JustCrowd.net

Thursday, March 1, 2012

අපේ වෙබ් සයිට් එකක් සර්ච් එන්ජිමක සබ්මිට් කරන හැටි.

                        කොහොමද යාළුවනේ ඔය හැමෝටම සුභ දවසක්.මම අද ඔයාලට අලුත් වැඩක් කියල දෙන්නයි ආවේ.ඔයාලා ඔය මහන්සි වෙලා හදන වෙබ් සයිට් එක කොහොමින් කොහොම හරි පබ්ලිෂ් කරා කියමුකෝ.ඒත් කොහොමද ඒ වෙබ් එකේ නම සර්ච් එන්ජින් එකක සර්ච් කරහම අපේ වෙබ් සයිට් එකත් නමත් ඒ සෙවුම් ප්‍රථිඵල වලට දගන්නෙ? අන්න ඒක කරන විදිහ තමා මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ...


                      හරි අපි වැඩේට බහිමුකෝ.මේක කරන්න පුලුවන් ක්‍රම කීපයක් තියනවා.එක ක්‍රමයක් තමා අපේ වෙබ් අඩවියේ URL එක නැත්නම් වෙබ් අඩවියේ අන්තර්ගතය සර්ච් එන්ජින් එකක් තුළට එක් කිරීම(Submit කිරීම ).ඒ සඳහා එම සර්ච් එන්ජින්
විසින් සපයා ඇති විශේෂ ලින්ක් වලට ගිහින් අදළ තොරතුරු ලබා දිය යුතුයි.මේ සඳහා...

  • ගූගල්(google )සර්ච් එන්ජින් එකට සබ්මිට් කිරීමට www.google.com/addurl/ වෙත යා යුතුය.
  • යාහූ(yahoo )සර්ච් එන්ජිමට සබ්මිට් කිරීමටwww.search.yahoo.com/info/submit.html වෙත යා යුතුය.
  • බින්ග්(bing )සර්ච් එන්ජිමට සබ්මිට් කිරීමට නම් www.bing.com/webmaster/SubmitSitePage.aspx වෙත යා යුතුය.
                    වෙබ් පිටු සබ්මිට් කළ හැකි තවත් ක්‍රමයක් තමයි.වෙබ් පිටුවට HTML කේත ලිවීමේදී <Title></Title> හා <h1> <h2> ආදී tags සමඟ යොදන වචනද සර්ච් එන්ජිමක තොරතුරු සොයා බලන විශේෂ මෘදුකංග හෙවත් ස්පයිඩර්ස්(Search engine spiders) මඟින් හඳුනා ගනී.එවිට අපේ වෙබ් එක ඉබේම ලැයිස්තු ගත වේ.

                      තවත් ක්‍රමයක් තමා අපේ වෙබ් අඩවියේ සෝස් කෝඩ් තුළට ඇතුළු කරන Meta නම් ටැග් එක් තුළට ඇතුළු කරන කෝඩ් (<META name="key words">) අධාරයෙන්ද වෙබ් අඩවි සොයා ලැයිස්තු ගත කරන සර්ච් එන්ජින් තිබේ.

                   එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...




3 comments:

  1. Meta tag දාන හැටි මෙතන තියෙනවා මගේ බ්ලොගයේ. http://panhidablog.blogspot.com/2011/03/meta-tag.html

    ReplyDelete
  2. Google Webmaster tools valin Blog eka Verify karala, eakata blog eke Feed ekay, Sitemap.xml ekay submit karama ikmanin index venava. :)

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.