JustCrowd.net
Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

Friday, January 18, 2013

දැනුම බදාගන්න නොව බෙදාගන්න | Ekwemu.com

   ආයුබෝවන් හැමෝටම. අද පොඩි දෙයක් ගැන කියන්නයි ආවෙ. මම හදපු සයිට් එකක් ගැන. සයිට් එකක් කියුවට Forum එකක්. තව හුඟක් ජාති හදන්න තියෙයි. නම තමා "එක්වෙමු". මේක හදන්න මම හිතුවෙ එක එක්කෙනා ගාව තියන දැනුම වෙනත් අයත් එක්ක බෙදා හදා ගැනීම.


මේක ලඟදි හදපු නිසා තවම එච්චර කට්ටිය නෑ. ඔයාලත් Register වෙලා පුළුවන්නම් යාළුවන්ටත් කියන්න. ඔයාල දන්න ඕනම දෙයක් මේකෙ දාන්න. ඒ වගේම සමාජයේ විවිධ දෙවල් ගැන සාකච්ඡා  කරන්න. මම තව මේක දියුණු කරන්නත් හිතාගෙන ඉන්නවා. එහෙනම් යාළුවනේ මම පල්ලෙහයින් ලින්ක් එක දීල ඇති. ගිහිල්ලම බලන්නකෝ...........


කොහොමද??? ඔයාල Forum එක ගැන හිතන දේවල් කොමෙන්ට් එකකින් ලියන්න. නැතිනම් මට pasindujayanada@gmail.com හරහා මේල් කරන්න. හොඳ නරක් ඕන දෙයක් ලියන්න. ඔයාලගෙ අදහස් තමා මේක වෙනස් කරන්න ඕනි වෙන්නේ........





Tuesday, November 13, 2012

2011 වසරේ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට

       අද පොඩි අමුතු දෙයක් ගැන කියන්න හිතුනා. කට්ටියම චිත්‍රපටි බලන්න කැමති ඇති නේ. එහෙනම් අපි අද බලමු 2011 වසරේ වැඩිම අදායමක් ඉපයූ Film 5 මොනවද සහ ඒ ගැන පොඩි විස්තර ටිකක්.

Harry Potter and the Deathly Hallows – Part 2



මේකට ගහන්න නම් කට්ටිය නෑ කියල හුඟක් කට්ටිය දන්නව ඇති. මේක තමා මුළු Harry Potter කථා මාලාවේම අවසානය. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන David Yates. මේක පාදක වෙලා තියෙන්නේ J. K. Rowling විසින් ලියපු Harry Potter කියන පොත් මාලාවයි. මේ කතාවෙ සුපුරුදු පරිදි Harry Potter ලෙස Daniel Radcliffe, Hermione Granger ලෙස Emma Watson සහ Ron Weasley ලෙස Rupert Grint රඟපානව.

Daniel Radcliffe, Emma Watson, Rupert Grint

Sunday, October 14, 2012

පෘථිවියට ආසන්නයෙන් දියමන්ති ලෝකයක් සොයා ගැනේ.

       මෙන්න අද මම පොඩි News එකක් ගෙනාවා අභ්‍යවකාශය ගැන. මේ ගැන සමහර කට්ටියනම් දන්නවත් ඇති. ඕන් විද්‍යාඥයින් කට්ටියක් දියමන්ති ලෝකයක් හොයාගෙනලු.


මේක තියෙන්නේ පෘථිවියේ ඉදන් වැඩි ඈතක නෙවෙයි. ආලෝක වර්ෂ 40ක් ඈත:p විද්‍යාඥයින් කියන විදිහට මේක දියමන්තියක් වගේම බබළනවලු. ඒ නිසා මේකෙ මතුපිට පුරාම දියමන්ති විසිරී තිබෙන බවයි දැනගන්න ලැබෙන්නේ....

           මේ ග්‍රහලෝකය Cancri 55 e කියල තමයි නම් කරලා තියෙන්නේ. මේකෙ විශාලත්වය පෘථිවිය වගේ දෙගුණයක් වගේම ස්කන්ධය අට ගුණයක්.

