ඔන්න මම පල්ලෙහ Link එක දීල ඇති.මේකේ ව්ශේෂත්වය තමා ඔය පරණ කාලේ වෙබ් සයිට් එකට ගිහිල්ල ඒකේ සාමාන්‍ය විදිහට වැඩ කරන්නත් පුළුවන් වීම.මරුම තමා ඈ.
Sunday, May 27, 2012
අපි ඔය නිතර යන Web Site වල ආදි කාලෙ තත්වෙ බලාගනිමුද?
සුභ දවසක් හැමෝටම...! ඔන්න මම අද ඔයාලට ගෙනාවා පොඩි ඉන්ටර්නෙට් වල තියන ගැජ මැටික් කෑල්ලක්.මොකක්ද දන්නවද?මේකෙන් පුළුවන් ඔය වෙබ් සයිට් වල ආදි කාලෙ තත්වෙ කොහොමද කියල බලාගන්න.ඇත්තටම ඔය සුපිරියට තියන වෙබ් සයිට් වල ආදි කාලෙ හැටි දැක්කහම මටනම් අනේ පිස්සු හැදෙනවා.ලැජ්ජාවේ බෑ අනේ.මොනව උනත් මරු වැඩේ.
Friday, May 25, 2012
YouTube එකේ Video එහෙම හිර වෙනවද? මෙන්න විසඳුම.
ආයුබෝවන් හැමෝටම.මම අද පොඩි සොෆ්ට් කෑල්ලක් ගෙනාවා.ඔය ඔයාල YouTube එකේ එහෙම Video බලනකොට ඒ Video හිර වෙනව නේ.අප්පේ එතකොට නම් මතක් වෙනවා හොඳ හොඳ රුවන් වැකි.ඇයි අප්පේ ඔච්චර අමාරුවෙන් හොයා ගන්න Video එකක් ආතල් එකේ බලන්න බැරිවෙනකොට කාටද මළ පයින්නේ නැත්තේ?? ඔය අවුල වැඩි හරියක් තියෙන්නේ ඩොන්ගල් වලින් නෙට් යන කට්ටියට. මොනව උනත් මේ සොෆ්ට් කෑල්ල දාගත්තට පස්සේ නම් ඔය අවුල් හුඟක් දුරට විසඳෙයි...
මේක ඔය YouTube එකේ Video වලට විතරක් නෙවෙයි.ඔය Facebook එකේ දාල තියන Video වගේම හුඟක් වෙබ් සයිට් වල Video කිසි අවුලක් නැතිව බලන්න පුලුවන්.
Tuesday, May 22, 2012
සුවිසල් විශ්වයේ සුවිසල් පුදුමය|කළු කුහර-Black Holes
ඔය කළු කුහර අපේ පියවි ඇහැට නම් පේන්නේ නෑ.මොකද දන්නවද ඕකේ තියන ගුරුත්වාකර්ෂණය ආලෝකයත් ඇදල ගන්නවා.මේකට ඇදලගන්න පදාර්ථ වල ස්කන්ධය හැකිලෙනවා.ඝනත්වය වේගයෙන් වැඩි වෙමින් සදහටම නොපෙනී යනවා.කළු කුහරවල තියන ගුරුත්වාකර්ෂනය කොච්චරද කියනවනම්
Tuesday, May 15, 2012
පට්ටම පට්ට English Font ටිකක්.දැන්ම බාගන්න.
කොහොමද යාළුවනේ..?මේ ටිකේ අලුත් ලිපියක් දාන්නත් බැරි උනා.හරි ඉතින් මොනව උනත් මම අද ඔයාලට ගෙනාව සුපිරිම English Font ටිකක්.මේකේ තියනව සුපිරිම සුපිරි English Font 46ක්..
ඔය ඔයාල එක එක Photo එහෙම Edit කරනකොට ලස්සනට Type කරන්න එහෙම ඕන වෙනව නේ.අන්න එහෙම වැඩ වලට මේ Font ටික ආය ඉතින් කියල වැඩක් නෑ.නියමෙටම ගැළපෙනව.තවත් එක එක වැඩ වලට පුළුවන්.මේ Font ටිකේ එක එක Style වල Font තියනව.
Monday, May 7, 2012
අනුන්ගේ CCTV-Camera වලින් අපි ලොව බලමු.
හැමෝටම සුභ දවසක්.! මෙන්න අද මම පොඩි අමුතු වැඩ කෑල්ලක් ගෙනාවා.මම මේ ලිපිය දාල නම් තියෙන්නේ "ඉන්ටර්නෙට් වැඩ කෑලි" කියන ලේබලයට. හැබැයි ඒක ගැලපෙයිද මන්දා.මේ ලිපියෙන් කියන්න හදන්නේ ඔය ලෝකෙ වටේම පාරවල්වල,උද්‍යානවල්වල,වැදගත් ස්ථාන වල,බීච් වල(හප්පටසිරි ) එහෙම හයි කරල තියන CCTV-Camera වල දර්ශන අපිට අපේ මැෂින් එක ඉස්සරහ වාඩි වෙලා බලන්න පුළුවන් ක්‍රමයක් ගැන.
