JustCrowd.net
Showing posts with label දැන ගන්න කියවන්න.. Show all posts
Showing posts with label දැන ගන්න කියවන්න.. Show all posts

Thursday, July 11, 2013

අඩු ඩේටා ප්‍රමාණයක් වැය වෙන ලෙස බ්ලොග් පෝස්ට් බලමු.

  අම්මෝ.. හත් අවුරුද්දකින් විතර ලිපියක් ලියන්නේ. දැන් නම් බ්ලොග් එකේ තත්වෙත් බැහැලා. කට්ටිය එච්චර එන්නෙත් නැති තරම්. මේ ටිකේ මගෙ පියාණෝ මැෂින් එක ඇල්ලීම පවා සපුරා තහනම් කරලා. O/L මේ අවුරුද්දනේ. ඔය හොරෙන් දැම්මොත් තමා. ඉතින් එහෙම අවස්ථාවක් එන්නෙත් කලාතුරකින්. එහෙම කලාතුරකින් ආපු වෙලාවක මේ ලිපිය දාන්න හිතුවා.


මේක පොඩි වැඩක්, එච්චර දෙයක් නෑ. හුඟක් කට්ටිය දන්නවත් ඇති. පාවිච්චි කරනවත් ඇති. මේක හුඟක් ප්‍රයෝජනවත් වෙයි ඔය ඩොන්ගල් වලින් නෙට් ගිහින් බ්ලොග් ලිපි කියවන අයට. මොකද ඩොන්ගල් වලින් යනකොට සාපේක්ෂව ඉන්ටර්නෙට් ස්ලෝ. අනික මම කියන විදිහට බ්ලොග් ලිපි බැලුවොත් Data එච්චර යන්නෙත් නෑ. මාත් ඔය හුඟක් වෙලාවට බලන්නේ ඔහොම තමා. මෙන්න කරන ක්‍රමය. හරිම ලේසි.

Wednesday, April 10, 2013

උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ භාවිතා වන භාෂාව සිංහල බවට වෙනස් කරන හැටි.

උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ පොදු භාෂාව වශයෙන් ඉන්ග්‍රීසි භාවිතා වුවත් එය සම්පූර්ණයෙන්ම සිංහලට හරවා භාවිතා කළ හැක. මෙතනදී උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ පෙන්වන සියලුම ඉන්ග්‍රීසි වචන, සිංහල වචනවලින් අදේශ වී යයි. මෙසේ උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ සිංහලෙන් වැඩ කිරීමේ පහසුකම ලබා ගැනීම සඳහා දැනට උබුන්ටු භාවිතා වන පරිගණකය ඉදිකල යුතු වෙනස්කම් මෙසේය.

Tuesday, April 2, 2013

අපට වැදගත් වන මොබයිල් ෆෝන් රහස්‍ය කේත.

ජංගම දුරකතනයක් පාවිච්චි කිරීමට එහි සපයා තිබෙන මෙනු, නොයෙක් පහසුකම් හා විස්තරවලට අමතර වශයෙන් තවත් තාක්ෂණික තොරතුරු රැසක් එහි රැස් කොට තිබේ. මෙසේ සඟවා ඇති තොරතුරු  හෙවත් සීක්‍රට් ඩේටා (Secret Data) මොනවාද කියා කියවාගන්නට භාවිතා කරන විශේෂ කේත තිබේ. සීක්‍රට් කෝඩ් (Secret Codes) කියා හඳුන්වන්නේ මේවායි. දුරකතනයේ යතුරු පුවරුවෙන් මේවා ටයිප් කළ විට ඊට අදාළ විස්තර ඩිස්ප්ලේ එකේ පෙන්වයි. දුරකතන වර්ගය අනුව මේ කේත වෙනස් වෙයි.

Sunday, March 17, 2013

තාරකා විද්‍යාඥයෝ 5 | සූර්යග්‍රහණ පිළීබඳ අනාවැකි පළ කල හිපාකස්

සබැඳි ලිපි :- තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.
                     තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්.
                     තාරකා විද්‍යාඥයෝ 3 | ග්‍රීසියේ මහා දාර්ශනිකයා ඇරිස්ටෝටල්.
                    තාරකා විද්‍යාඥයෝ 4 | ග්‍රහලෝක අතර නාමාවලිය සැකසූ ටයිකෝ බ්‍රාහි.

