JustCrowd.net
Showing posts with label Internet Tricks. Show all posts
Showing posts with label Internet Tricks. Show all posts

Thursday, July 11, 2013

අඩු ඩේටා ප්‍රමාණයක් වැය වෙන ලෙස බ්ලොග් පෝස්ට් බලමු.

  අම්මෝ.. හත් අවුරුද්දකින් විතර ලිපියක් ලියන්නේ. දැන් නම් බ්ලොග් එකේ තත්වෙත් බැහැලා. කට්ටිය එච්චර එන්නෙත් නැති තරම්. මේ ටිකේ මගෙ පියාණෝ මැෂින් එක ඇල්ලීම පවා සපුරා තහනම් කරලා. O/L මේ අවුරුද්දනේ. ඔය හොරෙන් දැම්මොත් තමා. ඉතින් එහෙම අවස්ථාවක් එන්නෙත් කලාතුරකින්. එහෙම කලාතුරකින් ආපු වෙලාවක මේ ලිපිය දාන්න හිතුවා.


මේක පොඩි වැඩක්, එච්චර දෙයක් නෑ. හුඟක් කට්ටිය දන්නවත් ඇති. පාවිච්චි කරනවත් ඇති. මේක හුඟක් ප්‍රයෝජනවත් වෙයි ඔය ඩොන්ගල් වලින් නෙට් ගිහින් බ්ලොග් ලිපි කියවන අයට. මොකද ඩොන්ගල් වලින් යනකොට සාපේක්ෂව ඉන්ටර්නෙට් ස්ලෝ. අනික මම කියන විදිහට බ්ලොග් ලිපි බැලුවොත් Data එච්චර යන්නෙත් නෑ. මාත් ඔය හුඟක් වෙලාවට බලන්නේ ඔහොම තමා. මෙන්න කරන ක්‍රමය. හරිම ලේසි.

Tuesday, November 27, 2012

ඔබගේ මුරපද හැක් වීමට ගතවන කාලය බලාගමු.

         සාමාන්‍යයෙන් පුද්ගලයෙක් අන්තර්ජාලය බාවිතා කරනකොට අනිවාර්යෙන් පාවිච්චි කරන දෙයක් තමා Password නැතිනම් මුරපද. මේව සමහර විට කිහිපයක් හෝ සෑම ගිණුමකටම එකම මුර පදයක් හෝ විදිහට කට්ටිය පාවිච්චි කරනවා. කොහොම උනත් වැඩි ආරක්ෂාවට වෙනස් මුරපද පාවිච්චි කරන එක තමා නුවණට හුරු.


කොහොම උනත් ඔය දාන මුර පද හැක් කරන්න පුළුවන් පිරිස් ඕන තරම් ඉන්නවා. එක අතකින් ඒ අයගෙ දක්ෂකම ඒ ගොල්ලො යොදවගෙන තියෙන්නේ වැරදි පැත්තට. මොනව උනත් මම කියන්න ආවෙ ඔය ගැන නෙවෙයි. මම කියන්න ආවෙ මුරපද ගැන. මම මීට කලින් ලියල තියෙයි ශක්තිමත් මුරපදයක් හදාගන්නේ කොහොමද කියල.

Thursday, November 22, 2012

ලෝකය ත්‍රිමානව දකින්න | Google Earth Pro 6.2

   අම්මේ ඔන්න වාර විභාගෙත් පටන් ගත්තා. පාඩම් කරන අතරේ හම්බ උන මරු බඩ්ඩක් දෙන්නයි යන්නේ. කට්ටිය දන්නව ඇතිනේ මොකක්ද කියල. අද මම දෙන මෘදුකාංගය තමා Google Earth Pro 6.2. නිකන් එකක් නෙවෙයි Pro හොඳේ.


