JustCrowd.net

Wednesday, February 27, 2013

අපේ PC එකත් Windows 8 වගේ කරගමු.

   ඔන්න හෙන කාලෙකින් ලිපියක් ලියනවා. මේ ටිකේම ලිපි ලියන්න තියා හිතන්නවත් බැරි තත්වෙක තිබ්බේ. දැන් O\L වලට මුහුණ දෙන්න බලන් ඉන්න කොල්ලො නෙ. ඒක හින්ඳා පාඩම් කියල ජාතියකුත් කරන්ට එපායැ....

එහෙනම් අද ගෙනාවෙ පොඩි Theme එකක්. හරියටම කියුවොත් Windows 8 Transformation Pack. මේ බ්ලොග් එකේ පළවෙනියට Theme එකක් දෙන්නේ අද. මේකෙන් අපේ  තියෙන්නේ Windows XP හරි Vista වගේ එකක් නම් ඒක Windows 8 වගේ කරනවා. කරනව කියුවට ඒ විදිහටම කරන්නේ නෑ. සමාන්‍යයෙන් හෙන ගතියට මැෂින් එක එනවා. එහෙනම් වැඩිය කියවන්න වෙලාව නෑ ඔයාලම බාගෙන බලන්නකෝ......




ලින්ක් වල එහෙම අවුලක් තියනවනම් කොමෙන්ට් එකක් දාන්න. ආ යාළුවනේ මේ ගමන් පොඩි ප්‍රශ්නයක් අහන්නත් තියෙයි. මේ ටිකේ මගේ බ්ලොග් එකේ අම්බානට Spam Comments වැටෙනවා. මොකක්ද අවුල කියල දන්න කෙනෙක් ඉන්නවනම් කොමෙන්ට් එකක් විදිහට ලියල යන්න හොඳේ. ලයික් පාරක් එහෙම දීගෙනම යන්න. 


Wednesday, February 13, 2013

චංගුමීගේ ඇත්ත කතාව.

   මේ දිනවල කොහෙත්, කොතෑනත් වැඩියෙන්ම කතාබහට ලක්වෙන චරිතය "චංගුමී" කියුවොත් නිවැරදියි. වයස් භේදයකින් තොරව හැමෝම සතියේ දිනවල බලා සිටින්නේ චංගුමී නිවසට එනතෙක්. සිංහලෙන් හඬ කැවූ කොරියානු නාට්‍යයක් වන "Dea Jang Geum" නැතහොත් "සුජාත දියණි" කතා මාලාවෙ මේ දිනවල විකාශය විකාශය වී අවසානයි.


ජාතික රූපවාහිනියෙන් නිවසට කැන්දාගෙන එන සුජාත දියණි නැතහොත් "චංගුමී" සෑම නිවසකම සිය අධිකාරිය පතුරවමින් සිටින මේ මොහොතේ මෙම සටහන චංගුමී ලෙසින් රඟන "ලී යන්ග් ඒ" (Lee Young Ae) පිලිබඳවයි.


නිරූපිකාවක් ලෙසින් 1991 දී සිය වෘත්තීය දිවිය අරඹන ලී යන්ග් ඒ රඟ පෑමට යොමු වන්නේ ඉන් ඉක්බිතිවයි. ඇය විශාල ජනප්‍රසාදයකට ලක්වන්නේ Dea Jang Geum ටෙලි නාට්‍ය මාලාව සමගයි. 2003 වසරේ දී විකාශය වූ කොරියාවෙ අතිශයින් ජනප්‍රිය වූ මෙය "Jewel of the Palace" නමින් තායිවානය, හොංකොං හා චීනයේ දහස් සංඛ්‍යාත ජනකායක් ආකර්ෂණය කර ගැනීමට සමත් විය. කොරියානු තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු එම නාට්‍ය "සුජාත දියණි" නමින් මෙරට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ඇත්තේ අන් රටවල් පරදවමින්. රජ ගෙදර මුළුතැන්ගෙයි සේවිකාවක ලෙස සේවයට බැඳී ප්‍රධාන රාජකීය වෛද්‍යවරිය දක්වා දුෂ්කර ගමනක් යන දිරිය දියණියකගේ කතාන්දරය රැගත් මේ නාට්‍ය මාලාව ලී යන්ග් ඒ ට වාසනාව ගෙන ආ බව කාගෙත් අදහසයි.

මෙම නාට්‍යට අමතරව තවත් ටෙලි නාට්‍ය 17 ක පමණද චිත්‍රපට 5 ක පමණද රඟපෑ ඇය දැන් 41 වැනි වියෙහි පසුවෙයි. 1971 ජනවාරි 21 වැනිදා දකුණු කොරියාවෙ සියෝල් හිදී උපත ලද ලී යන්ග් ඒ 2009 අගෝස්තු මස 24 වැනිදා ජෙඔන්ග් හෝ යන්ග් නමැති කොරියානු ජාතික ඇමරිකානු ව්‍යාපාරිකයා සමග මාධ්‍යවලට ද රහසින් හවායිහිදී විවාහ වෙයි. ලී යන්ග් ඒ ට වඩා වසර 8 කින් වැඩිමහල් ඇගේ සැමියා පිලිබඳ ඇය කියන්නේ ඔහු ඉතා විශ්වාසදායී ආදරණීය පුද්ගලයෙකු බවයි. ඔහු ගැන ආදරයට වඩා ගැඹුරු හැඟීමක් තමන් තුල ඇති බව පවසන ලී යන්ග් ඒ ආදරයට වයස බලපාන්නේ නැති බව කියයි.

