JustCrowd.net

Tuesday, November 27, 2012

ඔබගේ මුරපද හැක් වීමට ගතවන කාලය බලාගමු.

         සාමාන්‍යයෙන් පුද්ගලයෙක් අන්තර්ජාලය බාවිතා කරනකොට අනිවාර්යෙන් පාවිච්චි කරන දෙයක් තමා Password නැතිනම් මුරපද. මේව සමහර විට කිහිපයක් හෝ සෑම ගිණුමකටම එකම මුර පදයක් හෝ විදිහට කට්ටිය පාවිච්චි කරනවා. කොහොම උනත් වැඩි ආරක්ෂාවට වෙනස් මුරපද පාවිච්චි කරන එක තමා නුවණට හුරු.


කොහොම උනත් ඔය දාන මුර පද හැක් කරන්න පුළුවන් පිරිස් ඕන තරම් ඉන්නවා. එක අතකින් ඒ අයගෙ දක්ෂකම ඒ ගොල්ලො යොදවගෙන තියෙන්නේ වැරදි පැත්තට. මොනව උනත් මම කියන්න ආවෙ ඔය ගැන නෙවෙයි. මම කියන්න ආවෙ මුරපද ගැන. මම මීට කලින් ලියල තියෙයි ශක්තිමත් මුරපදයක් හදාගන්නේ කොහොමද කියල.

Thursday, November 22, 2012

ලෝකය ත්‍රිමානව දකින්න | Google Earth Pro 6.2

   අම්මේ ඔන්න වාර විභාගෙත් පටන් ගත්තා. පාඩම් කරන අතරේ හම්බ උන මරු බඩ්ඩක් දෙන්නයි යන්නේ. කට්ටිය දන්නව ඇතිනේ මොකක්ද කියල. අද මම දෙන මෘදුකාංගය තමා Google Earth Pro 6.2. නිකන් එකක් නෙවෙයි Pro හොඳේ.


සාමාන්‍යයෙන් Google එකෙන් අපට දෙන්නේ Free එකනේ. ඒත් ඔය සල්ලි දීල ගන්න පුළුවන් Version එකක් තියනවා Google Earth Pro කියල. ඔය රූපවාහිනී ආයතන එහෙම ඔය සල්ලි දීල ගන්න පුළුවන් එක තමා ගන්නේ. ඔය කාළගුණ වාර්තා, එක එක ප්‍රදේශ තියන තැන් පෙන්වන්න, ඒ ඒ ප්‍රදේශ Zoom කරල ප්‍රවෘත්ති එහෙම ලස්සනට කියන්න පාවිච්චි කරන්නේ මේක තමා.ඔය Free එකට වඩා ගොඩක් පහසුකම් මේකෙ තියනවා. බලන්නකෝ ඒ මොනවද කියල...

  • දුර මැනිම
  • ප්‍රදේශයක විශාලත්වය මැනිම
  • විශේෂ දර්ශන සෑදීමට ( මේකෙන් තමා ඔය රූපවාහිනී නාලිකා එහෙම කරකවල ගන්නේ )
  • ඉහළ තත්වයකින් හෙබි පින්තූර ගැනීමට
  • ඉහළ තත්වයකින් හෙබි පින්තූර පිටපත්ගැනීමට

Tuesday, November 13, 2012

2011 වසරේ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට

       අද පොඩි අමුතු දෙයක් ගැන කියන්න හිතුනා. කට්ටියම චිත්‍රපටි බලන්න කැමති ඇති නේ. එහෙනම් අපි අද බලමු 2011 වසරේ වැඩිම අදායමක් ඉපයූ Film 5 මොනවද සහ ඒ ගැන පොඩි විස්තර ටිකක්.

Harry Potter and the Deathly Hallows – Part 2



මේකට ගහන්න නම් කට්ටිය නෑ කියල හුඟක් කට්ටිය දන්නව ඇති. මේක තමා මුළු Harry Potter කථා මාලාවේම අවසානය. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන David Yates. මේක පාදක වෙලා තියෙන්නේ J. K. Rowling විසින් ලියපු Harry Potter කියන පොත් මාලාවයි. මේ කතාවෙ සුපුරුදු පරිදි Harry Potter ලෙස Daniel Radcliffe, Hermione Granger ලෙස Emma Watson සහ Ron Weasley ලෙස Rupert Grint රඟපානව.

Daniel Radcliffe, Emma Watson, Rupert Grint

Friday, November 9, 2012

Camtasia Studio 7.0 With Serial

       අපොයි දවස් ගාණකට ලිපියක් දාල නෑ. මෙන්න මේ මාසෙ පළවෙනි ලිපිය. දෙන්න ඕනි කියල හිතුව ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. දැනටමත් නම නම් දන්නව ඇතිනේ. මම අද දෙන Software එක තමා ඔය Video Tutorial එහෙම යාළුවන්ට වටින Camtasia Studio 7.00. නිකන් නෙවෙයි Serial එකත් එක්කම.


මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන නම් ඉතින් කට්ටියට කියන්න ඕනි නෑ නේ??? ගන්න පුළුවන් වැඩ කෝටියයි. ඔය Video Tutorial හදන්න, Web Cam එකෙන් ගන්න Video එහෙම Edit කරන්න මේකෙන් පුළුවන්. මේකෙන් ඔය ඕව හදන්න පුළුවන් නිකන්ම නෙවෙයි. තවත් වැඩ කෑලි එහෙම මේකෙන්ම දෙනවා.