සාමාන්‍යයෙන් Google එකෙන් අපට දෙන්නේ Free එකනේ. ඒත් ඔය සල්ලි දීල ගන්න පුළුවන් Version එකක් තියනවා Google Earth Pro කියල. ඔය රූපවාහිනී ආයතන එහෙම ඔය සල්ලි දීල ගන්න පුළුවන් එක තමා ගන්නේ. ඔය කාළගුණ වාර්තා, එක එක ප්‍රදේශ තියන තැන් පෙන්වන්න, ඒ ඒ ප්‍රදේශ Zoom කරල ප්‍රවෘත්ති එහෙම ලස්සනට කියන්න පාවිච්චි කරන්නේ මේක තමා.ඔය Free එකට වඩා ගොඩක් පහසුකම් මේකෙ තියනවා. බලන්නකෝ ඒ මොනවද කියල...

  • දුර මැනිම
  • ප්‍රදේශයක විශාලත්වය මැනිම
  • විශේෂ දර්ශන සෑදීමට ( මේකෙන් තමා ඔය රූපවාහිනී නාලිකා එහෙම කරකවල ගන්නේ )
  • ඉහළ තත්වයකින් හෙබි පින්තූර ගැනීමට
  • ඉහළ තත්වයකින් හෙබි පින්තූර පිටපත්ගැනීමට

Monday, October 29, 2012

අධි වේගයෙන් ටොරන්ට් බාමු ( අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි )

         මෙන්න අදත් ඔය ටොරන්ට් කියන සබ්ජෙක්ට් එකෙන් ලිපියක් ලියනවා. මීට කලින් මම ලියුව ටොරන්ට් කියන්නේ මොකක්ද කියල සහ ටොරන්ට් Download Speed එක වැඩි කරගන්න ක්‍රමයක් ගැන. මෙන්න අද මම කියන්න යන්නේ ඊට වඩා පට්ට ක්‍රමයක් ගැන. මේක වෙබ් සයිට් එකකින් දෙන පොඩි සේවාවක්. පොඩිමත් නෑ. අපි වගේ එවුන්ටනම් මාර විදිහට වටිනවා.


මේකෙන් කරන්නේ අපි එයාලට දෙන Torrent File එකට අදාල දෙය එයාලගෙ Cloud Server වලට අධි වේගයෙන් Download කරගෙන ඒක සාමාන්‍ය විදිහට බාගන්න පුළුවන් විදිහට අපිට දෙනවා. අපිට කරන්න තියෙන්නේ ඔය Internet Download manager වගේ Download manager එකකින් ආතල් එකේ බාගන්න එක.

Tuesday, September 18, 2012

Likes, Subscribes, Followers, Views මොනවද ඕනේ? මෙන්න ගන්න.

         මෙන්න තවත් වෙබ් සයිට් එකක් දෙන්නයි යන්නේ. ඔය කට්ටිය කට්ට කාගෙන හොයන දේවල් ලෙහෙසියෙන්ම ගන්න මේකෙන් ගන්න පුළුවන්. නියමෙටම නියමයි. මාත් පාවිච්චි කරනවා. මේකෙන් ගන්න පුළුවන් දේවල් ටිකක් පල්ලෙහ ඇති. බලන්නකෝ.


  Twitter Followers
  Twitter Tweets
  Twitter Favorites
  Twitter Retweets
  Google +1's
  Google+ Circles
  MySpace Friends
  YouTube Likes
  YouTube Views
  YouTube Subscribers
  StumbleUpon Followers
  LinkedIn Shares
  Pinterest Followers
  Pinterest Pins
  SoundCloud Followers
  ReverbNation Fans
  Websites Hits



මටනම් ඉතින් දැනට හුඟක්ම වැදගත් වෙන්නේ Twitter Followers, YouTube Subscribers කියන ඒවයි.

Sunday, September 2, 2012

වෙබ් හෝ බ්ලොග් අඩවියක වේගය බලාගනිමු.

