JustCrowd.net
Showing posts with label Blogger Tricks. Show all posts
Showing posts with label Blogger Tricks. Show all posts

Sunday, February 3, 2013

IP Address Widget එක බ්ලොග් එකට දාගමු.

හෙට පෙබරවාරි 4 වැනිදා. 65 වැනි නිදහස් උත්සවය. හෙට අභිමානවත් ලෙස නිදහස් උත්සවයට ඔක්කොමල ලෑස්ති වෙන අතරෙ ඔන්න මම බ්ලොග් ලස්සන කරන ක්‍රමයක් දෙන්නයි යන්නේ. මේකෙන් කරන්නේ ඔයාලගෙ බ්ලොග් එකට එන අයගෙ IP Address, OS, Country, Browser වගේ හුඟක් විස්තර පෙන්නන එක.


  • දාගන්න හැටි ආය මුල ඉඳල කියන්න ඕනි නෑ නේ. Layout ගිහින් HTML/Java Script එකක් විදිහට මම පල්ලෙහ දීල තියන කෝඩ් දාගන්න. ඔතන කෝඩ් 2ක් තියනවා. ඔයාලම බලන්නකෝ දෙකේ වෙනස.

Thursday, January 24, 2013

බ්ලොග් එකේ මුදුනින්ම ගැජට් එකක් දාගමු.

මෙන්න මගේ බ්ලොග් එකේ 100 වැනි ලිපිය. හරි සතුටුයි ඈ....:D/

මෙන්න අද නියම බ්ලොග් ට්‍රික්ස් එකක් ගෙනාව. ඔය ඇඩ් එකක් එහෙම දාන්න නියම ක්‍රමයක් මේ. ඔය පින්තූරෙ පේන විදිහට බ්ලොග් එකේ උඩින්ම ගැජට් එකක් දාන හැටි අපි අද බලමු. සාමාන්‍යයෙන් බ්ලොග් එකේ Header එකට උඩින් ගැජට් එකක් සාමාන්‍ය Template වල නෑ නේ. ඒක හින්ඳා අපිට ඒක අපිටම කියල දාගන්න පුළුවන්. එහෙම දාපුවහම වාසි හුඟයි.


එහෙනම් වැඩි විස්තර දාගෙනම බලන්න. මෙන්න ක්‍රමේ....

1.මුලින්ම Template >> Edit HTML ගිහින් ඒකෙ Expand Widget Templates කියන තැනට හරියක් දාගන්න.

2.ඊට පස්සේ CTRL+F ගහල ]]></b:skin> කියන කෝඩ් එක හොයාගෙන ඊට උඩින් පල්ලෙහ කෝඩ් එක කොපි කරගන්න.

Monday, January 21, 2013

Box Style එකේ ලස්සන ලේබල් ගැජට් එකක් බ්ලොග් එකට දාගමු.

    මෙන්න තවත් ලස්සන බ්ලොග් ගැජට් එකක් ගෙනාවා. ඔයාල සාමාන්‍යයෙන් ඔයාලගෙ බ්ලොග් ලිපි ලේබල් වලට වෙන් කරනවනේ. ඒ වගෙම ඒ ලේබල් පාඨකයන්ට පේන විදිහට ගැජට් එකක් විදිහට බ්ලොග් එකට දානවනේ. අන්න ඒ බ්ලොගර් එකෙන් දෙන ලේබල් ගැජට් එක ලස්සන කරගන්න විදිහක් අපි අද බලමු.





ඕක දාපුවහම පේන්නේ ඔය දාල තියන පින්තූරෙ විදිහටමයි. ... මෙන්න එහෙනම් දාගන්න හැටි.








Tuesday, December 11, 2012

Close බට්න් එකක් සමග Fixed top bar එකක් බ්ලොග් එකට දාගමු.

       මෙන්න තවත් අලුත් බ්ලොග් ගැජට් කෑල්ලක් ගෙනාවා. මේකෙ සිංහල තේරුම කියන්න මට තේරෙන්නේ නෑ. Fixed කියන්නේ ස්ථාවර, Top කියන්නේ ඉහළ, Bar කියන්නේ බාර් එකටනේ.. එතකොට "ස්ථාවර ඉහළ බාර්" එක තමා තේරුම. මේකට ඒ නම කියුවත් වැරැද්දක් නෑ. කොහොම උනත් නියම ගැජට් එකක්. බ්ලොග් එකක් කරගෙන යන යාළුවන්ට අනිවාර්යෙන් වැදගත් වෙනවමයි.