මෙන්න ක්‍රමේ...
Sunday, May 6, 2012
Cheatbook Database 2011 (හොර කරල ගේම් ගහන අයට පමණයි)
කොහොමද කට්ටියටම.? ඔන්න මම අද සුපිරි සොෆ්ට් කෑල්ලක් ගෙනාව.මොකක්ද කියල දැනටමත් දන්නවනේ.ඔව් හිතුව හරි.මම අද ඔයාලට දෙන්නේ Cheat book Database 2011....
ගේම ගහන අයටනම් මේක අමුතුවෙන් හඳුන්වල දෙන්න ඕනි නෑ නේ.ඕන එකෙක් ඉතින් ගේම් ගහන නිසා මේක ගැන නොදන්න කෙනෙක් නැතුවත් ඇති.සම"හරක්" ඉතින් දන්නේ නැතිනම් අහගන්න.මේ සොෆ්ට් කෑල්ලේ තියෙන්නේ ගේම් වල කරන්න පුළුවන් හොර වැඩ(මරු නේ?).දැන මේ තියෙන්නේ 2011 Version එක නේ.ඒ හින්දා 2011 ට කලින් ආපු හුඟක් ගේම් මේකෙ තියනවා(හුඟක් කිවුවට ඔක්කොම වගේ තියනව. මොනව උනත් කට වරද්දගන්න හොඳ නෑ නේ.)හරි උදාහරණයක් විදිහට GTA Vice City ගේම එක ඕන පොඩි එකෙක් ගහල තියෙයි නේ.එකේ ඔය හෙල්ත් එක වැඩි කරගන්න,තුවක්කු එහෙම ගන්න,සල්ලි වැඩි කරගන්න වගේ ඒවට ඔය Password තියෙන්නේ ඒව එහෙම ඔක්කොම ඔය Cheatbook එකේ තියනව.Password විතරක් නෙවෙයි ඔය ෆයිල් වෙනස් කරල කරන හොර වැඩත් තියනව හරිද...
Saturday, May 5, 2012
Web Browser වලින් එන Error Message වලින් කියවෙන දෑ.
කට්ටියටම ආයුබෝවන්.මම අද කියන්න යන්නේ මොකක්ද කියල දන්නව ඇතිනේ.ඔව් ඔයාල හිතුව හරි.මම අද කියන්න යන්නේ ඔය ඔයාල ඉන්ටෙර්නෙට් යනකොට Web Browser එකෙන් එන එක එක Error Message වල තේරුම මොකක්ද කියන එක...
මම මේ කරුණු ටික හොයාගත්තේ විජය පරිගණක සඟරාවෙන්.හරි අපි වැඩේට බහිමුකෝ.ඔය එන Error Message වල එක එක අංක තියනව නේ.අංක 4න් පටන්ගන්න Error Message එකක් ආවොත් ඒකෙන් කියවෙන්නේ වැරදි විදිහට Web Browser එක පාවිච්චි කරල කියන එකයි.අංක 5න් පටන්ගන්න Error Message එකක් ආවොත් ඒ කියන්නේ ඉන්ටර්නෙට් සර්විස් එක දෙන සර්වර් වල අවුලක්.මොනව උනත් ඔය පල්ලෙහ තියෙන්නේ ඕව ගැන තව ටිකක් විස්තර ඇතිව.
Tuesday, May 1, 2012
DNS Changer වයිරසයෙන් ඔබගේ පරිගණකය ආසාදිතදැයි බලමු.
ආයුබෝවන්..!මේ දවස් ටිකේ අන්තර්ජාලේ රැව් පිළිරැව් දෙන මාතෘකාවක් තමා ඔය DNS Changer ද මොකක්ද කියල වයිරස් එකක් පැතිරෙනව කියල.අනේ මම ඔය ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නෑ.ඒත් එහෙම වයිරස් එකක් අන්තර්ජාලයේ පැතිරෙනව කියල FBI ආයතනයත් සනාථ කරල තියනවා...
ඉතින් අද නම් මම ආවේ ඔය එක එක වැඩක් නැති වයිරස් ගැන කියවන්න නෙවෙයි.ඔය DNS Changer වයිරස් එක ඔයාගේ කොම් එකට ඇවිල්ලද කියල දැන ගන්න හැටි තමයි මම අද කියල දෙන්න හදන්නේ.මොකද ඉතින් ඔය අපි ඉන්ටර්නෙට් එකේ වෙබ් සයිට් වලට යන යැවිල්ලට මොනවා එනව කියල අපිවත් දන්නව යැ.ඔය DNS Changer මඟුලෙන් වෙන්නේ DNS එක වෙනස් කරන එකලු.ඒක බලන්න හරි ලේසි.ඔය පල්ලෙහ දීල තියන ලින්ක් එකට යන්නකෝ...ගියාට පස්සේ ඔය මම ලින්ක් එකටත් පල්ලෙහ දීල තියන විදිහට කොළ පාටට පෙනුනොත් ආය කිසි අවුලක් නෑ.