JustCrowd.net
Showing posts with label නව නිපැයුම්.. Show all posts
Showing posts with label නව නිපැයුම්.. Show all posts

Friday, August 10, 2012

Call of Duty-Black Ops 2 පරිගණක ක්‍රීඩාව ආශ්‍රයෙන් පෙන්ටගනය රොබෝ අවි සෑදීමට යයි

            මෙන්න කට්ටියට මම නියම ප්‍රවෘත්තියක් ගෙනාවා. ඔයාල පරිගණක ක්‍රිඩා කරන්න කැමතියි නම් අනිවාර්යෙන් Call of Duty පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කරල ඇති.මේක නිශ්පාදනය කරන්නේ ට්‍රෙයාක් කියන සමාගම. බෙදාහරින්නේ ලෝක ප්‍රසිද්ධ ඇක්ටිවිෂන් සමාගම. ඇත්තටම මේක ක්‍රීඩා මාලාවක්. එක ක්‍රීඩාවක් අනිත් එකට සම්බන්දයි. ඉතින් මේ පරිගණක ක්‍රීඩාවේ අලුත්ම සංස්කරණය තමා Call of Duty-Black Ops 2. මේක 9 වැනි සංස්කරණය. ඒත් තවම ඒක පිට කරල නෑ. එන්නේ 2012 නොවැම්බර් 13 කියලයි කියන්නේ. කොහොම උනත් මමත් නොඉවසිල්ලෙන් ඉන්නේ. ඔය Youtube එකේ එහෙමනම් Video තියනවා. මාර පහර වගේ. කොහොම උනත් මෙකෙ පහර කම කොච්චරද කියනවනම් පෙන්ටගනය මේ ගේම ගැන විශේෂ අවධානයක් යොමු කරල.


         මුලින්ම ගේම් එක ගැන කතා කරල ඉම්මුකෝ. මේකේ පසුබිම් වර්ෂය වෙන්නේ 2025. මේ කාලයේ ඇමරිකාවත් චීනයත් අතර දේශපාලන අර්බුදයක් පටන් ඇරන් තියෙන්නේ. කාරණේ තමා චීනය ඔය දුර්ලභ මූලද්‍රව්‍ය කිහිපයක සැපයුම සීමා කිරීම. ඔය අතරේ රාවුල් මෙනෙන්ඩෙස් කියන ත්‍රස්තවාදී නායකයා ඔය රටවල් දෙක අතර යුද්ධයක් ඇරඹීමට උත්සහ දරයි.

Wednesday, January 18, 2012




Microsoft සමාගමේ ජංගම දුරකථන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන “Mango” මෙහෙයුම් පද්ධතිය සහිත මුල්ම ජංගම දුරකථනය පසුගිය දා ටෝකියෝ නගරයේදී එලි දක්වා තිබේ.
Windows Phone 7 සංස්කරනයට පසුව ප්‍රකාශයට පත්කල මෙම මෙහෙයුම් පද්ධතිය Windows Phone 7.5 ලෙසද හැඳින්වෙයි. මෙම නවතම සංස්කරණයට 500ක් පමණ වැඩි දියුණුකිරීම් ඇතුලත් බව නිෂ්පාදකයින් පවසයි. දැනට ජපානයේදී පමණක් මෙම දුරකථනය මිලදී ගත හැකි වුවත් නුදුරේදීම ලොව පුරා බෙදාහැරීමට නියමිතය.
ජපන් පාරිභෝගිකයින් සඳහා නිකුත් කර ඇති මෙම IS12T ජංගම දුරකථනය අඟල් 3.7 ක ස්පර්ශ සංවේදී තිරයකින් ද, 13.2 megapixel කැමරාවකින් ද සමන්විත මෙම දුරකථනය ජලයට ප්‍රතිරෝධි ලෙස නිපදවා ඇත

Saturday, January 14, 2012

හොන්ඩා සමාගමේ නවතම මානව රූපී රොබෝව. ඇසිමෝ.

