ආයුබෝවන් කට්ටියටම.... ඔන්න මම ඔයාලට වින්ඩෝස් එක්ස්පී වල පොඩි වැඩ කෑල්ලක් ගෙනාවා. ඔය මොන අලුත් අලුත් මෙහෙයුම් පද්ධති ආවත් තාම සමහර කට්ටිය වින්ඩෝස් එක්ස්පී තමා ඉතින් පාවිච්චි කරන්නේ. මොනව කරන්නද ඒක ඉතින් ඒගොල්ලොන්ගේ තේරීම නේ. මොනව උනත් මම එක්ස්පී පාවිචිචි කරන යාළුවන්ට පොඩි ප්‍රයෝජනවත් දෙයක් මම අද කියල දෙනවා....මෙන්න ඉතින් වැඩේ... ඔයාල දන්නවනෙ ඔයාල එක්ස්පී වල එක එක වැඩ දානවා නේ ඔය බූට් වෙන වේගය වැඩි කරගන්න.ඔය එක එක ජංජාල වැඩ දාන්න ගිහිල්ලා අපිටමනේ බූට් එක හම්බවෙන්නේ.හික්ස්ස්ස්ස්....... අන්න එහෙම බූට් සෙට් නොවෙන බූට් ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන කියල දෙන්නයි මම අවේ....මේ ක්‍රමයෙන් වෙන්නේ වින්ඩෝස් ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක නැති වෙන එක...
Friday, March 23, 2012
Windows XP බූට් ස්පීඩ් එක වැඩි කර ගනිමු.
1:00 PM
Films, PC Tricks, Tips and Tricks, TV Series, දැන ගන්න කියවන්න., පරිගණක වැඩ කෑලි.
2 comments
මුලින්ම Start >> Run ගිහින් ඒ ඩයලොග් බොක්ස් එක ඇතුලේ
msconfig කියල ටයිප් කරන්න.දැන් OK බට්න් එක ක්ලික් කරන්න.එතකොට System Configuration Utility කියල පල්ලෙහ තියෙන රූපෙ වගේ ඩයලොග් බොක්ස් එකක් ඕපන් වෙයි.ඒකෙ සාමාන්‍යයෙන් තේරිල තියෙන්නෙ කියන General ටැබ් එක. දැන් ඉතින් බූට් වන ලොගෝ එක අයින් කරන්න Boot.INI කියන ටැබ් එකට යන්න.
එහි Boot Option යටතේ ඇති /NOGUIBOOT කියන එකට හරි ළකුනක් දාන්න.දැන් මේ ඩයලොග් බොක්ස් එක Apply කරල OK කරන්න.ඊට පස්සේ System Configuration බොක්ස් එක ඕපන් වෙයි.ඊට පස්සේ ඔයාගෙ කොම් එක Restart කරන්න ඕනි. නැත්නම් ඔයාල ඔය කරපු වෙනස්කම් ඔක්කොම ඩිෆෝල්ට් වෙනවා.Restart කරන්න Restart බට්න් එක ක්ලික් කරන්න. නැතිනම් Exit Without Restart ක්ලික් කරන්න. එහෙම කරොත් ඔක්කොම Settings ටික Default වෙනවා.
දැන් ඉතින් කරා කියල කියන්නකෝ... අම්මා.. දැන් අර වින්ඩෝස් ලොගෝ එකත් එක්ක එන ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක එන්නෙ නෑ නේ??? වැඩේ ගොඩ නේ. දැන් කොම් එක බූට් වෙන ස්පීඩ් එක වැඩි නේ..
එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...
Subscribe to:
Post Comments (Atom)
Computer එකේ Speed වැඩි කරගන්න පුලුවන් මේ මෘදුකාංගයෙනුත් මමත් මේක use කරනවා. http://www.auslogics.com/go/regdefrag/en ඔයාගේ ලිපියත් එල ස්තුතිය
ReplyDeleteXP තාම පාවිච්චි කරනවද.....
ReplyDelete