JustCrowd.net

Sunday, March 17, 2013

තාරකා විද්‍යාඥයෝ 5 | සූර්යග්‍රහණ පිළීබඳ අනාවැකි පළ කල හිපාකස්

සබැඳි ලිපි :- තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.
                     තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්.
                     තාරකා විද්‍යාඥයෝ 3 | ග්‍රීසියේ මහා දාර්ශනිකයා ඇරිස්ටෝටල්.
                    තාරකා විද්‍යාඥයෝ 4 | ග්‍රහලෝක අතර නාමාවලිය සැකසූ ටයිකෝ බ්‍රාහි.

සූර්යග්‍රහණ පිළීබඳ අනාවැකි පළ කල හිපාකස්


සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ පිහීටීම ඕනෑම දිනක නිවැරදිව ප්‍රකාශ කිරීමේ හැකියාවක් හිපාකස් නමැති තාරකා විද්‍යාඥයා සතු වුනා. මේ හේතුවෙන් ඔහු පුරාතනයේ සිටි අතිදක්ෂම තාරකා විද්‍යාඥයා ලෙස ද සැලකෙනවා. ක්‍රි.පූ. 190-120 කාලය තුළ ජීවත් වූ හිපාකස්, තාරකා විද්‍යාඥයෙක් පමණක් නොව ගණිතඥයෙක්, භූ ගෝල විද්‍යාඥයෙක් ලෙසද නමක් දිනා සිටි අයෙක්. ත්‍රිකෝණමිතිය සොයා ගැනීමේ ගෞරවයද හිමි වන්නේ මොහුටයි. ඔහු කළ සොයාගැනීම් අතර වඩාත් ප්‍රකට විෂුවයයි. ඔහුගේ සූර්යය හා චන්ද්‍ර සිද්ධාන්ත සහ ත්‍රිකෝණමිතිය අනුව සූර්යග්‍රහණ පිලිබඳ අනාවැකි පළ කිරීමේ ක්‍රමයක්ද ඔහු ඉදිරිපත් කිරීමට සමත් උනා. ඔහුගේ අනෙකුත් වැදගත් සොයා ගැනීම් ලෙස පෘථිවියේ සාපේක්ෂ අක්ෂ භ්‍රමණය ද, තාරකා නාමකරණයද, තරු මාලිමාවේ නිපදවීමද හඳුන්වා දිය හැකියි. හිපාකස්ට අහසේ තරු 850 කට අධික ප්‍රමාණයක පිහිටීම ඉතාම නිවැරදිව  විස්තර කිරීමටද හැකියාව ලැබුනා. 

Sunday, March 10, 2013

තාරකා විද්‍යාඥයෝ 4 | ග්‍රහලෝක අතර නාමාවලිය සැකසූ ටයිකෝ බ්‍රාහි.

සබැඳි ලිපි :- තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.
                    තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්.
                    තාරකා විද්‍යාඥයෝ 3 | ග්‍රීසියේ මහා දාර්ශනිකයා ඇරිස්ටෝටල්.


                   ග්‍රහලෝක අතර නාමාවලිය සැකසූ ටයිකෝ බ්‍රාහි.


නූතන තාරකා විද්‍යාඥයින් අතර සුවිශේෂී තැනක් ටයිකෝ බ්‍රාහිට හිමි වෙනවා. 1546 දී දකුණු ස්වීඩනයේ උඔඅත ලද මොහු රදළ පවුලක සාමාජිකයෙක්. කෝපන්හේගන් සරසවියෙන් අධ්‍යාපනය ලද මොහු උගත් විෂයයන් වූයේ ගණිතය හා තාරකා විද්‍යාවයි. ඉන් අනතුරුව ජර්මනියේ ආකාෂ වස්තු නිරික්ෂණාගාරයක සේවය කිරීමේ භාග්‍යය ඔහුට හිමි උනා. වසර කිහිපයකට පසුව නැවත ඩෙන්මාර්කයට ඔහු පැමිණියේ ජර්මනියෙන් ලද උසස් තාරකා විද්‍යා දැනුමත් සමගයි. එවකට  ඩෙන්මාර්කයේ සිටි රජතුමාගේ ද මූල්‍යමය ආධාර ඇතිව අහස නිරීක්ෂණය කල හැකි මධ්‍යස්ථානයක් ගොඩ නැගීමට බ්‍රාහිට හැකි උනා.

Tuesday, March 5, 2013

තාරකා විද්‍යාඥයෝ 3 | ග්‍රීසියේ මහා දාර්ශනිකයා ඇරිස්ටෝටල්.

සබැඳි ලිපි - තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.
                   තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්.

ඇරිස්ටෝටල්.