Thursday, September 27, 2012

සුභ උපන්දිනයක් Google.

         මේ තමයි Google වල 14 වැනි උපන් දිනය. මේ කාලෙ ඔය පොඩි එකා පවා දන්නවා Google ගැන. මේක මුලින්ම පටන් ගත්තේ Search engine එකක් විදිහට. දැනුත් ඉතින් ප්‍රධානවම එහෙම තමා. ඒ කාලෙ මේක එච්චර ප්‍රසිද්ධ වෙලා නෑ. ඒත් දැන් ඉතින් තරම හැමෝම දන්නව නේ? මුළු ලෝකෙම අන්තර්ජාලෙ යන අයගෙන් Google වලින් ප්‍රයෝජනයක් ගන්නේ නැති කෙනෙක් හිටියොත් ඒක ලෝක පුදුමයක්. නැත්තම් ඉතින් වෙබ් බ්‍රව්සර් එක ඕපන් කරල ඒක දිහා නිකන් බලන් ඉන්න එකෙක් වෙන්න ඕනේ....:))


මේකෙ විස්තර ටිකක් මුලින්ම අපි සැකෙවින් බලමුකෝ...

Monday, September 24, 2012

ලොව සරාගීම හැකර්වරිය

       මෙන්න අද කට්ටිය මාතෘකාව දැක්කහම හිතන්න ඇති පසියට මොකද වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මම මේකෙ දාන්නේ තාක්ෂණික ලිපි නේ. අවුලක් නෑ. මේකත් එක්තරා විදිහක තාක්ෂනය සම්බන්ධ ලිපියක් වගේ තමා. අනේ මන්දා අප්පා. දැනුම සොයා යන අපේ යාළුවන් නම් කැමති වේවි මේ වගේ අය ගැන දැනගන්න.


මේ තොරතුරු මම හොයාගත්තේ Wikipedia වලින්. ඔය නිකන් ඉන්න ගමන් ඔයාලත් යන්න. පට්ට ඒව තියෙන්නේ. මෙන්න මම අර කියුව එක්කනාගෙ විස්තර. ඒ අතර මම එයාගෙ පහර ෆොටෝ ටිකකුත් දාන්නන්කෝ. මාර ලස්සනයි ඈ.....

Tuesday, August 14, 2012

පසිඳුගේ අඩවියෙන් දැන් ඔබට Facebook සින්ඩිකේටරයක්

    හැමෝටම ආයුබෝවන්. ඔන්න මේ බ්ලොග් එකෙන් ඔයාලට පොඩි සේවාවක් දෙන්නයි අද මම යන්නේ. ඕන් කොහොම හරි Facebook එකෙන් සින්ඩියක් හදන හැටි හොයාගත්තා. ඒ ක්‍රමේට ඔන්න මමත් පොඩි සින්ඩියක් හැදුවා. ඒකට ඔයාලගෙ බ්ලොග් එකත් දාන්න පුළුවන්. කරන්න තියෙන්නේ පොඩි දෙයක්. ඔය පල්ලෙහ තියෙන්නේ ක්‍රමේ...


       මුලින්ම අපේ Contact Us කියන පේජ් එකට යන්න. පස්සේ ඒකෙ තියන Form එක අධාරයෙන් මට ඔයාලගෙ බ්ලොග් එකේ හෝ වෙබ් අඩවියේ නමයි, ඇඩ්‍රස් එකයි, RSS Feed එකයි මට එවන්න ( Name කියන තැන ඔයාලගෙ නම, E-mail කියන තැන ඔයාලගෙ E-mail එක, Message කියන තැන ඔය මම කියපු විස්තරයි සඳහන් කරන්න ) සින්ඩියට දාපුවහම මම ඔයාලට ඊ මේල් එකක් එවන්නම්.