මේකෙන් පුළුවන් අපිට අපේ බ්ලොග් ලියන යාළුවන්ට අපිට ඕන පණිවිඩයක් එහෙම දෙන්න. මුලින්ම වැඩේ කොහොමද කියල Demo එක බලන්නකෝ.

කොහොමද නියමයි නේ. ඔය Demo බ්ලොග් එකේ උඩින්ම තියෙන්නේ. මේකෙ වාසි කිහිපයක්ම තියනවා. ඒ මේවයි.

Monday, December 10, 2012

බ්ලොග් එකට "Scroll to Top" බට්න් එකක් දාගමු.

        අද අපි බලමු බ්ලොග් එකට ලස්සන "Scroll to Top" බට්න් එකක් දාගන්නේ කොහොමද කියල. කට්ටිය මොකක්ද මේ කියල දන්නව ඇතිනේ? ඔය සමහර බ්ලොග් වල එහෙම දාල තියෙන්නේ බ්ලොග් එකේ ටිකක් පල්ලෙහට ගියාම පැත්තෙන් බට්න් එකක් මතු වෙන්නේ. ඒක ක්ලික් කරපුවහම ඕන් බ්ලොග් එකේ උඩටම ලස්සනට ඇදීල යනවා. ඔය පේජ් වල හුඟක් විස්තර තියන පල්ලෙහට දිගට තියන බ්ලොග් හෝ වෙබ් සයිට් වලට මේක නියමයි...



මේක මම හොයාගත්තේ ඔය ඉන්දියාවෙ පොරක්ගෙද කොහෙද බ්ලොග් එකකින්. කියන විදිහට මේකෙ මේ වගේ පහසුකම් තියනවා...;;)

Sunday, December 9, 2012

නත්තලට ඔයාලගෙ බ්ලොග් එකටත් හිම වැටුනොත් කොහොමද?

          ඔන්න අදත් මම ඔයාලට දෙන්න යන්නේ නත්තලට බ්ලොග් එක ලස්සන කරගන්න ක්‍රමයක්. ඒ තමා බ්ලොග් එක පුරාම කොහොමද ලස්සනට හිම වැටෙන්න හදන්නේ කියල. මේකෙත් ඉතින් එච්චර කරන්න කියල දෙයක් නෑ. මම ඉස්සල්ල දුන්න බ්ලොග් එකට නත්තල් සීනුවක් දාන හැටි වගේම තමා මේකත්. ඔයාලට ලේසි වෙන්න මම Add to Blogger බට්න් එකක් හදල තියෙයි. ඉතින් ඔයාලට තියෙන්නේ ඒක ක්ලික් කරන්න විතරයි...


මේකෙ වැටෙන්නේ හිම කියුවට හිමම නෙවෙයි. ඔය මල්තුහිනද මොනවද මන්දා ජාතියක්. මට හිතුන ඉදිහට ඒක ඔය නිකන් හිම වලට වඩා ලස්සනයි. පොඩි ගතියක් තියනවා. කොහොම උනත් ඔයාල Demo එක බලම ඉන්න. Demo එක බලන්න මෙතනින් යන්න.

Thursday, December 6, 2012

නත්තලට ලස්සන නත්තල් සීනුවක් බ්ලොගයට දාගමු.

         ඔන්න වාර විභාගෙත් ඉවරයි. උත්සව කාලෙට අලුත් Template එකකුත් දාගෙනම ඔන්න අද මම ආව අපේ බ්ලොග් ලියන යාළුවන්ට පොඩි වැඩ කෑල්ලක් අරන්. ඇත්තටම හුඟ කාලෙකින් අපේ බ්ලොග් ලියන යාළුවන්ට මුකුත් දෙන්නත් බැරි උනා. එහෙනම් අද මම දෙන්නේ ඔය මගෙ බ්ලොග් එකෙත් ඔය උඩ දාල තියන නත්තල් සීනුව දාගන්න කෝඩ් ටික දෙන්න. බලන්නකෝ දාගෙනම කොහොමද කියල...