             මෙන්න දවස් ගාණකින් ලිපියක් දැම්මා.මේක මගේ බ්ලොග් එකේ 70 වෙනි ලිපිය. අද අපි බලමු ඔයාලගෙ බ්ලොග් හෝ වෙබ් අඩවියේ වේගය. මේක Google එකෙන් දෙන පොඩි සේවයක්. මේකෙන් පුළුවන් PC එකෙන් බ්ලොග් හෝ වෙබ් අඩවිය පේන වේගය වගේම Mobile Device එකකිනුත් ඔයාලගෙ වෙබ් හෝ බ්ලොග් අඩවිය පේන වේගය මැන ගන්න.


     මේකෙන් තව තව මොනවද මන්දා Test කරල බලන්නත් පුළුවන්. කිසි ගින්නක් නෑ. මම පල්ලෙහ දීල තියන ලින්ක් එකට යන්න. ඒකේ ඇති පොඩි Text Box එකක් ඒකෙ බ්ලොග් හරි වෙබ් අඩවියේ ඇඩ්‍රස් එක ටයිප් කරන්න. පස්සේ Analyze ක්ලික් කරන්න. මේකෙන් ළකුණු 75 ට වැඩිය ගත්තොත් නම් හොදයි.

Tuesday, August 7, 2012

වෙබ් ඇඩ්‍රස් එක දිග වැඩිද? මෙන්න විසඳුම.

             අයුබෝවන් හැමෝටම. ඔන්න අද මම තවත් වෙබ් සේවයක් ගෙනාව. ඔය කට්ටිය ඔය පට්ට දිග වෙබ් ඇඩ්‍රස් එහෙම ඔය කොහෙහරි ලියාගෙන එහෙම හෙණ ගේමක් දෙනව නේ? අන්නෙ ඒකට මෙන්න විසඳුම. මේ මම කියන්න යන වැඩෙන් ඔය සිය ගාණක් අකුරු තියන වෙබ් ඇඩ්‍රස් එක අකුරු දහයකට විතර බහිනව.


    මේකෙ තියන විශේෂත්වයක් තමා ඔය දෙන පොඩි ඇඩ්‍රස් එක ඕන තැනක ඕන වෙලාවක වැඩ.මෙන්න ක්‍රමේ මුලින්ම ඔය දිග වෙබ් ඇඩ්‍රස් එක කොපි කරගන්න. ඊට පස්සේ මම මේ පහළ දීල තියන ලින්ක් එකට යන්න. එතන ඇති පොඩි Text box එකක් එතනට ඔය පට්ට දිග ඇඩ්‍රස් එක පේස්ට් කරන්න. අන්තිමට Make TinyURL කියන බට්න් එක ක්ලික් කරන්න.

Monday, August 6, 2012

Picture වල තියන සුපිරි Text වල Font හොයාගන්න හැටි

                ආයුබෝවන් හැමෝටම. ඔන්න අද මම ඔයාලට ප්‍රයෝජනවත් වැඩක් කියල දෙන්නයි යන්නේ. මොකක්ද කියල දැනටමත් දන්නව ඇතිනේ? මම අද කියල දෙන්න යන්නේ ඔය එක එක Picture වල එහෙම තියන එක එක Text වල Font හොයාගන්නේ කොහොමද කියල. හරිම සිම්පල් වැඩක්.ඔන්න එහෙනම් පල්ලෙහයින් අපි වැඩේ පටා......න් ගමු.


      මේ වැඩේ හුඟක්ම ඔය Graphic Designing කරන කට්ටියටනම් නියමයි. මුලින්ම ඔය පල්ලෙහ තියන ලින්ක් එකට යන්න්කෝ. ඊටත් පස්සෙ ඔය ලින්ක් එකට පල්ලෙහ තියනව වගේ පේජ් එකක් ලැබෙයි. එතන ඔය රතු පාටින් ළකුණු කරල තියන තැනට ඔය පට්ට Text එක තියන Picture එක Upload කරන්න.ඊට පස්සේ Continue ක්ලික් කරන්න.