Friday, August 10, 2012

Call of Duty-Black Ops 2 පරිගණක ක්‍රීඩාව ආශ්‍රයෙන් පෙන්ටගනය රොබෝ අවි සෑදීමට යයි

            මෙන්න කට්ටියට මම නියම ප්‍රවෘත්තියක් ගෙනාවා. ඔයාල පරිගණක ක්‍රිඩා කරන්න කැමතියි නම් අනිවාර්යෙන් Call of Duty පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කරල ඇති.මේක නිශ්පාදනය කරන්නේ ට්‍රෙයාක් කියන සමාගම. බෙදාහරින්නේ ලෝක ප්‍රසිද්ධ ඇක්ටිවිෂන් සමාගම. ඇත්තටම මේක ක්‍රීඩා මාලාවක්. එක ක්‍රීඩාවක් අනිත් එකට සම්බන්දයි. ඉතින් මේ පරිගණක ක්‍රීඩාවේ අලුත්ම සංස්කරණය තමා Call of Duty-Black Ops 2. මේක 9 වැනි සංස්කරණය. ඒත් තවම ඒක පිට කරල නෑ. එන්නේ 2012 නොවැම්බර් 13 කියලයි කියන්නේ. කොහොම උනත් මමත් නොඉවසිල්ලෙන් ඉන්නේ. ඔය Youtube එකේ එහෙමනම් Video තියනවා. මාර පහර වගේ. කොහොම උනත් මෙකෙ පහර කම කොච්චරද කියනවනම් පෙන්ටගනය මේ ගේම ගැන විශේෂ අවධානයක් යොමු කරල.


         මුලින්ම ගේම් එක ගැන කතා කරල ඉම්මුකෝ. මේකේ පසුබිම් වර්ෂය වෙන්නේ 2025. මේ කාලයේ ඇමරිකාවත් චීනයත් අතර දේශපාලන අර්බුදයක් පටන් ඇරන් තියෙන්නේ. කාරණේ තමා චීනය ඔය දුර්ලභ මූලද්‍රව්‍ය කිහිපයක සැපයුම සීමා කිරීම. ඔය අතරේ රාවුල් මෙනෙන්ඩෙස් කියන ත්‍රස්තවාදී නායකයා ඔය රටවල් දෙක අතර යුද්ධයක් ඇරඹීමට උත්සහ දරයි.

Tuesday, July 31, 2012

පසිඳුගේ අඩවියෙහි වෙනසක්.

        ආයුබෝවන් හැමෝටම...අපොයි සතියකින් විතර බ්ලොග් එක පැත්තේ ආවේ...Mother board එකට කෙළ උනානේ.ඕන් අප්පච්චිට වැඳල වැඳල දාගත්තා.ඊට කලින් බ්ලොග් එකේ පොඩි වෙනසකුත් උනා.මොකක්ද කියල සමහර කට්ටිය දන්නවත් ඇති.ඒ තමා මට පොඩි තරඟෙකින් .info එකක් හම්බ උනා.


තරඟේ පැවැත්වූයේ geek.lk එකෙන්.මම 3 වැනියට තේරුනා.

Monday, June 11, 2012

මට සුභ උපන්දිනයක් වේවා !

         හැමෝටම සුභ දවසක් කියල ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා... මේ ලිපිය ලියන්නේ මොකද කියල දන්නවනේ....ඔව්.මට අද හරි සතුටු දවසක්.අද 2012 ජූනි 11.මම ඉපදුනේ 1997 ජූනි 11.මම අද මේ සමරන්නේ මම මේ බ්ලොග් එක ලියල සමරන පලවෙනි උපන් දිනේ.අදට මට අවුරුදු 15 යි(අප්පච්චි නම් කියන්නේ ලොකු කොල්ලෙක් කියල,අනේ මන්දා).කොහොම උනත් 2012 ජනවාරි වල පටන් ගත්ත මේ බ්ලොග් එක අද තියන තැන දැක්කහම බොක්කෙන්ම කඳුලු එනව.
                                                                                 :((


      මම මේ ලිපිය ලියනකොට මගේ බ්ලොග් එකට ඇවිල්ල තියනව 18155.සමහර ලොකු බ්ලොග් කරුවන්ට නම් මේක එච්චර ගාණක් නොවෙන්න පුළුවන්.ඒත් මේම මට ලොකු හයියක්.මේ වෙනකොට ෆලෝවර්ස්ල ඉන්නව 24ක්.මේ ලිපිය ලියනකොට මම මුලු දාල තියන මුලු පෝස්ට් ගාණ හරියටම

Monday, February 20, 2012

වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කිරීමට පෙර දැනගත යුතු දේ.

