JustCrowd.net
Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Wednesday, February 27, 2013

අපේ PC එකත් Windows 8 වගේ කරගමු.

   ඔන්න හෙන කාලෙකින් ලිපියක් ලියනවා. මේ ටිකේම ලිපි ලියන්න තියා හිතන්නවත් බැරි තත්වෙක තිබ්බේ. දැන් O\L වලට මුහුණ දෙන්න බලන් ඉන්න කොල්ලො නෙ. ඒක හින්ඳා පාඩම් කියල ජාතියකුත් කරන්ට එපායැ....

එහෙනම් අද ගෙනාවෙ පොඩි Theme එකක්. හරියටම කියුවොත් Windows 8 Transformation Pack. මේ බ්ලොග් එකේ පළවෙනියට Theme එකක් දෙන්නේ අද. මේකෙන් අපේ  තියෙන්නේ Windows XP හරි Vista වගේ එකක් නම් ඒක Windows 8 වගේ කරනවා. කරනව කියුවට ඒ විදිහටම කරන්නේ නෑ. සමාන්‍යයෙන් හෙන ගතියට මැෂින් එක එනවා. එහෙනම් වැඩිය කියවන්න වෙලාව නෑ ඔයාලම බාගෙන බලන්නකෝ......




ලින්ක් වල එහෙම අවුලක් තියනවනම් කොමෙන්ට් එකක් දාන්න. ආ යාළුවනේ මේ ගමන් පොඩි ප්‍රශ්නයක් අහන්නත් තියෙයි. මේ ටිකේ මගේ බ්ලොග් එකේ අම්බානට Spam Comments වැටෙනවා. මොකක්ද අවුල කියල දන්න කෙනෙක් ඉන්නවනම් කොමෙන්ට් එකක් විදිහට ලියල යන්න හොඳේ. ලයික් පාරක් එහෙම දීගෙනම යන්න. 


Tuesday, January 22, 2013

වෙබ් හෝ බ්ලොග් අඩවියක තිබෙන හානි වූ Link සොයාගන්න හැටි.


සාමාන්‍යයෙන් බ්ලොග් හෝ වෙබ් අඩවියක විවිධ වූ ලින්ක් විශාල ප්‍රමාණයක් තියෙයි නේ. ඒ විශාල ලින්ක් ප්‍රමාණය අතර සමහර ලින්ක් වැඩ නොකරන්න පුළුවන්. විශේෂයෙන් ඔය Download කරගන්න දෙන ලින්ක් එහෙම වැඩ නොකෙරුවොත් අපේ බ්ලොග් එක හරි වෙබ් එකට හරි එන කට්ටිය අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ආය ආත්මෙකට ඒ පැත්තේ එන්නැති වෙන්නත් පුළුවන්. තව මෙහෙම හානි වෙලා තියන ලින්ක් තියන එකෙන් අපේ බ්ලොග් හෝ වෙබ් අඩවියේ Page Rank එකත් බහින්න පුළුවන්.

ඔය උඩ කියුව විදිහට හානි වෙලා තියන ලින්ක් හොයාගන්න පුළුවන් පොඩි මෘදුකාංගයක් අද මම දෙන්නම්. මේකෙන් ඔයාල ඔයාලගෙ බ්ලොග් හරි වෙබ් අඩවිවල තියන අවුල් වෙලා තියන ලින්ක් හදල දාන්නකෝ...




1.මුලින්ම ගිහින් මෘදුකාංගය බාගෙන ඉන්ස්ටෝල් කරගන්නකෝ...

Thursday, November 22, 2012

ලෝකය ත්‍රිමානව දකින්න | Google Earth Pro 6.2

   අම්මේ ඔන්න වාර විභාගෙත් පටන් ගත්තා. පාඩම් කරන අතරේ හම්බ උන මරු බඩ්ඩක් දෙන්නයි යන්නේ. කට්ටිය දන්නව ඇතිනේ මොකක්ද කියල. අද මම දෙන මෘදුකාංගය තමා Google Earth Pro 6.2. නිකන් එකක් නෙවෙයි Pro හොඳේ.