සූර්යග්‍රහණ පිළීබඳ අනාවැකි පළ කල හිපාකස්


සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ පිහීටීම ඕනෑම දිනක නිවැරදිව ප්‍රකාශ කිරීමේ හැකියාවක් හිපාකස් නමැති තාරකා විද්‍යාඥයා සතු වුනා. මේ හේතුවෙන් ඔහු පුරාතනයේ සිටි අතිදක්ෂම තාරකා විද්‍යාඥයා ලෙස ද සැලකෙනවා. ක්‍රි.පූ. 190-120 කාලය තුළ ජීවත් වූ හිපාකස්, තාරකා විද්‍යාඥයෙක් පමණක් නොව ගණිතඥයෙක්, භූ ගෝල විද්‍යාඥයෙක් ලෙසද නමක් දිනා සිටි අයෙක්. ත්‍රිකෝණමිතිය සොයා ගැනීමේ ගෞරවයද හිමි වන්නේ මොහුටයි. ඔහු කළ සොයාගැනීම් අතර වඩාත් ප්‍රකට විෂුවයයි. ඔහුගේ සූර්යය හා චන්ද්‍ර සිද්ධාන්ත සහ ත්‍රිකෝණමිතිය අනුව සූර්යග්‍රහණ පිලිබඳ අනාවැකි පළ කිරීමේ ක්‍රමයක්ද ඔහු ඉදිරිපත් කිරීමට සමත් උනා. ඔහුගේ අනෙකුත් වැදගත් සොයා ගැනීම් ලෙස පෘථිවියේ සාපේක්ෂ අක්ෂ භ්‍රමණය ද, තාරකා නාමකරණයද, තරු මාලිමාවේ නිපදවීමද හඳුන්වා දිය හැකියි. හිපාකස්ට අහසේ තරු 850 කට අධික ප්‍රමාණයක පිහිටීම ඉතාම නිවැරදිව  විස්තර කිරීමටද හැකියාව ලැබුනා. 

Sunday, March 10, 2013

තාරකා විද්‍යාඥයෝ 4 | ග්‍රහලෝක අතර නාමාවලිය සැකසූ ටයිකෝ බ්‍රාහි.

සබැඳි ලිපි :- තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.
                    තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්.
                    තාරකා විද්‍යාඥයෝ 3 | ග්‍රීසියේ මහා දාර්ශනිකයා ඇරිස්ටෝටල්.


                   ග්‍රහලෝක අතර නාමාවලිය සැකසූ ටයිකෝ බ්‍රාහි.


නූතන තාරකා විද්‍යාඥයින් අතර සුවිශේෂී තැනක් ටයිකෝ බ්‍රාහිට හිමි වෙනවා. 1546 දී දකුණු ස්වීඩනයේ උඔඅත ලද මොහු රදළ පවුලක සාමාජිකයෙක්. කෝපන්හේගන් සරසවියෙන් අධ්‍යාපනය ලද මොහු උගත් විෂයයන් වූයේ ගණිතය හා තාරකා විද්‍යාවයි. ඉන් අනතුරුව ජර්මනියේ ආකාෂ වස්තු නිරික්ෂණාගාරයක සේවය කිරීමේ භාග්‍යය ඔහුට හිමි උනා. වසර කිහිපයකට පසුව නැවත ඩෙන්මාර්කයට ඔහු පැමිණියේ ජර්මනියෙන් ලද උසස් තාරකා විද්‍යා දැනුමත් සමගයි. එවකට  ඩෙන්මාර්කයේ සිටි රජතුමාගේ ද මූල්‍යමය ආධාර ඇතිව අහස නිරීක්ෂණය කල හැකි මධ්‍යස්ථානයක් ගොඩ නැගීමට බ්‍රාහිට හැකි උනා.

Tuesday, March 5, 2013

තාරකා විද්‍යාඥයෝ 3 | ග්‍රීසියේ මහා දාර්ශනිකයා ඇරිස්ටෝටල්.

සබැඳි ලිපි - තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.
                   තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්.

ඇරිස්ටෝටල්.


