JustCrowd.net

Friday, June 29, 2012

ඔයාලගෙ බ්ලොග් පෝස්ට් වලට Facebook Like button එකක් දාගමු.

       ආයුබෝවන් හැමෝටම.....! ඔන්න අද මම නියම වැඩක් ගෙනාව..වැඩේ තමයි ඔයාල ඔය ඔයාලගේ බ්ලොග් වල ලියන පෝස්ට් වලට කොහොමද Facebook Like button එකක් දාගන්නේ කොහොමද කියල.එච්චර අමාරු වැඩක් නෙවෙයි.පොඩි Code එකක සීන් එකක්.


    මුලින්ම Facebook Like button එකකින් මොනවගේ වාසියක්ද ලැබෙන්නේ කියල කියන්නන්කෝ...ඔය Like button එකක් දාගත්තම අපේ බ්ලොග් පෝස්ට් එක කියවල ඔය Like බට්න් එකෙන් Like එක දෙන කෙනාගෙ Wall එකේ දැන්නම් ඉතින් Timeline එකේ ඒ පෝස්ට් එක වැටෙනව.ඉතින් දැන් ඒක දකින අනිත් කට්ටියත් අපේ බ්ලොග් එකට එනව.එයත් Like එකක් දැම්මොත් එයාගේ Wall,Timeline එකෙනුත් අපේ බ්ලොග් පෝස්ට් එක පෙන්නනවා.තව කට්ටිය එනව....මරු නේ......!

Sunday, June 24, 2012

Facebook වල Status නිල් පාටින් දාන හැටි.

             ආයුබෝවන් හැමෝටම......!ඔන්න අද මම නියම වැඩ කෑල්ලක් ගෙනාව.මොකක්ද කියල ඉතින් දන්නව නේ? හරි හිතුව හරි.මම අද ගෙනාවෙ ඔය Facebook වල සමහර කට්ටිය Comment එහෙම දානව නේ නිල් පාටින්.අන්න එහෙම දාන හැටි අපි අද බලමු.


         දැන් ඉතින් සමහර කට්ටියට හිතෙනව ඇති ඕක එච්චර කජ්ජක්ද කියල,ඇයි ඉතින් ඔය Facebook වල Comments වල යාළුවන්ගේ නම් එහෙම දාන්නේ නිල් පාටින් නේ..හූ හූ එහෙම දාන්නේ ඉතින් @ වලට පස්සේ යාළුවගේ නම ගහලනේ..මේ කියන්නේ එහෙම නෙවෙයි හලෝ..අපිට ඕන මඟුලක් ඔහොම නිල් පාටට දාන හැටි අපි අද බලමු.

Saturday, June 23, 2012

YouTube වලට නව පෙනුමක් එක්කර ගමු.

          ආයුබෝවන් හැමෝටම.ඔයාල දන්නවනේ Google සමාගම අපිට එක එක ප්‍රයෝජනවත් සේවා සපයනවනේ.Blogger,Drive,Maps,Play,Groups,Reader ඒවගෙන් කිහිපයක්.ඒ වගේම Google සමාගම ඔය සේවාවල හැඩරුවත් කාලෙන් කාලෙට වෙනස් කරනවා.දැන් Google සමාගම YouTube වලටත් අලුත් පෙනුමක් දාන්නයි යන්නේ.ඒක ඇක්ටිව් කරන්න කලින් අපි දාගන්න හැටි අපි අද බලමු.


මෙන්න ක්‍රමේ...

  1. මුලින්ම ඔබ YouTube වෙබ් අඩවිය වෙත යන්න.

Sunday, June 17, 2012

ඔයාල ආසම "Silver Sun" TV Show එක නොමිලේ බාගන්න.

        ඔන්න හැමෝටම ආයුබෝවන්...!ඔන්න මම අද ඔයාලට අලුත්ම දෙයක් ගෙනාවා. මම අද ගෙනාව මගේ බ්ලොග් එකේ පළවෙනි TV Show එක.නම තමා Silver Sun.දන්නවනේ නම ඇහුවහම මොකක්ද කියල?ඔය Silver Sun එකත් එක්කම මම අද ඉදන් මම බ්ලොග් එකට අලුත් ලේබල් එකක් Add කරා.එකේ තියෙන්නේ ඉතින් TV Shows තමා.ඕකට TV Shows හොයන්න ගිහින් ඉතින් හොඳ පණ යයි.


           ඔයාල ජාතික රූපවාහිණියේ ගියපු Silver Sun බලල ඇතිනේ?මාර සුපිරි නේ?මාත් ඒ කාලයේ කැමතිම TV Show එක.හැබැයි ඔය ජාතිකේ කට්ටිය ඕකේ දැම්මේ භාගයයි.මළ පයිනව නේ.ආ ඔය Silver Sun එකේ තියෙන්නේ "Silver Sun" කියල ග්‍රහ ලෝකේ ජනාවාස කරන්න යන කට්ටියක් ගැන.