ක්‍රි.පූ. 364 - 322 කාලය තුළ ජීවත් වූ ඇරිස්ටෝටල් ග්‍රීක ජාතිකයෙක්. තාරකා විද්‍යාඥයෙක් මෙන් ම දාර්ශනිකයෙක් ලෙසද සුපතළ ඇරිස්ටෝටල් සඳ සහ තරු ගමන් කරන බවට මුලින්ම ප්‍රකාශ කල තැනැත්තාද වෙනවා. "පෘථිවිය විශ්වයේ මධ්‍යස්ථානයයි. ඉර, හඳ, ග්‍රහලෝක පොළොව වටා ගමන් කරයි." යනුවෙන් ඇරිස්ටෝටල් ප්‍රකාශ කලා. ඇරිස්ටෝටල් ගේ මතයට අනුව විශ්වය ගෝලාකාර සහ නිශ්චිත සීමාවන් සහිත ව්‍යුහයක් වෙයි. පෘථිවිය එම සමස්ත විශ්වයේම මැද පිහිටා තිබෙන්නකි. ග්‍රහලෝක සහ අනෙකුත් ග්‍රහ වස්තු පෘථිවිය කේන්ද්‍ර කරගෙන විවිධ පථවල ගමන් කරමින් තිබෙන බවයි ඔහුගේ අදහසින් ප්‍රකාශ වූයේ. ඇරිස්ටෝටල් සතුව "ලයිසියම්" නමින් හඳුන්වන පාඨශාලාවක් තිබුණ අතර එහි කරන ලද භෞතික හා ජීව විද්‍යාත්මක පර්යේෂණවලට වියදම් කරේ ඔහුගේ ශිෂ්‍යෙක් වූ මහා ඇලෙක්සැන්ඩර් රජුයි.

Sunday, March 3, 2013

තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්.

සබැඳි ලිපිතාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.

ගණිත ප්‍රාඥයා පයිතගරස්.

පෘථිවිය ගෝලාකාර බව මුලින්ම ප්‍රකාශ කළේ පයිතගරස්ය. චන්ද්‍රයා මත වැටෙන පෘථිවියේ සෙවණැල්ල නිරීක්ෂණය කර ඒ පිළිබඳව වැඩිදුරටත් අධ්‍යනය කිරීමෙන් අනතුරුවයි මොහු ඒ බව ප්‍රකාශ කලේ. සොමෝස් දූපතේ ධනවත් පවුලක උපන් පයිතගරස් කුඩා කල පටන්ම ඉතා බුද්ධිමත් ළමයෙක් බව ප්‍රකට කලා. සොළොස්වැනි වියේ පසු වෙත් දී ඔහු විසින් ගුරුවරුන්ගෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීමට ගුරුවරුන්ට නොහැකි වී තිබෙනවා. ග්‍රහලෝක ගමන් කරන්නේ වක්‍රාකාර ගමනක බවත් ඔහු ප්‍රකාශ කලා. දක්ෂ ගණිතඥයෙක් ලෙස ද එකල ප්‍රකටව සිටි පයිතගරස් එදා ඉදිරිපත් කල ගණිත සංකල්ප වර්තමානයේදීද පාසල්වල පවා උගන්වයි. එවැනි ගණිත සංකල්පයකි "පයිතගරස් ප්‍රමේය". පයිතගරස් ජීවත් වූයේ ක්‍රි.පූ. 570 - 540 ත් අතර කාලයේ ය.

Saturday, March 2, 2013

තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.

   වර්තමානයේ දී මෙන්ම අතීතයේදීද අහස නිරීක්ෂණයට බොහෝ දෙනා දැක්වූයේ සුවිශේෂී කැමැත්තක්. ඉර, හඳ, තාරකා පිළිබඳව මිනිසා තුළ වූ කුතුහලය ඔවුන් විශ්ව ගවේෂණයට පෙළඹවීය. මිත්‍යා මත සහ ආගමික මත රජකල ඒ යුගයේදී තාරකා විද්‍යාඥයින්ට තමන් සොයා ගත් දේ ප්‍රකාශ කිරීමට, තහවුරු කිරීමට හැකියාවක් නොලැබිනි. ඒ සඳහා උත්සහ දැරූ අයට ඇතැම් විට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු විය. කෙසේ වුවද එවැනි බාධක පරයමින් තම ගවේෂණ කටයුතුවල නිරත වූ නිසා තාරකා විද්‍යාව වර්තමානයේ පවතින තත්වයට දියුණු කිරීමට ඔවුන්ට හැකියාව ලැබිණි. අප්‍රතිහත ධෛර්යයත්, අසාමාන්‍ය කැපකිරීමත් නිසා අනාගත ලෝකයට අනන්ත විශ්වයේ තොරතුරු එළිදරව් කළ එවැනි සුවිශේෂී මිනිසුන් කිහිප දෙනෙකු ගැන මේ ලිපි පෙලෙන් කියවමු.