ලී යන්ග් ඒ සරල, නිහතමානී හුඟක් හොඳ ගතිගුණ ඇති අයෙක් බව ඇගේ සැමියා පවසයි. මේ වන විට දෙදරු මවක් වන ඇය 2011 පෙබරවාරි 20 වැනිදා පිරිමි හා ගැහැනු නිවුන් දරුවන් දෙදෙනෙකු බිහි කළාය. ඇය ඇගේ ජීවිතයම ඒ දරුවන් වෙනුවෙන් කැප කර සිටින අතර තමන් මුල් තැන දෙන්නේ තම පවුලට බව කියා සිටී. දරුවන්ට ස්වාභාවික පරිසරයේ හැදෙන්නට වැඩෙන්නට ඉඩදීමේ අරමුණෙන් අක්කර 180 ක විශාල ඉඩමක් සහිත මන්දිරයක් ඇය මිලදී ගෙන ඇත්තේ එබැවිනි. දරු ප්‍රසූතියෙන් අනතුරුව ඇය සය මසක පමණ කාලයක් තුල දී නැවත සිය සිරුරේ හැඩය හා වර්ණය මනාව හැඩගසාගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි. ඇගේ මුල් කාලීන රූපය හා සසඳන විට පසුකාලීන රඟපෑම් වලදී ඇගේ ඇස් වටා ප්‍රදේශය ප්ලාස්ටික් සැත්කමකට භාජනය කර ඇද්දයි යන්න පිලිබඳ විවිධ කටකතා මාධ්‍ය වාර්තාකරමින් සිටී.


කෙසේ වෙතත් වෘත්තීය වශයෙන් ඉතා සාර්ථකව සිටින ඇය 2005 තිරගත වූ Sympathy for lady Vengence නමැති දකුණු කොරියානු චිත්‍රපටිය වෙනුවෙන් හොඳම සිනමා නිළිය සම්මානය අන්තර්ජාතික සිනමා උළෙල හතරකදී දිනා ඇත. ඇය ටෙලි නාට්‍යය වෙනුවෙන්ද සම්මාන රැසකට හිමිකම් ලබා ඇත.



ලී යන්ග් ඒ Hanyang විශ්ව විද්‍යාලයෙන් ජර්මන් භාෂාව හා සාහිත්‍ය පිළිබඳ බී.ඒ. උපාධිය Chung Ang විශ්ව විද්‍යාලයෙන් වේදිකා නාට්‍ය හා චිත්‍රපට පිළිබඳ එම්.ඒ. උපාධියත් ලබාගෙන ඇත.

ඇය සිය වෘත්තීය ජිවිතයෙන් බැහැරව නොයෙකුත් සමාජ සේවයන්හීද නිරත වන්නියකි. පාසල් හා රෝහල් ගණනාවකට ඇය ධන පරිත්‍යාගයෙන් දායක වී තිබේ. ඉටියෝපියාව හා ථාර් කාන්තාරවල සමාජ සේවිකාවක ලෙස තමා කළ සංචාර අළලා A most Special Love නමැති ස්වයං චරිතාපදානයක් රචනා කල ලී යන්ග් ඒ එම ග්‍රන්ථයේ අදායමද සමාජ සේවය වෙනුවෙන් කැප කොට ඇත. එසේම නැවත 2006 දී Yong Ae's Vow නමින් සිය වෘත්තීය ජීවිතය ඇතුලත් කොට නැවත ස්වයං චරිතාපදානයක් රචනා කොට ඇත.



ලී යන්ග් ඒ මෑතක දී සාම්ප්‍රදායික කොරියානු තේ සහ ළදරු ආහාර ව්‍යාපාරයක් ද ආරම්භ කර ඇතැයි කියවේ.

මූලාශ්‍රය :- 2013 ජනවාරි 27 රිවිර රිවිසරසි පුවත්පත් අතිරේකය.




Sunday, February 3, 2013

IP Address Widget එක බ්ලොග් එකට දාගමු.

හෙට පෙබරවාරි 4 වැනිදා. 65 වැනි නිදහස් උත්සවය. හෙට අභිමානවත් ලෙස නිදහස් උත්සවයට ඔක්කොමල ලෑස්ති වෙන අතරෙ ඔන්න මම බ්ලොග් ලස්සන කරන ක්‍රමයක් දෙන්නයි යන්නේ. මේකෙන් කරන්නේ ඔයාලගෙ බ්ලොග් එකට එන අයගෙ IP Address, OS, Country, Browser වගේ හුඟක් විස්තර පෙන්නන එක.


  • දාගන්න හැටි ආය මුල ඉඳල කියන්න ඕනි නෑ නේ. Layout ගිහින් HTML/Java Script එකක් විදිහට මම පල්ලෙහ දීල තියන කෝඩ් දාගන්න. ඔතන කෝඩ් 2ක් තියනවා. ඔයාලම බලන්නකෝ දෙකේ වෙනස.