මේක දාගන්න එක හරිම ලේසි. නිකන් HTML/Java Script එකක් විදිහට අලුත් ගැජට් එකක් දාගන්න තියෙන්නේ. මේකෙ කෝඩ් 3ක් තියනවා. එක කෝඩ් එකකින් ඔය සීනුව බ්ලොග් එකේ දකුණු පැත්තට වැටෙනවා. තව එකකින් වම් පැත්තට වැටෙනවා. අනිකෙන් සීනු දෙකක් දෙපැත්තට වැටෙනවා. ඕකෙන් ඔයාල කැමති එකක් තෝරගන්න. එහෙනම් ඔයාල කැමති Style එකක් තෝරගෙන ඊට යටින් ඇති Add to Blogger බට්න් එක ක්ලික් කරන්න.......

Friday, September 7, 2012

Backlinks Goldmine E-Book (බ්ලොග් කරුවෙක්ද? මෙන්න දැනගත යුතුම Tricks)

        මෙන්න අද නියම බාණ්ඩයක්. මීට කලින් ලිපියේ මම දුන්නනෙ .edu වෙබ් සයිට් වල Backlinks හදන හැටි තියන E-Book එකක්. එකෙ අන්තිමට කියුවනේ මම ලෝකේ වැඩිම වේගයෙන් අලෙවි වූ පොතක් වන Backlink Goldmine e-book එක දෙනව කියල. ඔන්න කියුව වගේම ඒක දෙන්නයි යන්නේ හොඳේ...


   මේකෙ ඇත්තටම තියෙන්නේ බ්ලොග් කරන්න උදව් වෙන එක එක Tips & Tricks. මුල ඉඳලම තියෙනව. රූප සටහන් එක්කම. මේකේ පොත් 2ක් තියනවා. එකක් ඔය එක එක Tricks තියන පොත. අනිත් එක තමයි Backlinks හදන්න පුළුවන් වෙබ් සයිට් තියන E-Book එක.

Tuesday, September 4, 2012

.edu වෙබ් සයිට් වලින් Backlinks හදාගන්න හැටි දැනගන්න මෙන්න E-Book එකක්.

     ආයුබොවන් හැමෝටම. අද මම දෙන්න යන්නේ මගේ බ්ලොග් එකේ පළවෙනි E-Book එක. දැන් කාලෙ හැමෝටම තියන ප්‍රශ්නයක් තමා තමා මහන්සි වෙලා හදපු වෙබ් හෝ බ්ලොග් අඩවියට කොහොමද Traffic ගෙන්නවාගන්නේ කියන එක. ඒකට ක්‍රම කිහිපයක්ම තියනවා. කිහිපයක් විදිහට,

  1. අඩවිය සින්ඩිකේටර් වලට හා ඩිරෙක්ටරි වලට ඇතුලත් කිරීම.
  2. Facebook, Twitter වැනි සමාජ ජාලා වෙබ් අඩවි වල අඩවියේ ලිපි සඳහන් කිරීම.
  3. විකිපීඩියා වැනි වෙබ් අඩවිවල ලිපි ලියා ඒවායේ අඩවියේ ලින්ක් සඳහන් කිරීම.
  4. Backlink සෑදීම.

      මෙම ක්‍රම වලින් වැදගත් හා විශ්වාසදායක ක්‍රමයක් තමා Backlinks සෑදීම. ඒව ඔය කොමෙන්ට් වලිනුත් හදන්න පුළුවන්. ඒත් ඊට වඩා Search Engine Spiders ලට වැඩියෙන් අහුවෙන ක්‍රමයක් තමා Backlinks ඔය .edu, .gov වගේ ඩොමේන් තියන වෙබ් සයිට් වලට දාන එක. ඒව වටින්නේ ඔය වගේ ඩොමේන් ලේසියකට ගන්න බැරි නිසා. ඒව සාමාන්‍යයෙන් දෙන්න ඔය රටවල රජයන්ට. ඒක හින්දා ඒව මාර විදිහට වටිනවා. ඉතින් ඒ වගේ වටිනා සයිට් වල Backlinks හදාගත්තා කියන්නේ ගොඩම තමා.

Sunday, September 2, 2012

වෙබ් හෝ බ්ලොග් අඩවියක වේගය බලාගනිමු.