සාමාන්‍යයෙන් Google එකෙන් අපට දෙන්නේ Free එකනේ. ඒත් ඔය සල්ලි දීල ගන්න පුළුවන් Version එකක් තියනවා Google Earth Pro කියල. ඔය රූපවාහිනී ආයතන එහෙම ඔය සල්ලි දීල ගන්න පුළුවන් එක තමා ගන්නේ. ඔය කාළගුණ වාර්තා, එක එක ප්‍රදේශ තියන තැන් පෙන්වන්න, ඒ ඒ ප්‍රදේශ Zoom කරල ප්‍රවෘත්ති එහෙම ලස්සනට කියන්න පාවිච්චි කරන්නේ මේක තමා.ඔය Free එකට වඩා ගොඩක් පහසුකම් මේකෙ තියනවා. බලන්නකෝ ඒ මොනවද කියල...

  • දුර මැනිම
  • ප්‍රදේශයක විශාලත්වය මැනිම
  • විශේෂ දර්ශන සෑදීමට ( මේකෙන් තමා ඔය රූපවාහිනී නාලිකා එහෙම කරකවල ගන්නේ )
  • ඉහළ තත්වයකින් හෙබි පින්තූර ගැනීමට
  • ඉහළ තත්වයකින් හෙබි පින්තූර පිටපත්ගැනීමට

Friday, November 9, 2012

Camtasia Studio 7.0 With Serial

       අපොයි දවස් ගාණකට ලිපියක් දාල නෑ. මෙන්න මේ මාසෙ පළවෙනි ලිපිය. දෙන්න ඕනි කියල හිතුව ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. දැනටමත් නම නම් දන්නව ඇතිනේ. මම අද දෙන Software එක තමා ඔය Video Tutorial එහෙම යාළුවන්ට වටින Camtasia Studio 7.00. නිකන් නෙවෙයි Serial එකත් එක්කම.


මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන නම් ඉතින් කට්ටියට කියන්න ඕනි නෑ නේ??? ගන්න පුළුවන් වැඩ කෝටියයි. ඔය Video Tutorial හදන්න, Web Cam එකෙන් ගන්න Video එහෙම Edit කරන්න මේකෙන් පුළුවන්. මේකෙන් ඔය ඕව හදන්න පුළුවන් නිකන්ම නෙවෙයි. තවත් වැඩ කෑලි එහෙම මේකෙන්ම දෙනවා. 

Wednesday, September 12, 2012

MP3 එකකට අපේම කියල Album Art එකක් දාගන්න හැටි.

      හැමෝටම ආයුබෝවන්. ඔන්න අපේ ඉස්කෝලෙත් පටන් ගත්තා. දැන් නම් ලිපි එච්චර ලියන්න හම්බවෙන්නේ නැතිවෙයි. කොහොම උනත් පුළුවන් උන හැම වෙලාවෙම ලියනවා.



    අද මම කියල දෙන්න යන වැඩේ මොකක්ද කියල එච්චරම ඔයාලට තේරෙන්නේ නැතිව ඇති. මටත් ඒක හරියට කියන්න තේරෙන්නේ නෑ. අද මම කියන්න හදන්නේ ඔය MP3 එකක් Play වෙනකොට තමාගෙම කියල Album art එකක් පෙනෙන්න දාන්නේ කොහොමද කියල කියල දෙන්න. ඔය පල්ලෙහ පින්තූරෙ දැක්කහම තවත් තේරෙයි.