ක්‍රි.පූ. 364 - 322 කාලය තුළ ජීවත් වූ ඇරිස්ටෝටල් ග්‍රීක ජාතිකයෙක්. තාරකා විද්‍යාඥයෙක් මෙන් ම දාර්ශනිකයෙක් ලෙසද සුපතළ ඇරිස්ටෝටල් සඳ සහ තරු ගමන් කරන බවට මුලින්ම ප්‍රකාශ කල තැනැත්තාද වෙනවා. "පෘථිවිය විශ්වයේ මධ්‍යස්ථානයයි. ඉර, හඳ, ග්‍රහලෝක පොළොව වටා ගමන් කරයි." යනුවෙන් ඇරිස්ටෝටල් ප්‍රකාශ කලා. ඇරිස්ටෝටල් ගේ මතයට අනුව විශ්වය ගෝලාකාර සහ නිශ්චිත සීමාවන් සහිත ව්‍යුහයක් වෙයි. පෘථිවිය එම සමස්ත විශ්වයේම මැද පිහිටා තිබෙන්නකි. ග්‍රහලෝක සහ අනෙකුත් ග්‍රහ වස්තු පෘථිවිය කේන්ද්‍ර කරගෙන විවිධ පථවල ගමන් කරමින් තිබෙන බවයි ඔහුගේ අදහසින් ප්‍රකාශ වූයේ. ඇරිස්ටෝටල් සතුව "ලයිසියම්" නමින් හඳුන්වන පාඨශාලාවක් තිබුණ අතර එහි කරන ලද භෞතික හා ජීව විද්‍යාත්මක පර්යේෂණවලට වියදම් කරේ ඔහුගේ ශිෂ්‍යෙක් වූ මහා ඇලෙක්සැන්ඩර් රජුයි.

Sunday, March 3, 2013

තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්.

සබැඳි ලිපිතාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.

ගණිත ප්‍රාඥයා පයිතගරස්.

පෘථිවිය ගෝලාකාර බව මුලින්ම ප්‍රකාශ කළේ පයිතගරස්ය. චන්ද්‍රයා මත වැටෙන පෘථිවියේ සෙවණැල්ල නිරීක්ෂණය කර ඒ පිළිබඳව වැඩිදුරටත් අධ්‍යනය කිරීමෙන් අනතුරුවයි මොහු ඒ බව ප්‍රකාශ කලේ. සොමෝස් දූපතේ ධනවත් පවුලක උපන් පයිතගරස් කුඩා කල පටන්ම ඉතා බුද්ධිමත් ළමයෙක් බව ප්‍රකට කලා. සොළොස්වැනි වියේ පසු වෙත් දී ඔහු විසින් ගුරුවරුන්ගෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීමට ගුරුවරුන්ට නොහැකි වී තිබෙනවා. ග්‍රහලෝක ගමන් කරන්නේ වක්‍රාකාර ගමනක බවත් ඔහු ප්‍රකාශ කලා. දක්ෂ ගණිතඥයෙක් ලෙස ද එකල ප්‍රකටව සිටි පයිතගරස් එදා ඉදිරිපත් කල ගණිත සංකල්ප වර්තමානයේදීද පාසල්වල පවා උගන්වයි. එවැනි ගණිත සංකල්පයකි "පයිතගරස් ප්‍රමේය". පයිතගරස් ජීවත් වූයේ ක්‍රි.පූ. 570 - 540 ත් අතර කාලයේ ය.

Saturday, March 2, 2013

තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.

   වර්තමානයේ දී මෙන්ම අතීතයේදීද අහස නිරීක්ෂණයට බොහෝ දෙනා දැක්වූයේ සුවිශේෂී කැමැත්තක්. ඉර, හඳ, තාරකා පිළිබඳව මිනිසා තුළ වූ කුතුහලය ඔවුන් විශ්ව ගවේෂණයට පෙළඹවීය. මිත්‍යා මත සහ ආගමික මත රජකල ඒ යුගයේදී තාරකා විද්‍යාඥයින්ට තමන් සොයා ගත් දේ ප්‍රකාශ කිරීමට, තහවුරු කිරීමට හැකියාවක් නොලැබිනි. ඒ සඳහා උත්සහ දැරූ අයට ඇතැම් විට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු විය. කෙසේ වුවද එවැනි බාධක පරයමින් තම ගවේෂණ කටයුතුවල නිරත වූ නිසා තාරකා විද්‍යාව වර්තමානයේ පවතින තත්වයට දියුණු කිරීමට ඔවුන්ට හැකියාව ලැබිණි. අප්‍රතිහත ධෛර්යයත්, අසාමාන්‍ය කැපකිරීමත් නිසා අනාගත ලෝකයට අනන්ත විශ්වයේ තොරතුරු එළිදරව් කළ එවැනි සුවිශේෂී මිනිසුන් කිහිප දෙනෙකු ගැන මේ ලිපි පෙලෙන් කියවමු.

Wednesday, February 27, 2013

අපේ PC එකත් Windows 8 වගේ කරගමු.

   ඔන්න හෙන කාලෙකින් ලිපියක් ලියනවා. මේ ටිකේම ලිපි ලියන්න තියා හිතන්නවත් බැරි තත්වෙක තිබ්බේ. දැන් O\L වලට මුහුණ දෙන්න බලන් ඉන්න කොල්ලො නෙ. ඒක හින්ඳා පාඩම් කියල ජාතියකුත් කරන්ට එපායැ....