             අපේ සිරුරේ හැඩය අනුකරණය කරමින් තනනු ලබන රොබෝ යන්ත්‍රවලට කියන්නේ මානව රූපී රොබෝ කියාය.ජපානයේ හොන්ඩා 
මෝටර්ස් සමාගම ලොව ප්‍රකටම මානව රොබෝව තැනූ සමාගමයි.වසර 2000 දී එළි දැක්වූ ඇසිමෝ රොබෝව එසේ ලොව ප්‍රකට වූ 
රොබෝවයි.
                      ඒ කාලයේ ගගනගාමී ඇදුමක් හැද සිටින්නෙක් සේ බැලූ බැල්මට පෙනුණු ඇසිමෝ රොබෝවට කළ හැකි වැඩ කටයුතු සීමා සහිත වුණි.
එය හුදෙක් සරල රෝබෝවක් පමණක් විය.එහෙත් ඉන් ඔබ්බට යමින් නවතම ඇසිමෝ පරම්පරාවේ රොබෝවක් දැන් හොන්ඩා 
සමාගම විසින් නිපදවා තිබේ. 
නොවැම්බර් 8 වැනිදා ජපානයේ ටෝකියෝ නුවර අසල පිහිටි හොන්ඩා සමාගමේ පර්යේෂණාගාරයකදී ප්‍රදර්ශණය කෙරුණු නවතම 
ඇසිමෝ පෙනුම අතින්"ළමයෙකු"මෙනි.එය හුදෙක් සරල රෝබෝවක් නොවේ.වැඩ ගොඩක් කළ හැක්කකි.
අලුත් ඇසිමෝට තමා ලග සිටින 3 දෙනෙකු කතා කරන දේවල් වෙන් වෙන් වශයෙන් තේරුම් ගන්නට පුලුවන.ඒ කියන දේවල්වලට 
උත්තර දෙන්නට සහ ඒ අනුව වැඩ කරන්නට පුලුවන.ඇසිමෝගේ ඇගිලි  හුරුබුහුටි ලෙස හැසිරවිය හැක්කේය.බෝතලයකින් , 
වීදුරුවකට වතුර වක්කරන්නට තරම් මේ අත් සියුමැලිය.
අපගේ අත නමන්නාක් මෙන් උරහිසෙන්ද,වැලමිටෙන්ද,මැණික් කටුවෙන්ද අත නවන්නට ඇසිමෝට පුලුවන.අතේ ඇගිලි පුරුක්වලින් 
නවන්නටත් පුලුවන.පාදයත් එසේමයි.උකලෙන්ද,දණහිසෙන්ද,වළලුකරන්ද එය නවන්නට පුලුවන.මේ නිසා ඇසිමෝට සමතලා 
නැති බිමකත් ඇවිදින්නට පුලුවන.උඩ පනින්නට-දිව යන්නට-එක කකුලෙන් සිට ගන්නට ඇසිමෝ දක්ෂය.
ඇසිමෝගේ මේ දක්ෂකම් ප්‍රයෝජනයට ගත හැකි අවස්ථා ගැන,හොන්ඩා සමාගමේ සභාපති ටකනෝබු ඉටෝ,කතා කොට තිබුණි. 
පසුගිය මාර්තු මාසයේ සුනාමි රළ වැදී විනාශ වූ ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය පවිත්‍ර කිරීමේ කටයුතුවලට රොබෝ යන්ත්‍ර යොදා 
ගැනිණ.එහීදී භාවිත කළ රොබෝ අත ,ඇසිමෝගේ රොබෝ අතේ තාක්ෂණය අනුව තැනූවකි.බලාගාරය තුළට ගොස් එහි ඇති විවිධ 
නලවල කරාම අරින්නටත්,වසන්නටත් එම රොබෝ අත සමත් වුණි.
විනාශ වූ න්‍යෂ්ටික බලාගාර වෙතට රොබෝ යාමේදී මුහුණ දුන් අර්බුදයක් වූයේ රලු-පරලු සුන්බුන් අතරින් යන්ත්‍රය ගමන් කරවීමයි.
බොහෝ රොබෝ පෙරැළිණි.එහෙත් අවසානයේදී ඒ සුන්බුන් අතරින් ගමන් කරන්නට විශේෂ රොබෝ පාදයක් යොදා ගැනිණි.එහිදීද 
භාවිත කළේ ඇසිමෝගේ තාක්ෂණයයි.

මානවරූපී රොබෝවලට එරෙහිව තිබෙන ලොකුම විවේචනය;ඒවා මිනිසාට වැඩ කළ හැක යන්ත්‍ර වර්ගයකට වඩා 'සෝබනය'පමණක් 
ඇති යන්ත්‍ර බවයි.එහෙත් නව ඇසිමෝ එසේ නොව,මිනිසාට ප්‍රයෝජනවත් වෙන සේ වැඩි දියුණු කරන ලද්දක් බව,හොන්ඩා සමාගම 
පුන-පුනා කියයි.