             මෙන්න දවස් ගාණකින් ලිපියක් දැම්මා.මේක මගේ බ්ලොග් එකේ 70 වෙනි ලිපිය. අද අපි බලමු ඔයාලගෙ බ්ලොග් හෝ වෙබ් අඩවියේ වේගය. මේක Google එකෙන් දෙන පොඩි සේවයක්. මේකෙන් පුළුවන් PC එකෙන් බ්ලොග් හෝ වෙබ් අඩවිය පේන වේගය වගේම Mobile Device එකකිනුත් ඔයාලගෙ වෙබ් හෝ බ්ලොග් අඩවිය පේන වේගය මැන ගන්න.


     මේකෙන් තව තව මොනවද මන්දා Test කරල බලන්නත් පුළුවන්. කිසි ගින්නක් නෑ. මම පල්ලෙහ දීල තියන ලින්ක් එකට යන්න. ඒකේ ඇති පොඩි Text Box එකක් ඒකෙ බ්ලොග් හරි වෙබ් අඩවියේ ඇඩ්‍රස් එක ටයිප් කරන්න. පස්සේ Analyze ක්ලික් කරන්න. මේකෙන් ළකුණු 75 ට වැඩිය ගත්තොත් නම් හොදයි.

Monday, August 27, 2012

CSS Menu කෝඩ් හදාගන්න මෙන්න සුපිරි Software එකක් ( පට්ටම ලේසි )

        ඇති යාන්තම් මේ මාසෙ පෝස්ට් 10ක් දාගත්තා. අද මම දෙන්න හදන්නේ පට්ට සොෆ්ට් කෑල්ලක්. මේකෙන් පුළුවන් ඔය ඔය කට්ටිය අමාරුයි කියන CSS Drop Down Menu එහෙම ලේසියෙන් හදාගන්න. අපිට තියෙන්නේ ඔය දීල තියන Template ඕන විදිහට වෙනස් කරල ඕන Menu එක හදාගන්නයි. ඒ සොෆ්ට් එකෙන්ම ඊට පස්සේ කෝඩ් ටික හදල දෙනවා. අපිට තියෙන්නේ දාන්න විතරයි පට්ටනේ...


මේකෙ අපිට ඕන විදිහට පාට එහෙම වෙනස් කරල ගන්න පුළුවන්. Sub Menu එහෙම ඕන තරම් හදාගන්නත් පුළුවන්. තව මේකෙ තිරස් මෙනු වගේම සිරස් මෙනුත් හදාගන්න පුළුවන්.

Sunday, August 26, 2012

ඔයාලගෙ බ්ලොග් එකට Twitter Bird Widget එක එකතු කරගමු.

       මෙන්න හුඟ කාලෙකට පස්සේ බ්ලොග් වැඩ කෑල්ලක් දෙනවා. මමත් අලුතෙන් දාගත්තා. ඔය හැමතැනම පියාඹන්නේ. :p ඔයාලටත් මෙන්න මම අද ඒක දාගන්න හැටි කියල දෙන්නම්. මේ කෝඩ් එක මම හොයාගත්තේ සයිබරයේ මගේ මිත්‍ර IP Man ගේ බ්ලොග් එක වන Help World එකෙන්. පොඩි කෝඩ් එකක සීන් එකක්. එච්චර අමාරුවක් නැහැ. මෙන්න පල්ලෙහ ක්‍රමේ තියනවා...


මේක දාපුවහම බ්ලොග් එකට එන ලස්සන කියන්න ඕනි නෑ නේ? මුලින්ම Blogger Dashboard එකේ Template කියන එකට ගිහින් Edit HTML එක ක්ලික් කරන්න. ඊට පස්සේ එන Dialog Box එකේ Proceed ක්ලික් කරන්න.

Friday, June 29, 2012

ඔයාලගෙ බ්ලොග් පෝස්ට් වලට Facebook Like button එකක් දාගමු.

       ආයුබෝවන් හැමෝටම.....! ඔන්න අද මම නියම වැඩක් ගෙනාව..වැඩේ තමයි ඔයාල ඔය ඔයාලගේ බ්ලොග් වල ලියන පෝස්ට් වලට කොහොමද Facebook Like button එකක් දාගන්නේ කොහොමද කියල.එච්චර අමාරු වැඩක් නෙවෙයි.පොඩි Code එකක සීන් එකක්.