Friday, August 3, 2012

Software වලින් වැඩ කරන හැටි Video වලින්ම ඉගෙන ගනිමු

හැමෝටම ආයුබෝවන්...ඔන්න මම සුපිරිම Web Site එකක් හඳුන්වා දෙන්නයි යන්නේ. ඔයාල ඔය මොකක් හරි අලුත් Software එකක් දාගත්තා කියන්නකෝ. උදාහරණයක් විදිහට ඔය Adobe After Effect වගේ ප්‍රසිද්ධ, සුපිරි Software එකක්. අන්න ඒ වගේ Software එකක වැඩ කරනකොට මුලින්ම නම් පොඩ්ඩක් අවුල් නේ? කලින් වැඩ කරල තියනව නම් කමක් නෑ. ඒත් එහෙම නැතිනම් ඉතින් දාගත්තේ ඇයි කියල හිතෙනව නේ? අන්න එහෙම කට්ට කන අයට මෙන්න විසඳුම...
 <:-P


     මම මේක හොයාගත්තේ ඔය ජංජාලේ පැත්තේ රවුමක් ගහල ගූගල් දෙයියගෙන්. අප්පේ ගූගල් දෙයියනම් මරු ඇ. අපි කොච්චර දෙවල් ඕකගෙන් ගන්නවද. මොනව උනත් ඕකෙන් හොයාගත්ත මේ වෙබ් සයිට් එක ඔයාලටත් දෙන්න මම හිතුවා. මේකෙ ඔය ප්‍රසිද්ධ, අප්‍රසිද්ධ Software ගොඩක Tutorial Video තියනව.

Wednesday, August 1, 2012

ඔය කට්ටියගේ පැත්තේ Postal Code එක හොයමුද?

          හැමෝටම සුභ දවසක්.ඔන්න මම අද ඔයාලට පොඩි වැදගත් වැඩක් ගෙනාවා.ඔය ඔයකට්ටිය එක එක වෙබ් සේවා වල රෙජිස්ටර් වෙන්න යනකොට එහෙම Postal Code කියල එකක් ඉල්ලනව නේ? නැත්නම් Postal Zip කියල එකක් ඉල්ලන්නේ. අන්න ඒක හරියටම දැනගන්න විදිහ අපි අද බලමු.හරිම සිම්පල් වැඩක්.


මුලින්ම ඔය Postal Code වලින් මොකක්ද වෙන්නේ මොකක්ද බලමු.ඔය ඔයාල අන්තර්ජාලෙන් මොනවහරි බඩුවක් එහෙම ගෙන්වාගෙන තියනවනම් මේ ගැන අනිව දන්නව ඇති. ඔය Code එකෙන් පෙන්නන්නේ ඔයාල ඉන්න ප්‍රදේශය.

Tuesday, July 3, 2012

ඕන E-Book එකක් ඕන විදිහකට නොමිලේ බාගන්න.

         ආයුබෝවන්.මම ඔයාලට මෙන්න නියම Web site එකක් හඳුන්වලා දෙන්නයි යන්නේ.මම ඔය Internet පැත්තේ ටිකක් රස්තියාදුවෙ යනකොට තමා මේ බඩ්ඩ හම්බවුනේ.මාරයි ඈ.මේ Web Site එකේ ඔය English ඕන E-Book එකක් තියනව.ඔක්කොම Free හොඳේ...


             මේකෙ තියන විශේෂත්වය තමා මේ E-Book ඕන එකක් ඕන Type එකකින් බාගන්න පුළුවන් වීම.ඒ කියන්නේ PDF නම් එහෙම වෙන මොනවහරින් නම් එහෙම ඕන විදිහකට බාගන්න පුළුවන්.මේකෙ ඔය අධ්‍යාපනයට එහෙම වැදගත් පොත් හුඟක් තියනව.

Sunday, June 24, 2012

Facebook වල Status නිල් පාටින් දාන හැටි.

