ඕන් හුඟ කාලෙකට පස්සේ පසියා ලිපියක් දානව. මේ ටිකේ මට උණ. ඒක නිසා පොඩි නිවාඩුවක් ලැබුන නිසා ලිපියක් දාන්නම හිතුනා. උණ හැදෙන්න හේතුව තමා දෙමව්පියක් කී දෙය නොසලකා සිටීම. ඇයි ඉතින් අපෙ අම්මයි අප්පච්චි කට කැඩෙනකන් කියුව හවස වහී කියල. ඒත් ඉතින් මම නම් ඒක ගනන් ගත්තෙවත් නෑ. ඕන් ඉතින් මාව තෙමන්නම වගේ එදා හවස වැස්සා අම්බානට. ඕන් එදා හවස ඉදන් මට හරි. මොනව උනත් මමනම් හිතා ගත්තා ආය නම් දෙමව්පියෝ කියන දේවල් අහනව කියල. මගෙ බ්ලොග් එකට එන හොඳ ළමයිනුත් අම්මල තාත්තල කියන දේවල් අහන්න හොඳේ......
ඕන් බොල දැන් කට්ටිය දැන් හිතනව ඇති මේක මේ ලිපිය ලියුවෙ අපිට බණ කියන්ඩද කියල. නෑ නෑ පොඩි අවවාදයක් දුන්නේ. මෙන්න දැන් තමා ලිපිය පටන් ගන්නේ..... ඔය කට්ටිය අනිවාර්යෙන් ගහල තියන ගේම් එකක් නේ ඔය Need for Speed Most Wanted කියන්නේ. කෙටියෙන් කියනව නම් NFS MW නේ. අන්න ඒකෙ ඔය Race යන අතරෙ එහෙම යනව නේ සුප්පා සින්දු ටිකක්. අප්පා මරු නේ. පිස්සු නේ....? ඔය පොලිසිය එහෙම පන්නකොට ඒ සින්ඳු ටික යන කොට ඇඟට මාර ගැම්මක් නේ එන්නේ. ඇයි තව අර Speed Trap ද මොකක්ද එකත් යනකොට ඔය සින්දු යනකොට කඩා ගෙන යන්න හිතෙන්නේ. අන්න ඒ සින්දු සෙට් එකම මම අද ඔයාලට දෙන්නයි යන්නේ....