එහෙනම් අද ගෙනාවෙ පොඩි Theme එකක්. හරියටම කියුවොත් Windows 8 Transformation Pack. මේ බ්ලොග් එකේ පළවෙනියට Theme එකක් දෙන්නේ අද. මේකෙන් අපේ  තියෙන්නේ Windows XP හරි Vista වගේ එකක් නම් ඒක Windows 8 වගේ කරනවා. කරනව කියුවට ඒ විදිහටම කරන්නේ නෑ. සමාන්‍යයෙන් හෙන ගතියට මැෂින් එක එනවා. එහෙනම් වැඩිය කියවන්න වෙලාව නෑ ඔයාලම බාගෙන බලන්නකෝ......




ලින්ක් වල එහෙම අවුලක් තියනවනම් කොමෙන්ට් එකක් දාන්න. ආ යාළුවනේ මේ ගමන් පොඩි ප්‍රශ්නයක් අහන්නත් තියෙයි. මේ ටිකේ මගේ බ්ලොග් එකේ අම්බානට Spam Comments වැටෙනවා. මොකක්ද අවුල කියල දන්න කෙනෙක් ඉන්නවනම් කොමෙන්ට් එකක් විදිහට ලියල යන්න හොඳේ. ලයික් පාරක් එහෙම දීගෙනම යන්න. 


Wednesday, February 13, 2013

චංගුමීගේ ඇත්ත කතාව.

   මේ දිනවල කොහෙත්, කොතෑනත් වැඩියෙන්ම කතාබහට ලක්වෙන චරිතය "චංගුමී" කියුවොත් නිවැරදියි. වයස් භේදයකින් තොරව හැමෝම සතියේ දිනවල බලා සිටින්නේ චංගුමී නිවසට එනතෙක්. සිංහලෙන් හඬ කැවූ කොරියානු නාට්‍යයක් වන "Dea Jang Geum" නැතහොත් "සුජාත දියණි" කතා මාලාවෙ මේ දිනවල විකාශය විකාශය වී අවසානයි.


ජාතික රූපවාහිනියෙන් නිවසට කැන්දාගෙන එන සුජාත දියණි නැතහොත් "චංගුමී" සෑම නිවසකම සිය අධිකාරිය පතුරවමින් සිටින මේ මොහොතේ මෙම සටහන චංගුමී ලෙසින් රඟන "ලී යන්ග් ඒ" (Lee Young Ae) පිලිබඳවයි.


නිරූපිකාවක් ලෙසින් 1991 දී සිය වෘත්තීය දිවිය අරඹන ලී යන්ග් ඒ රඟ පෑමට යොමු වන්නේ ඉන් ඉක්බිතිවයි. ඇය විශාල ජනප්‍රසාදයකට ලක්වන්නේ Dea Jang Geum ටෙලි නාට්‍ය මාලාව සමගයි. 2003 වසරේ දී විකාශය වූ කොරියාවෙ අතිශයින් ජනප්‍රිය වූ මෙය "Jewel of the Palace" නමින් තායිවානය, හොංකොං හා චීනයේ දහස් සංඛ්‍යාත ජනකායක් ආකර්ෂණය කර ගැනීමට සමත් විය. කොරියානු තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු එම නාට්‍ය "සුජාත දියණි" නමින් මෙරට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ඇත්තේ අන් රටවල් පරදවමින්. රජ ගෙදර මුළුතැන්ගෙයි සේවිකාවක ලෙස සේවයට බැඳී ප්‍රධාන රාජකීය වෛද්‍යවරිය දක්වා දුෂ්කර ගමනක් යන දිරිය දියණියකගේ කතාන්දරය රැගත් මේ නාට්‍ය මාලාව ලී යන්ග් ඒ ට වාසනාව ගෙන ආ බව කාගෙත් අදහසයි.

මෙම නාට්‍යට අමතරව තවත් ටෙලි නාට්‍ය 17 ක පමණද චිත්‍රපට 5 ක පමණද රඟපෑ ඇය දැන් 41 වැනි වියෙහි පසුවෙයි. 1971 ජනවාරි 21 වැනිදා දකුණු කොරියාවෙ සියෝල් හිදී උපත ලද ලී යන්ග් ඒ 2009 අගෝස්තු මස 24 වැනිදා ජෙඔන්ග් හෝ යන්ග් නමැති කොරියානු ජාතික ඇමරිකානු ව්‍යාපාරිකයා සමග මාධ්‍යවලට ද රහසින් හවායිහිදී විවාහ වෙයි. ලී යන්ග් ඒ ට වඩා වසර 8 කින් වැඩිමහල් ඇගේ සැමියා පිලිබඳ ඇය කියන්නේ ඔහු ඉතා විශ්වාසදායී ආදරණීය පුද්ගලයෙකු බවයි. ඔහු ගැන ආදරයට වඩා ගැඹුරු හැඟීමක් තමන් තුල ඇති බව පවසන ලී යන්ග් ඒ ආදරයට වයස බලපාන්නේ නැති බව කියයි.