             ආයුබෝවන් හැමෝටම......!ඔන්න අද මම නියම වැඩ කෑල්ලක් ගෙනාව.මොකක්ද කියල ඉතින් දන්නව නේ? හරි හිතුව හරි.මම අද ගෙනාවෙ ඔය Facebook වල සමහර කට්ටිය Comment එහෙම දානව නේ නිල් පාටින්.අන්න එහෙම දාන හැටි අපි අද බලමු.


         දැන් ඉතින් සමහර කට්ටියට හිතෙනව ඇති ඕක එච්චර කජ්ජක්ද කියල,ඇයි ඉතින් ඔය Facebook වල Comments වල යාළුවන්ගේ නම් එහෙම දාන්නේ නිල් පාටින් නේ..හූ හූ එහෙම දාන්නේ ඉතින් @ වලට පස්සේ යාළුවගේ නම ගහලනේ..මේ කියන්නේ එහෙම නෙවෙයි හලෝ..අපිට ඕන මඟුලක් ඔහොම නිල් පාටට දාන හැටි අපි අද බලමු.

Saturday, June 23, 2012

YouTube වලට නව පෙනුමක් එක්කර ගමු.

          ආයුබෝවන් හැමෝටම.ඔයාල දන්නවනේ Google සමාගම අපිට එක එක ප්‍රයෝජනවත් සේවා සපයනවනේ.Blogger,Drive,Maps,Play,Groups,Reader ඒවගෙන් කිහිපයක්.ඒ වගේම Google සමාගම ඔය සේවාවල හැඩරුවත් කාලෙන් කාලෙට වෙනස් කරනවා.දැන් Google සමාගම YouTube වලටත් අලුත් පෙනුමක් දාන්නයි යන්නේ.ඒක ඇක්ටිව් කරන්න කලින් අපි දාගන්න හැටි අපි අද බලමු.


මෙන්න ක්‍රමේ...

  1. මුලින්ම ඔබ YouTube වෙබ් අඩවිය වෙත යන්න.

Sunday, May 27, 2012

අපි ඔය නිතර යන Web Site වල ආදි කාලෙ තත්වෙ බලාගනිමුද?

      සුභ දවසක් හැමෝටම...! ඔන්න මම අද ඔයාලට ගෙනාවා පොඩි ඉන්ටර්නෙට් වල තියන ගැජ මැටික් කෑල්ලක්.මොකක්ද දන්නවද?මේකෙන් පුළුවන් ඔය වෙබ් සයිට් වල ආදි කාලෙ තත්වෙ කොහොමද කියල බලාගන්න.ඇත්තටම ඔය සුපිරියට තියන වෙබ් සයිට් වල ආදි කාලෙ හැටි දැක්කහම මටනම් අනේ පිස්සු හැදෙනවා.ලැජ්ජාවේ බෑ අනේ.මොනව උනත් මරු වැඩේ.

ඔන්න මම පල්ලෙහ Link එක දීල ඇති.මේකේ ව්ශේෂත්වය තමා ඔය පරණ කාලේ වෙබ් සයිට් එකට ගිහිල්ල ඒකේ සාමාන්‍ය විදිහට වැඩ කරන්නත් පුළුවන් වීම.මරුම තමා ඈ.

Friday, May 25, 2012

YouTube එකේ Video එහෙම හිර වෙනවද? මෙන්න විසඳුම.

       ආයුබෝවන් හැමෝටම.මම අද පොඩි සොෆ්ට් කෑල්ලක් ගෙනාවා.ඔය ඔයාල YouTube එකේ එහෙම Video බලනකොට ඒ Video හිර වෙනව නේ.අප්පේ එතකොට නම් මතක් වෙනවා හොඳ හොඳ රුවන් වැකි.ඇයි අප්පේ ඔච්චර අමාරුවෙන් හොයා ගන්න Video එකක් ආතල් එකේ බලන්න බැරිවෙනකොට කාටද මළ පයින්නේ නැත්තේ?? ඔය අවුල වැඩි හරියක් තියෙන්නේ ඩොන්ගල් වලින් නෙට් යන කට්ටියට. මොනව උනත් මේ සොෆ්ට් කෑල්ල දාගත්තට පස්සේ නම් ඔය අවුල් හුඟක් දුරට විසඳෙයි...