Monday, June 11, 2012

මට සුභ උපන්දිනයක් වේවා !

         හැමෝටම සුභ දවසක් කියල ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා... මේ ලිපිය ලියන්නේ මොකද කියල දන්නවනේ....ඔව්.මට අද හරි සතුටු දවසක්.අද 2012 ජූනි 11.මම ඉපදුනේ 1997 ජූනි 11.මම අද මේ සමරන්නේ මම මේ බ්ලොග් එක ලියල සමරන පලවෙනි උපන් දිනේ.අදට මට අවුරුදු 15 යි(අප්පච්චි නම් කියන්නේ ලොකු කොල්ලෙක් කියල,අනේ මන්දා).කොහොම උනත් 2012 ජනවාරි වල පටන් ගත්ත මේ බ්ලොග් එක අද තියන තැන දැක්කහම බොක්කෙන්ම කඳුලු එනව.
                                                                                 :((


      මම මේ ලිපිය ලියනකොට මගේ බ්ලොග් එකට ඇවිල්ල තියනව 18155.සමහර ලොකු බ්ලොග් කරුවන්ට නම් මේක එච්චර ගාණක් නොවෙන්න පුළුවන්.ඒත් මේම මට ලොකු හයියක්.මේ වෙනකොට ෆලෝවර්ස්ල ඉන්නව 24ක්.මේ ලිපිය ලියනකොට මම මුලු දාල තියන මුලු පෝස්ට් ගාණ හරියටම

Sunday, June 10, 2012

අපේ රත්තරං Smart Phone එක උස්සයි කියල බයද? මෙන්න විසඳුම.

    ආයුබෝවන් හැමෝටම.ඔන්න ඔය කට්ටියගේ ස්මාර්ට් ෆෝන් එක නැති උනා කියල කියන්නකෝ.නැතිනම් කවුරු හරි අමන පැටියෙක් ෆෝන් එක ඉස්සුවයි කියමුකෝ....අම්මටසිරි මතක් කරන්න එපා නේ...නැති උනානම් කමක් නෑ.මොකෙක් හරි අපේ රත්තරං ස්මාර්ට් ෆෝන් එක උස්සපුවහමනම් ඉතින් අප්පේ මතක් වෙන රුවන් වැකි නේ?


           ඔය Smart Phone එකක් නැති උනාම ඒක තියන තැන,ඔය ෆෝන් එක හොයාගන්නම බැරි උනොත් ෆෝන් එක Lock කරන්න නැතිනම් ෆෝන් එකේ දත්ත ඔක්කොම අකල මකල දාන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තියනවා.නම තමා Anti-Theft.මේක F-Secure කියන සමාගමේ වෙබ් සයිට් එකෙන් නොමිලේම බාගන්න පුළුවන්.මෙන්න ඉතින් ලින්ක් එක ක්ලික් පාරක් කරල ගිහින් බාගන්නකෝ www.f-secure.com/antiTheft_PC .ඕකට අමතරව මේ ලින්ක් එකට ගිහින් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකට Download Link එකක් එවන්න කියල ඉල්ලන්න පුළුවන්. http://f-secure.mobi .

ඔය Anti-Theft කියන සොෆ්ට්වෙයාර් එක ස්මාර්ට් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරනකොට ඉල්ලනවා Password එකක්.ඒක ඉල්ලන්නේ ඔය ස්මාර්ට් ෆෝන් එක නැතිවෙලා Anti-Theft සොෆ්ට්වෙයාර් එකෙන් ලොක් උනොත් එහෙම අන්ලොක් කරගන්න.ඒ වගේම තවත් ෆෝන් එකක නම්බර් එකක් ඉල්ලනවා.ඒ මොකො ඔය ෆෝන් එක නැතිවෙලා ඒක වෙන අපතයෙක් පාවිච්චි කරනවද කියල දන්නවන්න SMS එවන්න.ඔය ඔක්කොම ජාති ඔය සොෆ්ට්වෙයාර් එකෙන් ස්වයංක්‍රීයව සිද්ධවෙනවා.

Anti-Theft සොෆ්ට්වෙයාර් එකෙන් ලැබෙන ආරක්ෂාව මෙන්න මේවයි හොඳේ...

Friday, June 1, 2012

මෙන්න සුපිරි Mobile Games ටිකක්.දැන්ම බාගන්න.

       ආයුබෝවන්..!! මෙන්න මම අද පොඩි අමුතු දෙයක් ගෙනාවා.අමුතු කියල කිවුවට ඉතින් අමුතුම නෑ.දන්නව නේ මොකක්ද කියල.ඔව් හිතුව හරි.මම අද ගෙනාවේ පොඩි\පට්ට Mobile Games ටිකක්.


                ඕකේ සමහර ගේම් නම් ආය සුපිරිම තමා.සමහර ඒව වැඩ කරන්නේ Andrid Mobile OS එක තියන ෆෝන් වලට. කොහොම උනත් හැම එකකටම වගේ හරියන Mobile Games මේ සෙට් එකේ තියනව.