ලී යන්ග් ඒ සරල, නිහතමානී හුඟක් හොඳ ගතිගුණ ඇති අයෙක් බව ඇගේ සැමියා පවසයි. මේ වන විට දෙදරු මවක් වන ඇය 2011 පෙබරවාරි 20 වැනිදා පිරිමි හා ගැහැනු නිවුන් දරුවන් දෙදෙනෙකු බිහි කළාය. ඇය ඇගේ ජීවිතයම ඒ දරුවන් වෙනුවෙන් කැප කර සිටින අතර තමන් මුල් තැන දෙන්නේ තම පවුලට බව කියා සිටී. දරුවන්ට ස්වාභාවික පරිසරයේ හැදෙන්නට වැඩෙන්නට ඉඩදීමේ අරමුණෙන් අක්කර 180 ක විශාල ඉඩමක් සහිත මන්දිරයක් ඇය මිලදී ගෙන ඇත්තේ එබැවිනි. දරු ප්‍රසූතියෙන් අනතුරුව ඇය සය මසක පමණ කාලයක් තුල දී නැවත සිය සිරුරේ හැඩය හා වර්ණය මනාව හැඩගසාගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි. ඇගේ මුල් කාලීන රූපය හා සසඳන විට පසුකාලීන රඟපෑම් වලදී ඇගේ ඇස් වටා ප්‍රදේශය ප්ලාස්ටික් සැත්කමකට භාජනය කර ඇද්දයි යන්න පිලිබඳ විවිධ කටකතා මාධ්‍ය වාර්තාකරමින් සිටී.


කෙසේ වෙතත් වෘත්තීය වශයෙන් ඉතා සාර්ථකව සිටින ඇය 2005 තිරගත වූ Sympathy for lady Vengence නමැති දකුණු කොරියානු චිත්‍රපටිය වෙනුවෙන් හොඳම සිනමා නිළිය සම්මානය අන්තර්ජාතික සිනමා උළෙල හතරකදී දිනා ඇත. ඇය ටෙලි නාට්‍යය වෙනුවෙන්ද සම්මාන රැසකට හිමිකම් ලබා ඇත.



ලී යන්ග් ඒ Hanyang විශ්ව විද්‍යාලයෙන් ජර්මන් භාෂාව හා සාහිත්‍ය පිළිබඳ බී.ඒ. උපාධිය Chung Ang විශ්ව විද්‍යාලයෙන් වේදිකා නාට්‍ය හා චිත්‍රපට පිළිබඳ එම්.ඒ. උපාධියත් ලබාගෙන ඇත.

ඇය සිය වෘත්තීය ජිවිතයෙන් බැහැරව නොයෙකුත් සමාජ සේවයන්හීද නිරත වන්නියකි. පාසල් හා රෝහල් ගණනාවකට ඇය ධන පරිත්‍යාගයෙන් දායක වී තිබේ. ඉටියෝපියාව හා ථාර් කාන්තාරවල සමාජ සේවිකාවක ලෙස තමා කළ සංචාර අළලා A most Special Love නමැති ස්වයං චරිතාපදානයක් රචනා කල ලී යන්ග් ඒ එම ග්‍රන්ථයේ අදායමද සමාජ සේවය වෙනුවෙන් කැප කොට ඇත. එසේම නැවත 2006 දී Yong Ae's Vow නමින් සිය වෘත්තීය ජීවිතය ඇතුලත් කොට නැවත ස්වයං චරිතාපදානයක් රචනා කොට ඇත.



ලී යන්ග් ඒ මෑතක දී සාම්ප්‍රදායික කොරියානු තේ සහ ළදරු ආහාර ව්‍යාපාරයක් ද ආරම්භ කර ඇතැයි කියවේ.

මූලාශ්‍රය :- 2013 ජනවාරි 27 රිවිර රිවිසරසි පුවත්පත් අතිරේකය.




Tuesday, January 22, 2013

වෙබ් හෝ බ්ලොග් අඩවියක තිබෙන හානි වූ Link සොයාගන්න හැටි.