Monday, August 27, 2012

CSS Menu කෝඩ් හදාගන්න මෙන්න සුපිරි Software එකක් ( පට්ටම ලේසි )

        ඇති යාන්තම් මේ මාසෙ පෝස්ට් 10ක් දාගත්තා. අද මම දෙන්න හදන්නේ පට්ට සොෆ්ට් කෑල්ලක්. මේකෙන් පුළුවන් ඔය ඔය කට්ටිය අමාරුයි කියන CSS Drop Down Menu එහෙම ලේසියෙන් හදාගන්න. අපිට තියෙන්නේ ඔය දීල තියන Template ඕන විදිහට වෙනස් කරල ඕන Menu එක හදාගන්නයි. ඒ සොෆ්ට් එකෙන්ම ඊට පස්සේ කෝඩ් ටික හදල දෙනවා. අපිට තියෙන්නේ දාන්න විතරයි පට්ටනේ...


මේකෙ අපිට ඕන විදිහට පාට එහෙම වෙනස් කරල ගන්න පුළුවන්. Sub Menu එහෙම ඕන තරම් හදාගන්නත් පුළුවන්. තව මේකෙ තිරස් මෙනු වගේම සිරස් මෙනුත් හදාගන්න පුළුවන්.

Friday, May 25, 2012

YouTube එකේ Video එහෙම හිර වෙනවද? මෙන්න විසඳුම.

       ආයුබෝවන් හැමෝටම.මම අද පොඩි සොෆ්ට් කෑල්ලක් ගෙනාවා.ඔය ඔයාල YouTube එකේ එහෙම Video බලනකොට ඒ Video හිර වෙනව නේ.අප්පේ එතකොට නම් මතක් වෙනවා හොඳ හොඳ රුවන් වැකි.ඇයි අප්පේ ඔච්චර අමාරුවෙන් හොයා ගන්න Video එකක් ආතල් එකේ බලන්න බැරිවෙනකොට කාටද මළ පයින්නේ නැත්තේ?? ඔය අවුල වැඩි හරියක් තියෙන්නේ ඩොන්ගල් වලින් නෙට් යන කට්ටියට. මොනව උනත් මේ සොෆ්ට් කෑල්ල දාගත්තට පස්සේ නම් ඔය අවුල් හුඟක් දුරට විසඳෙයි...


මේක ඔය YouTube එකේ Video වලට විතරක් නෙවෙයි.ඔය Facebook එකේ දාල තියන Video වගේම හුඟක් වෙබ් සයිට් වල Video කිසි අවුලක් නැතිව බලන්න පුලුවන්.

Tuesday, May 15, 2012

පට්ටම පට්ට English Font ටිකක්.දැන්ම බාගන්න.

   කොහොමද යාළුවනේ..?මේ ටිකේ අලුත් ලිපියක් දාන්නත් බැරි උනා.හරි ඉතින් මොනව උනත් මම අද ඔයාලට ගෙනාව සුපිරිම English Font ටිකක්.මේකේ තියනව සුපිරිම සුපිරි English Font 46ක්..


ඔය ඔයාල  එක එක Photo එහෙම Edit කරනකොට ලස්සනට Type කරන්න එහෙම ඕන වෙනව නේ.අන්න එහෙම වැඩ වලට මේ Font ටික ආය ඉතින් කියල වැඩක් නෑ.නියමෙටම ගැළපෙනව.තවත් එක එක වැඩ වලට පුළුවන්.මේ Font ටිකේ එක එක Style වල Font තියනව.

Sunday, May 6, 2012

Cheatbook Database 2011 (හොර කරල ගේම් ගහන අයට පමණයි)

        කොහොමද කට්ටියටම.? ඔන්න මම අද සුපිරි සොෆ්ට් කෑල්ලක් ගෙනාව.මොකක්ද කියල දැනටමත් දන්නවනේ.ඔව් හිතුව හරි.මම අද ඔයාලට දෙන්නේ Cheat book Database 2011....