මේක ඔය YouTube එකේ Video වලට විතරක් නෙවෙයි.ඔය Facebook එකේ දාල තියන Video වගේම හුඟක් වෙබ් සයිට් වල Video කිසි අවුලක් නැතිව බලන්න පුලුවන්.

Monday, May 7, 2012

අනුන්ගේ CCTV-Camera වලින් අපි ලොව බලමු.

       හැමෝටම සුභ දවසක්.! මෙන්න අද මම පොඩි අමුතු වැඩ කෑල්ලක් ගෙනාවා.මම මේ ලිපිය දාල නම් තියෙන්නේ "ඉන්ටර්නෙට් වැඩ කෑලි" කියන ලේබලයට. හැබැයි ඒක ගැලපෙයිද මන්දා.මේ ලිපියෙන් කියන්න හදන්නේ ඔය ලෝකෙ වටේම පාරවල්වල,උද්‍යානවල්වල,වැදගත් ස්ථාන වල,බීච් වල(හප්පටසිරි ) එහෙම හයි කරල තියන CCTV-Camera වල දර්ශන අපිට අපේ මැෂින් එක ඉස්සරහ වාඩි වෙලා බලන්න පුළුවන් ක්‍රමයක් ගැන.


මෙන්න ක්‍රමේ...

Tuesday, May 1, 2012

DNS Changer වයිරසයෙන් ඔබගේ පරිගණකය ආසාදිතදැයි බලමු.

       ආයුබෝවන්..!මේ දවස් ටිකේ අන්තර්ජාලේ රැව් පිළිරැව් දෙන මාතෘකාවක් තමා ඔය DNS Changer ද මොකක්ද කියල වයිරස් එකක් පැතිරෙනව කියල.අනේ මම ඔය ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නෑ.ඒත් එහෙම වයිරස් එකක් අන්තර්ජාලයේ පැතිරෙනව කියල FBI ආයතනයත් සනාථ කරල තියනවා...


ඉතින් අද නම් මම ආවේ ඔය එක එක වැඩක් නැති වයිරස් ගැන කියවන්න නෙවෙයි.ඔය DNS Changer වයිරස් එක ඔයාගේ කොම් එකට ඇවිල්ලද කියල දැන ගන්න හැටි තමයි මම අද කියල දෙන්න හදන්නේ.මොකද ඉතින් ඔය අපි ඉන්ටර්නෙට් එකේ වෙබ් සයිට් වලට යන යැවිල්ලට මොනවා එනව කියල අපිවත් දන්නව යැ.ඔය DNS Changer මඟුලෙන් වෙන්නේ DNS එක වෙනස් කරන එකලු.ඒක බලන්න හරි ලේසි.ඔය පල්ලෙහ දීල තියන ලින්ක් එකට යන්නකෝ...ගියාට පස්සේ ඔය මම ලින්ක් එකටත් පල්ලෙහ දීල තියන විදිහට කොළ පාටට පෙනුනොත් ආය කිසි අවුලක් නෑ.

Tuesday, April 17, 2012

ඕනෑම Serial Key එකක් තියෙන Web Site 15 ක්.