සාමාන්‍යයෙන් බ්ලොග් හෝ වෙබ් අඩවියක විවිධ වූ ලින්ක් විශාල ප්‍රමාණයක් තියෙයි නේ. ඒ විශාල ලින්ක් ප්‍රමාණය අතර සමහර ලින්ක් වැඩ නොකරන්න පුළුවන්. විශේෂයෙන් ඔය Download කරගන්න දෙන ලින්ක් එහෙම වැඩ නොකෙරුවොත් අපේ බ්ලොග් එක හරි වෙබ් එකට හරි එන කට්ටිය අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ආය ආත්මෙකට ඒ පැත්තේ එන්නැති වෙන්නත් පුළුවන්. තව මෙහෙම හානි වෙලා තියන ලින්ක් තියන එකෙන් අපේ බ්ලොග් හෝ වෙබ් අඩවියේ Page Rank එකත් බහින්න පුළුවන්.

ඔය උඩ කියුව විදිහට හානි වෙලා තියන ලින්ක් හොයාගන්න පුළුවන් පොඩි මෘදුකාංගයක් අද මම දෙන්නම්. මේකෙන් ඔයාල ඔයාලගෙ බ්ලොග් හරි වෙබ් අඩවිවල තියන අවුල් වෙලා තියන ලින්ක් හදල දාන්නකෝ...




1.මුලින්ම ගිහින් මෘදුකාංගය බාගෙන ඉන්ස්ටෝල් කරගන්නකෝ...

Tuesday, November 13, 2012

2011 වසරේ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට

       අද පොඩි අමුතු දෙයක් ගැන කියන්න හිතුනා. කට්ටියම චිත්‍රපටි බලන්න කැමති ඇති නේ. එහෙනම් අපි අද බලමු 2011 වසරේ වැඩිම අදායමක් ඉපයූ Film 5 මොනවද සහ ඒ ගැන පොඩි විස්තර ටිකක්.

Harry Potter and the Deathly Hallows – Part 2



මේකට ගහන්න නම් කට්ටිය නෑ කියල හුඟක් කට්ටිය දන්නව ඇති. මේක තමා මුළු Harry Potter කථා මාලාවේම අවසානය. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන David Yates. මේක පාදක වෙලා තියෙන්නේ J. K. Rowling විසින් ලියපු Harry Potter කියන පොත් මාලාවයි. මේ කතාවෙ සුපුරුදු පරිදි Harry Potter ලෙස Daniel Radcliffe, Hermione Granger ලෙස Emma Watson සහ Ron Weasley ලෙස Rupert Grint රඟපානව.

Daniel Radcliffe, Emma Watson, Rupert Grint

Sunday, October 21, 2012

උල්කාපාත ගැන දැනගනිමු.

උල්කාපාතයක් යනු :-

           වළාකුළු නැති පැහැදිලි අහසක් ඇති රැයක තරු පිරිවරා ගත් අහස් ගැබ දෙස මද වෙලාවක් සුපරිෂාකාරීව බලා සිටින්න. එක් අවස්ථාවක දී තරු කඩා වැටෙනවාක් සේ ඔබට දිස්වෙනු ඇත. ඒ තරුවක් කඩා වැටීමක් නොව උල්කාපාත ඇද හැලීමකි.



            මේ පරක් තෙරක් නොමැති මහා විශ්වයේ විවිධ ආකාශ වස්තූන් ප්‍රකෝටි ගණනින් පිහිටා ඇත. මේවායින් සමහරක් කුඩා වන අතර තවත් සමහරක් අති විශාල වේ. අභ්‍යවකාශයේ සැරිසරන මෙම අකාශ වස්තූන් සමහර අවස්ථාවල දී පෘථිවියට ආසන්නව ගමන් කරයි. එවැනි අවස්ථාවල දී පෘථිවි ගුරුත්වකාර්ශනයට හසුවන මේවා පෘථිවි වායු ගෝලය හා ගැටී පිළිස්සී විනාශ වී යන අතර, සමහර ඒවා විනාශ නොවීම පෘථිවිය මතට පතිත වේ. මේ අනුව බලන කල උල්කාපාතයක් යන්න පහත පරිදි අර්ථකථනය කල හැකිය.

" පෘථිවි වායු ගෝලයට ඇතුළු වන අභ්‍යවකාශයේ සැරිසරන ඕනෑම ග්‍රහ වස්තුවක් උල්කාපාතයකි"

Sunday, October 14, 2012

පෘථිවියට ආසන්නයෙන් දියමන්ති ලෝකයක් සොයා ගැනේ.

       මෙන්න අද මම පොඩි News එකක් ගෙනාවා අභ්‍යවකාශය ගැන. මේ ගැන සමහර කට්ටියනම් දන්නවත් ඇති. ඕන් විද්‍යාඥයින් කට්ටියක් දියමන්ති ලෝකයක් හොයාගෙනලු.