     ගේම ගහන අයටනම් මේක අමුතුවෙන් හඳුන්වල දෙන්න ඕනි නෑ නේ.ඕන එකෙක් ඉතින් ගේම් ගහන නිසා මේක ගැන නොදන්න කෙනෙක් නැතුවත් ඇති.සම"හරක්" ඉතින් දන්නේ නැතිනම් අහගන්න.මේ සොෆ්ට් කෑල්ලේ තියෙන්නේ ගේම් වල කරන්න පුළුවන් හොර වැඩ(මරු නේ?).දැන මේ තියෙන්නේ 2011 Version එක නේ.ඒ හින්දා 2011 ට කලින් ආපු හුඟක් ගේම් මේකෙ තියනවා(හුඟක් කිවුවට ඔක්කොම වගේ තියනව. මොනව උනත් කට වරද්දගන්න හොඳ නෑ නේ.)හරි උදාහරණයක් විදිහට GTA Vice City ගේම එක ඕන පොඩි එකෙක් ගහල තියෙයි නේ.එකේ ඔය හෙල්ත් එක වැඩි කරගන්න,තුවක්කු එහෙම ගන්න,සල්ලි වැඩි කරගන්න වගේ ඒවට ඔය Password තියෙන්නේ ඒව එහෙම ඔක්කොම ඔය Cheatbook එකේ තියනව.Password විතරක් නෙවෙයි ඔය ෆයිල් වෙනස් කරල කරන හොර වැඩත් තියනව හරිද...

Sunday, April 29, 2012

Mobile Partner නවතම සංස්කරණය.දැන්ම බාගන්න.

     කොහොමද යාළුවනේ...?මේ ටිකේ මොනවත් ලියන්නත් බැරි උනා.මේ ටිකේ හෙණ බිසී.ඇයි ඉතින් ස්කෝලෙ නොවැ.හරි මොනව උනත් මම අද නම් දෙනව නියම බඩුවක්.මොකක්ද කියල දන්නවනෙ? ඔව් ඔයාල හරි මම අද දෙන්නේ Mobile Partner අලුත්ම සංස්කරණය.


මේක නම් ආය නියමයි.ඔයාල දන්නවනේ Mobile Partner ඕන HUAWEI ඩොන්ගල් එකක් එක්ක වැඩ.ඒ වගේම මේක වැඩ කරන්නේ Windows මෙහෙයුම් පද්ධතිවල.මේ Mobile Partner එකේ ගතිම ගති සුපිරි Skin ටිකක් තියනව.මුලින්ම සොෆ්ට් කෑල්ල බාගන්න කලින්.ඒ Skin ටිකේ ෆොටෝ ටිකක් බලන්නකෝ.ඔය පල්ලෙහ තියෙන්නේ.

Friday, April 20, 2012

Internet Download manager New Version (With Crack)

        ආයුබෝවන් හැමෝටම.ඔයාලට තියන ලොකු ප්‍රශ්නයක් තමයි ඔය අපි අන්තර්ජාලයෙන් බාගන්න ජාති කොහොමද ඉක්මනට බාගන්නේ,නැතිනම් ඔහොම බාද්දී මොකක් හරි කරුමෙකට Intrnet Connection නැති උනොත්,නැතිනම් මැෂින් එක ඕෆ් උනොත් කොහොමද ඉතුරු උන තැන ඉඳලා බාගන්නෙ කියන එක. ඒකට හොඳම සොෆ්ට් කෑල්ල තමයි Internet Download manager


      ඒත් සම හරක් ට තියන ප්‍රශ්නයක් තමා ඔය දාගත්ත  IDM(Internet Download Manager) එක කොහොමද Register කරගන්නේ කියල.මොකද ඉතින් IDM වෙබ් සයිට් එකෙන් අපට දෙන්නෙ දවස් 30 Trial Version එකක් නේ. ඒකටත් විසඳුම මන් ගෙනාව.ඒ තමා IDM Cracker

Friday, March 30, 2012

ඇඩෙන්නම හකුලමුද...?


        හැමෝටම සුභම සුභ දවසක්...! ඕන්න මම අදනම් ඉතින් සුපිරි බාණ්ඩයක් ගෙනාව.මේකනම් ඉතින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුප්පම තමා. සුපිරි සොෆ්ට් කෑල්ලක්.මේකෙ නම තමා KGB Archiver.ආය නියමයි.