         හැමෝටම සුභ දවසක් වේවා.දැන් නම් ටිකෙන් ටික අවුරුදු අසිරිය අඩුවීගෙන යනව වගේ නේ.කොහොම උනත් ඉතින් මටනම් අවුලක් නෑ මොනවහරි අලුත් දෙයක් හම්බ උනොත් ඉතින් මම මේ බ්ලොගයේ දාන එක දානවමයි.අන්න එහෙම මේ අන්තර්ජාලය නමැති මහා දැනුම් ගංඟාව ඔස්සේ මගේ ඩොන්ගල් කට්ට හබලත් කොම් එක ඔරුවත් කරගෙන පැදගෙන පැදගෙන යනකොට හම්බුන මෙව්ව ටිකක් තමා මම අද ඔයාලට දෙන්න හදන්නේ.මොනවද ඉතින් ඒ මෙව්ව ටික කියල ඔයාල දන්නව ඇතිනේ.ඔව්! ඔයාල හිතුව හරි ඒ මෙව්ව ටික තමා ඔයාල ඔය සොෆ්ට්වෙයාර් කෑලි එහෙම ඔයාලගෙ කොම් එකට දාගන්නවනේ අම්මටසිරි මාර ෆන් එකේ වැඩම තමා කියල හිතාගෙන. ඒත් ඉතින් ඔය සමහර සොෆ්ට්වෙයාර් වල ඔය ඉල්ලනවනෙ Serial Key කියල ජාතියක්. ඒක ඉතින් දාගන්න කලින් දැන ගෙන හිටියනම් ඉතින් ගොඩ.ඒත් දාගත්තටත් පස්සෙ ඔය Serial Key කියන එක ඉල්ලනකොටනම් ඉතින් නගිනව අසූහාරදාහට.එතකොටනම් ඉතින් අපිට මතක් වෙන රුවන් වැකි මෙතන කියන්නත් මොකක්ද වගේ.



        ආ දැන් ඉතින් මං කියන්න ගියේ මේකයි.මම අද ඔයාලට දෙන්න හදන්නේ ඔය හුඟක් සොෆ්ට් කෑලි වල Serial Key තියන වෙබ් සයිට් 15ක්.මම ඉතින් ඔය හුඟක් කියුවට ඔය සයිට් 15 ඔක්කොම සොෆ්ට් වල Serial Key ඇති කියලයි මට හිතන්නෙ.

Sunday, April 1, 2012

YouTube වීඩියෝ බාගන්න ක්‍රමයක්.


        ආයුබෝවන් හැමෝටම...! ඔයාල දන්නවද YouTube වලින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන හැටි? ඔව් ඉතින් සමහර වැඩ්ඩො නම් ඉතින් දන්නව ඇති. ඒ වගේම IDM වලිනුත් පුලුවන් නේ.. නේද? ඔය වගේ සොෆ්ට් කෑලි නැති කට්ටිය ඉතින් මොකද කරන්නෙ? අන්න ඒ කට්ටිය YouTube වලින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන හැටි අපි අද බලමු.

         මේක එක වෙබ් අඩවියකින් ලබා දෙන සේවයක්. නම Jet toy. හරි මුලින්ම ඒ සේවය ලබා ගන්න කලින් ඔයා ඔය බාගන්න හදන YouTube වීඩියෝ එකෙ ලින්ක් එක කොපි කරගන්න. ලින්ක් එක කොපි කරන හැටි දන්නවනෙ ඉතින්

Sunday, March 18, 2012

MediaFire එකෙන් බාගන්න බැරිද? මෙන්න විසදුම.

      හැමෝටම සුභ දවසක්...! ඔන්න මම අද ඔයාලට ඉතා ප්‍රයෝජනවත් වැඩක් කියල දෙන්නයි  ආවේ. ඔයාල දන්නවනේ ඔයා Mediafire වගේ ඒවගෙන් අපි මොනවහරි බාගන්න ගියපුවහම ඒ Download බට්න් එක ක්ලික් කරා විතරයි පේජ් එක Refresh වෙනවා. ඔයාල මොන දඟ දැම්මත් වැඩේ හරියන්නේ නැහැ නේ. අන්න ඒක විසඳගෙන සාමාන්‍ය විදිහට බාගන්න හැටි මම අද කියල දෙන්නම්.


මෙන්න ක්‍රමේ.. මුලින්ම Mediafire එකේ ඔයාලට බාගන්න ඕනි දේ තියන තැනට යන්න.ඊට පස්සේ ඒකේ ලින්ක් එක කොපි කරගන්න. හරි පස්සෙ මේ මම දීල තියන තැනට යන්න.