මේක තියෙන්නේ පෘථිවියේ ඉදන් වැඩි ඈතක නෙවෙයි. ආලෝක වර්ෂ 40ක් ඈත:p විද්‍යාඥයින් කියන විදිහට මේක දියමන්තියක් වගේම බබළනවලු. ඒ නිසා මේකෙ මතුපිට පුරාම දියමන්ති විසිරී තිබෙන බවයි දැනගන්න ලැබෙන්නේ....

           මේ ග්‍රහලෝකය Cancri 55 e කියල තමයි නම් කරලා තියෙන්නේ. මේකෙ විශාලත්වය පෘථිවිය වගේ දෙගුණයක් වගේම ස්කන්ධය අට ගුණයක්.

Tuesday, October 9, 2012

ඈත්තටම මොකක්ද මේ Torrent කියන්නේ?

------------------------------------------------මෙය උපුටාගත් ලිපියකි.----------------------------------------------------

----------------------------------------------------------------------------------------------------------------------------------

           ඔන්න අද මම කතාකරන්න යන්නේ හැමෝම වගේ දන්නා දෙයක් ගැන. දන්නවා උනාට කමක් නෑ. කියවල ඉන්නකෝ. සමහරවිට නොදන්නා කරුණු තියෙන්නත් පුළුවන් නේ. "Torrent". සමහර අයට මේ වචනේ කිව්වත් තරහ යනවා. තවත් සමහර අය IT ගැන කතා කරද්දී කැමතිම වචනේ Torrent. තව කට්ටියකට torrent වල කිසිම විශේෂත්වයක් නෑ. ඇයි මේ එක එක කට්ටිය එක එක විදියට එකම දෙයක් දකින්නේ? ඒක torrent වල තියෙන විශේෂ ලක්ෂණයක්ද? අපෝ නෑ. ඒක මේ ලෝකේ හැටිනේ. මිනිස්සු ලෝකේ දකින්නේ තම තමන්ට කැමති විදියට. ඒකෙත් වැරද්දක් නෑ. ඒත් සමහර අය ඉන්නවා එයාල ලෝකේ දකින්නේ වෙන කට්ටියට ඕනේ විදියට. Torrent වලට අකමැති අයගෙන් ගොඩ දෙනෙක් එහෙමයි. හරියට දැනගන්නේ නැතුව අනුන් අකමැති නිසා තමනුත් අකමැති වෙනවා. ඔන්න දැන් මීට පස්සේ එහෙම වෙන්න ඕනේ නෑ. හරියට දැනගන්නකො torrent ගැන.

Saturday, October 6, 2012

Torrent Download වෙන්නේ හෙමින්ද? මෙන්න විසඳුම.

         මෙන්න තවත් Tricks කෑල්ලක් කියල දෙන්නයි යන්නේ... ඔය කට්ටිය ඔය එක එක දේවල් Torrnet වලින් බානව ඇතිනේ. වැඩි හරියක් ඉතින් Film එහෙම වෙන්නැති බාගන්නේ. ඉතින් ඔය ඕන එකක් බාගන්න Seeders, Trackers එහෙම තියෙන්න ඕනි නේ? අන්න ඒව ටිකක් දාගන්න හැටි අද අපි බලමු. පට්ට ලේසි වගේම සුපිරි.


          මේක මම කරන්නේ BitTorrent වල. අනිත් Torrent Client software වලත් අනිව තියනවා. මේක කරන්න කලින් පොඩි Text File එකක් බාගන්න ඕනි. ඒකෙ තමා ඔය දාන්න යන Trackres List එක තියෙන්නේ. ඔන්න එහෙනම් බාගන්නකෝ....

Thursday, September 27, 2012

සුභ උපන්දිනයක් Google.

         මේ තමයි Google වල 14 වැනි උපන් දිනය. මේ කාලෙ ඔය පොඩි එකා පවා දන්නවා Google ගැන. මේක මුලින්ම පටන් ගත්තේ Search engine එකක් විදිහට. දැනුත් ඉතින් ප්‍රධානවම එහෙම තමා. ඒ කාලෙ මේක එච්චර ප්‍රසිද්ධ වෙලා නෑ. ඒත් දැන් ඉතින් තරම හැමෝම දන්නව නේ? මුළු ලෝකෙම අන්තර්ජාලෙ යන අයගෙන් Google වලින් ප්‍රයෝජනයක් ගන්නේ නැති කෙනෙක් හිටියොත් ඒක ලෝක පුදුමයක්. නැත්තම් ඉතින් වෙබ් බ්‍රව්සර් එක ඕපන් කරල ඒක දිහා නිකන් බලන් ඉන්න එකෙක් වෙන්න ඕනේ....:))


මේකෙ විස්තර ටිකක් මුලින්ම අපි සැකෙවින් බලමුකෝ...