හැබැයි මේක ඉතින් ඔය දෙකයි පනහේ කොම් වල නම් වැඩ නෑ. සුපිරි මැෂින් එකක් ඕනි. අඩුම තරමේ Dual Core මදර්බෝඩ් එකක් වත් ඕනි. ඒකෙත් මන් හිතන්නෙ ස්ලෝ වෙයි. Core 2 Duo මැෂින් එකක් එහෙම තියනවනම් අන්න ඉතින් වැඩ තමා. ඊට වඩා අලුත් කොම් එකක් තියනවනම් වඩාත් හොඳයි. මේ සොෆ්ට් එකෙන් 1GB ෆයිල් එකක්

Thursday, March 1, 2012

Windows 8 Beta සංස්කරණය නොමිලේ බාගන්න.

             ඕන්න මම මෙදා සැරේ ඔයාලට ගෙනවා සුපිරි බාණ්ඩයක් මොකක්ද කියල දන්නව ඇතිනෙ.ඔව් ඔයාල හිතුව හරි Windows 8 තමා මම අද ඔයාලට ගෙනවේ.හැබැයි ඉතින් මේක Beta සංස්කරණය.මොනවා උනත් කමක් නෑ ඉතින් නිකන් නෙ දෙන්නෙ.



      හරි මෙන්න මම බිට් 32 වගේම බිට් 64 බාගන්න මම ලින්ක් දෙනවා.ඒ වගේම Windows 8 වල වැඩ කෑලි ටිකක් බලා ගන්න ඕන්න මම වීඩියෝ එකකුත් දැම්ම.වීඩියෝ එකත් බලලම එහෙනම් බාගන්නකෝ.

Wednesday, February 29, 2012

පැරණි DOS වැඩසටහන් අලුත් මෙහෙයුම් පද්ධතිවලදී ක්‍රියාත්මක කරවා ගන්නා හැටි.

             සුබ දවසක් හැමෝටම. හුඟ දවසකින් මගේ බ්ලොගය පැත්ත පළාතෙ එන්න බැරි උනා.හැම වෙලාවෙම පාඩම් පාඩම් පාඩම්......... අයියෝ එපා වෙනවා අප්පා..ඉතින් මේ ලැබුනු නිදහසින් ඔයාලට අලුත් දෙයක් කියලා දෙන්නයි මම අද මේ ආවේ.




            ඔයාල දන්නවා ඇතිනේ ඔය පරණ ගේම් එහෙම අලුත් වින්ඩෝස් සංස්කරණ වන වින්ඩෝස් එක්ස්පී,වින්ඩෝස් විස්ටා,වින්ඩෝස් 7 වගේ මෙහෙයුම් පද්ධති වල වැඩ නෑ.ඒකට හේතුව තමයි අලුත් වින්ඩෝස් සංස්කරණවල තාක්ෂණික වෙනස්කම්

Sunday, February 26, 2012

පරිගණක ක්‍රීඩා හදන්න සුපිරි භාණ්ඩේ.

                          කට්ටියට කොහොමද මම අද ඔයලට ගෙනවේ අලුත් බඩුවක්.මේක අපේ ගේම් හදන්න කැමති යාලුවන්ට.මේක දෙන්නෙ Microsoft එකෙන්.ආය ඉතින් සුපිරි බාන්ඩේ.කෝඩින්ස් මුකුත් නෑ.මේක වර්චුවල් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්.දැන් ඉතින් ඔයලා උඩ ගිහින් ඇති මේ මොකක්ද අප්පේ
මේ කියලා.ඒ කියන්නෙ මේකෙ ගේම් එක හදන්න තියෙන්නෙ අයිකන්ස් එහෙම ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා.ටිකක් පුරුදු උනාම නියම ගේම් හදන්න පුලුවන්.