථානයක තියනවා. ඒකෙ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕන 2012.01.11 ඉඳන් මගෙ බ්ලොග් එකත් එක්ක රැඳී හිටපු බ්ලොග් පාඨකයන්ට. බොහොම ස්තූතියි...!!!


බ්ලොග් එකේ තත්වෙ ගැන සාරාංශයක් දුන්නොත් මේ වෙනකොට මම ලිපි 96 ලියල තියනවා. කොමෙන්ට් 454 පලවී තියන්වා. කොමෙන්ට් වලින් මගෙ ලිපි වල හොඳ නරක පෙන්නා දී මාව ධෛර්යමත් කල හැමෝටමත් ස්තූතියි. කොහොම උනත් මේ වෙනකොට බ්ලොග් එකේ Page Views 57062 තියනවා. 

මේ බ්ලොග් එක අද මෙතනට ගේන්න මට බොහෝ අය උදව් කරා. විශේෂයෙන් Geek.lk අඩවියේ මිතුරන්  මතක් කල යුතුයි. පසුගිය මාස වල බ්ලොග් එකේ ලිපි එතරම් පලවුනේ නෑ. එකට හේතුව O/L විභාගය. තවම ඉවර නෑ; මේ අවුරුද්දේ තමා විභාගෙට මුහුණ දෙන්නේ. මොනව කරන්නත් ඒක කරන්න එපයි, ඒක හින්ඳා මේ ටිකෙත් බ්ලොග් එකට ලිපි එච්චරම වැටෙන්නේ නැති වෙයි. ඒත් මම අත හරින්නේ නෑ. පුළුවන් හැම වෙලාවෙම ලිපි දානවා. ඒක හින්ඳා මගෙත් එක්ක දිගටම රැඳිල ඉන්න කියල මතක් කරනවා...

Tuesday, January 8, 2013

Windows XP වේගවත් කරගමු.

      ඔන්න අලුත් අවුරුද්දේ දෙවෙනි ලිපිය දානවා. මේ ටිකේ ඔක්කොමලා Windows 7,8 වගේ මෙහෙයුම් පද්ධති පාවිච්චි කරත් සමහර කට්ටිය තවම පාවිච්චි කරන්නේ Windows XP. මම මීට කලින් ලියල තියෙයි Windows 7 ස්පීඩ් කරගන්න හැටි. අද බලමු Windows XP ස්පීඩ් කරගන්න හැටි.


එහෙනම් දෙවියන් සිහි කරල වැඩේට බහිමු. පල්ලෙහ පියවර ටික නියමෙට දාල තියෙයි.

01. මුලිනම් notepad ඒක ගන්න අරගෙන මේ ටික ටයිප් කරගන්න "delc:\windows\prefetch\ntosboot-*.* /q" ඒක දැන්  Save As ගිහිල්ලා " ntosboot.bat "කියන නමට Save කරගන්න 

02. දැන් start මෙනු එකට යන්න ගිහින් Run  Select කරගන්න ඊට පස්සේ මෙටික ටය්ප් කරගන්න "gpedit.msc".ඊට පස්සේ Run කරන්න 

Tuesday, January 1, 2013

ඔබ සැමට සුභ නව වසරක් වේවා...!


ලැබුවාවූ 2013 වර්ෂය ඔබ සැමටසාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!
 Happy New Year 2013!
புத்தாண்டு 2013!