හලෝකට්ටියට කොහොමද?අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ වින්ඩෝස් 7 දාගන්න කලින් ඔයාලදැනගන්න ඕන කරුනු කිහිපයක් ගැනයි.දැන් ඔයාල හිතනව ඇති මේක දාන්න තිබ්බේ මීට කලින් කියල.ඔව් ඒක ඇත්ත දැන් වින්ඩෝස් 8එන්නත් ලගයිනේ.කොහොම උනත් මේ ලිපිය අනිත් වින්ඩෝස්  මෙහෙයුම් පද්ධති වලටත් ගැලපෙනවා හොදේ.

Sunday, February 12, 2012

අලුත් උබුන්ටු සංස්කරණයේ තතු.


උබුනටු මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය Ubuntu 11.10 Oneiric Ocelot ඔක්තෝබර් 13වැනිදානිකුත් කළේය.15 වැනි උබුන්ටු සංස්කරණය‍ වෙන මෙය www.ubuntu.com/ubuntu වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නට පුලුවන.මෙම උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සකසා ඇත්තේඅලුත්ම ලිනක්ස් 3.0 කර්නලය පාදක කොට ගෙනය.අලුත් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සතුව විශේෂතා ගණනාවක් තිබේ.

Wednesday, January 18, 2012




Microsoft සමාගමේ ජංගම දුරකථන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන “Mango” මෙහෙයුම් පද්ධතිය සහිත මුල්ම ජංගම දුරකථනය පසුගිය දා ටෝකියෝ නගරයේදී එලි දක්වා තිබේ.
Windows Phone 7 සංස්කරනයට පසුව ප්‍රකාශයට පත්කල මෙම මෙහෙයුම් පද්ධතිය Windows Phone 7.5 ලෙසද හැඳින්වෙයි. මෙම නවතම සංස්කරණයට 500ක් පමණ වැඩි දියුණුකිරීම් ඇතුලත් බව නිෂ්පාදකයින් පවසයි. දැනට ජපානයේදී පමණක් මෙම දුරකථනය මිලදී ගත හැකි වුවත් නුදුරේදීම ලොව පුරා බෙදාහැරීමට නියමිතය.
ජපන් පාරිභෝගිකයින් සඳහා නිකුත් කර ඇති මෙම IS12T ජංගම දුරකථනය අඟල් 3.7 ක ස්පර්ශ සංවේදී තිරයකින් ද, 13.2 megapixel කැමරාවකින් ද සමන්විත මෙම දුරකථනය ජලයට ප්‍රතිරෝධි ලෙස නිපදවා ඇත

Saturday, January 14, 2012

හොන්ඩා සමාගමේ නවතම මානව රූපී රොබෝව. ඇසිමෝ.