Monday, September 24, 2012

ලොව සරාගීම හැකර්වරිය

       මෙන්න අද කට්ටිය මාතෘකාව දැක්කහම හිතන්න ඇති පසියට මොකද වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මම මේකෙ දාන්නේ තාක්ෂණික ලිපි නේ. අවුලක් නෑ. මේකත් එක්තරා විදිහක තාක්ෂනය සම්බන්ධ ලිපියක් වගේ තමා. අනේ මන්දා අප්පා. දැනුම සොයා යන අපේ යාළුවන් නම් කැමති වේවි මේ වගේ අය ගැන දැනගන්න.


මේ තොරතුරු මම හොයාගත්තේ Wikipedia වලින්. ඔය නිකන් ඉන්න ගමන් ඔයාලත් යන්න. පට්ට ඒව තියෙන්නේ. මෙන්න මම අර කියුව එක්කනාගෙ විස්තර. ඒ අතර මම එයාගෙ පහර ෆොටෝ ටිකකුත් දාන්නන්කෝ. මාර ලස්සනයි ඈ.....

Friday, September 7, 2012

Backlinks Goldmine E-Book (බ්ලොග් කරුවෙක්ද? මෙන්න දැනගත යුතුම Tricks)

        මෙන්න අද නියම බාණ්ඩයක්. මීට කලින් ලිපියේ මම දුන්නනෙ .edu වෙබ් සයිට් වල Backlinks හදන හැටි තියන E-Book එකක්. එකෙ අන්තිමට කියුවනේ මම ලෝකේ වැඩිම වේගයෙන් අලෙවි වූ පොතක් වන Backlink Goldmine e-book එක දෙනව කියල. ඔන්න කියුව වගේම ඒක දෙන්නයි යන්නේ හොඳේ...


   මේකෙ ඇත්තටම තියෙන්නේ බ්ලොග් කරන්න උදව් වෙන එක එක Tips & Tricks. මුල ඉඳලම තියෙනව. රූප සටහන් එක්කම. මේකේ පොත් 2ක් තියනවා. එකක් ඔය එක එක Tricks තියන පොත. අනිත් එක තමයි Backlinks හදන්න පුළුවන් වෙබ් සයිට් තියන E-Book එක.

Tuesday, September 4, 2012

.edu වෙබ් සයිට් වලින් Backlinks හදාගන්න හැටි දැනගන්න මෙන්න E-Book එකක්.

     ආයුබොවන් හැමෝටම. අද මම දෙන්න යන්නේ මගේ බ්ලොග් එකේ පළවෙනි E-Book එක. දැන් කාලෙ හැමෝටම තියන ප්‍රශ්නයක් තමා තමා මහන්සි වෙලා හදපු වෙබ් හෝ බ්ලොග් අඩවියට කොහොමද Traffic ගෙන්නවාගන්නේ කියන එක. ඒකට ක්‍රම කිහිපයක්ම තියනවා. කිහිපයක් විදිහට,

  1. අඩවිය සින්ඩිකේටර් වලට හා ඩිරෙක්ටරි වලට ඇතුලත් කිරීම.
  2. Facebook, Twitter වැනි සමාජ ජාලා වෙබ් අඩවි වල අඩවියේ ලිපි සඳහන් කිරීම.
  3. විකිපීඩියා වැනි වෙබ් අඩවිවල ලිපි ලියා ඒවායේ අඩවියේ ලින්ක් සඳහන් කිරීම.
  4. Backlink සෑදීම.

      මෙම ක්‍රම වලින් වැදගත් හා විශ්වාසදායක ක්‍රමයක් තමා Backlinks සෑදීම. ඒව ඔය කොමෙන්ට් වලිනුත් හදන්න පුළුවන්. ඒත් ඊට වඩා Search Engine Spiders ලට වැඩියෙන් අහුවෙන ක්‍රමයක් තමා Backlinks ඔය .edu, .gov වගේ ඩොමේන් තියන වෙබ් සයිට් වලට දාන එක. ඒව වටින්නේ ඔය වගේ ඩොමේන් ලේසියකට ගන්න බැරි නිසා. ඒව සාමාන්‍යයෙන් දෙන්න ඔය රටවල රජයන්ට. ඒක හින්දා ඒව මාර විදිහට වටිනවා. ඉතින් ඒ වගේ වටිනා සයිට් වල Backlinks හදාගත්තා කියන්නේ ගොඩම තමා.