    මුලින්ම Facebook Like button එකකින් මොනවගේ වාසියක්ද ලැබෙන්නේ කියල කියන්නන්කෝ...ඔය Like button එකක් දාගත්තම අපේ බ්ලොග් පෝස්ට් එක කියවල ඔය Like බට්න් එකෙන් Like එක දෙන කෙනාගෙ Wall එකේ දැන්නම් ඉතින් Timeline එකේ ඒ පෝස්ට් එක වැටෙනව.ඉතින් දැන් ඒක දකින අනිත් කට්ටියත් අපේ බ්ලොග් එකට එනව.එයත් Like එකක් දැම්මොත් එයාගේ Wall,Timeline එකෙනුත් අපේ බ්ලොග් පෝස්ට් එක පෙන්නනවා.තව කට්ටිය එනව....මරු නේ......!

Wednesday, March 14, 2012

අපේ බ්ලොග් එක ලස්සන කරන තවත් විදියක්.

          හැමොටම සුභ දවසක්..! ඔන්න මම අදත් ඔයාලගෙ බ්ලොග් එක ලස්සනට හදාගන්න පොඩි ගැජට් කෑල්ලක් ගෙනවා.



 ගැජට් කෑල්ලක් කියුවට ඔයාලගෙ බ්ලොග් එක ලස්සන කරන්න පුලුවන් ගැජට් කෑලි තියන වෙබ් සයිට් එකක්. එකට යන්න මම පල්ලෙහයින් ලින්ක් එක දෙන්නම්. ඒකෙ මොනවද තියෙන්නෙ කියලා අපි මුලින්ම බලමු.

අ‍පේ බ්ලොගයට අපේම කියල විජට් එකක් හදාගමු.

          කොහොමද යාළුවනේ..! මෙන්න මම අද ඔයාලට ගෙනාවා බ්ලොග් වැඩ කෑල්ලක්. මේක නම් ඔයාලට වැදගත් වෙනවාමයි. ඒ වැඩ කෑල්ල තමයි ඔයාලගෙ බ්ලොග් එකට ඇඩ් එකක්. ඒ කියන්නේ ඔයාලාගෙ බ්ලොග් එකටම කියල විජට් එකක්. ඔය කට්ටිය දැකල ඇතිනෙ සමහර වෙබ් වල සහ බ්ලොග් වල ඒවගේ නම් නැතිනම් ඒ වගේ ලොගෝ පෙන්නල තියනවා. ඒක ක්ලික් කරපුවහම ඒ ලොගෝ එක සඳහන් වෙබ් එකට නැතිනම් බ්ලොග් එකට යනවා. ඒ වගේ පොඩි ගැජට් එකක් තමා අද අපි හඳන්න පටන් ගන්නේ. මෙන්න ක්‍රමේ...

Sunday, February 12, 2012

ඔයාගේ බ්ලොගය තරු වලින් නාවන්න.

මෙන්න කට්ටියට මම අලුත් වැඩ කෑල්ලක් ගෙනාවා.ඔයාලාගේ බ්ලොග් එකට තරු වස්සන හැටි තමා අද මම කියන්න හදන්නේ.හැබැයි මේක මුලු බ්ලොග් එකම ආවරණය වෙන්න දාන්න ඕනිනම් ගැජට් එක බ්ලොග් එකේ පල්ලෙහින් දාන්න.හරි අපි වැඩ පටන්ගනිමුකෝ මුලින්ම Design>Page Elemant>Add Gadget>Add java/html script ගිහින් අලුත් ගැජට් එකක් දාගන්න.පස්සෙ මේ ලින්ක් එකට ගිහින් ඒ කෝඩ් එක කොපි කරගන්න.කොපි කරනකොට Ctrl+A ගහල Ctrl+C ගහල කොපි කරන්න.මෙතනින් කෝ එක ගන්න.




‍කොඩ් එක දාගෙන ගැජට් එක සේව් කරන්න.දැන් වැඩේ හරි.ඔයකට්ටිය යන කොට ලියික් පාරකුයි,අදහස් පාරකුයි දාගෙනම යන්න.එහෙනම් මම කැපුන හොදේ.

Thursday, January 12, 2012

කාළගුණ විජෙට්ටුව.

නගරවල කාළගුණ තොරතුරු නියමෙට බලාගන්න. මේ විජෙට්ටුව ඔබගේ බ්ලොග් අඩවියට එක් කර ගන්න. මෙතන ඔබන්න.