             අපේ සිරුරේ හැඩය අනුකරණය කරමින් තනනු ලබන රොබෝ යන්ත්‍රවලට කියන්නේ මානව රූපී රොබෝ කියාය.ජපානයේ හොන්ඩා 
මෝටර්ස් සමාගම ලොව ප්‍රකටම මානව රොබෝව තැනූ සමාගමයි.වසර 2000 දී එළි දැක්වූ ඇසිමෝ රොබෝව එසේ ලොව ප්‍රකට වූ 
රොබෝවයි.
                      ඒ කාලයේ ගගනගාමී ඇදුමක් හැද සිටින්නෙක් සේ බැලූ බැල්මට පෙනුණු ඇසිමෝ රොබෝවට කළ හැකි වැඩ කටයුතු සීමා සහිත වුණි.
එය හුදෙක් සරල රෝබෝවක් පමණක් විය.එහෙත් ඉන් ඔබ්බට යමින් නවතම ඇසිමෝ පරම්පරාවේ රොබෝවක් දැන් හොන්ඩා 
සමාගම විසින් නිපදවා තිබේ. 
නොවැම්බර් 8 වැනිදා ජපානයේ ටෝකියෝ නුවර අසල පිහිටි හොන්ඩා සමාගමේ පර්යේෂණාගාරයකදී ප්‍රදර්ශණය කෙරුණු නවතම 
ඇසිමෝ පෙනුම අතින්"ළමයෙකු"මෙනි.එය හුදෙක් සරල රෝබෝවක් නොවේ.වැඩ ගොඩක් කළ හැක්කකි.
අලුත් ඇසිමෝට තමා ලග සිටින 3 දෙනෙකු කතා කරන දේවල් වෙන් වෙන් වශයෙන් තේරුම් ගන්නට පුලුවන.ඒ කියන දේවල්වලට 
උත්තර දෙන්නට සහ ඒ අනුව වැඩ කරන්නට පුලුවන.ඇසිමෝගේ ඇගිලි  හුරුබුහුටි ලෙස හැසිරවිය හැක්කේය.බෝතලයකින් , 
වීදුරුවකට වතුර වක්කරන්නට තරම් මේ අත් සියුමැලිය.
අපගේ අත නමන්නාක් මෙන් උරහිසෙන්ද,වැලමිටෙන්ද,මැණික් කටුවෙන්ද අත නවන්නට ඇසිමෝට පුලුවන.අතේ ඇගිලි පුරුක්වලින් 
නවන්නටත් පුලුවන.පාදයත් එසේමයි.උකලෙන්ද,දණහිසෙන්ද,වළලුකරන්ද එය නවන්නට පුලුවන.මේ නිසා ඇසිමෝට සමතලා 
නැති බිමකත් ඇවිදින්නට පුලුවන.උඩ පනින්නට-දිව යන්නට-එක කකුලෙන් සිට ගන්නට ඇසිමෝ දක්ෂය.
ඇසිමෝගේ මේ දක්ෂකම් ප්‍රයෝජනයට ගත හැකි අවස්ථා ගැන,හොන්ඩා සමාගමේ සභාපති ටකනෝබු ඉටෝ,කතා කොට තිබුණි. 
පසුගිය මාර්තු මාසයේ සුනාමි රළ වැදී විනාශ වූ ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය පවිත්‍ර කිරීමේ කටයුතුවලට රොබෝ යන්ත්‍ර යොදා 
ගැනිණ.එහීදී භාවිත කළ රොබෝ අත ,ඇසිමෝගේ රොබෝ අතේ තාක්ෂණය අනුව තැනූවකි.බලාගාරය තුළට ගොස් එහි ඇති විවිධ 
නලවල කරාම අරින්නටත්,වසන්නටත් එම රොබෝ අත සමත් වුණි.
විනාශ වූ න්‍යෂ්ටික බලාගාර වෙතට රොබෝ යාමේදී මුහුණ දුන් අර්බුදයක් වූයේ රලු-පරලු සුන්බුන් අතරින් යන්ත්‍රය ගමන් කරවීමයි.
බොහෝ රොබෝ පෙරැළිණි.එහෙත් අවසානයේදී ඒ සුන්බුන් අතරින් ගමන් කරන්නට විශේෂ රොබෝ පාදයක් යොදා ගැනිණි.එහිදීද 
භාවිත කළේ ඇසිමෝගේ තාක්ෂණයයි.

මානවරූපී රොබෝවලට එරෙහිව තිබෙන ලොකුම විවේචනය;ඒවා මිනිසාට වැඩ කළ හැක යන්ත්‍ර වර්ගයකට වඩා 'සෝබනය'පමණක් 
ඇති යන්ත්‍ර බවයි.එහෙත් නව ඇසිමෝ එසේ නොව,මිනිසාට ප්‍රයෝජනවත් වෙන සේ වැඩි දියුණු කරන ලද්දක් බව,හොන්ඩා සමාගම 
පුන-පුනා කියයි.