JustCrowd.net

Monday, October 29, 2012

අධි වේගයෙන් ටොරන්ට් බාමු ( අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි )

         මෙන්න අදත් ඔය ටොරන්ට් කියන සබ්ජෙක්ට් එකෙන් ලිපියක් ලියනවා. මීට කලින් මම ලියුව ටොරන්ට් කියන්නේ මොකක්ද කියල සහ ටොරන්ට් Download Speed එක වැඩි කරගන්න ක්‍රමයක් ගැන. මෙන්න අද මම කියන්න යන්නේ ඊට වඩා පට්ට ක්‍රමයක් ගැන. මේක වෙබ් සයිට් එකකින් දෙන පොඩි සේවාවක්. පොඩිමත් නෑ. අපි වගේ එවුන්ටනම් මාර විදිහට වටිනවා.


මේකෙන් කරන්නේ අපි එයාලට දෙන Torrent File එකට අදාල දෙය එයාලගෙ Cloud Server වලට අධි වේගයෙන් Download කරගෙන ඒක සාමාන්‍ය විදිහට බාගන්න පුළුවන් විදිහට අපිට දෙනවා. අපිට කරන්න තියෙන්නේ ඔය Internet Download manager වගේ Download manager එකකින් ආතල් එකේ බාගන්න එක.

Friday, October 26, 2012

ඔයාල ආසම Need for Speed Most Wanted හි Soundtracks

         ඕන් හුඟ කාලෙකට පස්සේ පසියා ලිපියක් දානව. මේ ටිකේ මට උණ. ඒක නිසා පොඩි නිවාඩුවක් ලැබුන නිසා ලිපියක් දාන්නම හිතුනා. උණ හැදෙන්න හේතුව තමා දෙමව්පියක් කී දෙය නොසලකා සිටීම. ඇයි ඉතින් අපෙ අම්මයි අප්පච්චි කට කැඩෙනකන් කියුව හවස වහී කියල. ඒත් ඉතින් මම නම් ඒක ගනන් ගත්තෙවත් නෑ. ඕන් ඉතින් මාව තෙමන්නම වගේ එදා හවස වැස්සා අම්බානට. ඕන් එදා හවස ඉදන් මට හරි. මොනව උනත් මමනම් හිතා ගත්තා ආය නම් දෙමව්පියෝ කියන දේවල් අහනව කියල. මගෙ බ්ලොග් එකට එන හොඳ ළමයිනුත් අම්මල තාත්තල කියන දේවල් අහන්න හොඳේ......


    ඕන් බොල දැන් කට්ටිය දැන් හිතනව ඇති මේක මේ ලිපිය ලියුවෙ අපිට බණ කියන්ඩද කියල. නෑ නෑ පොඩි අවවාදයක් දුන්නේ. මෙන්න දැන් තමා ලිපිය පටන් ගන්නේ..... ඔය කට්ටිය අනිවාර්යෙන් ගහල තියන ගේම් එකක් නේ ඔය Need for Speed Most Wanted කියන්නේ. කෙටියෙන් කියනව නම් NFS MW නේ. අන්න ඒකෙ ඔය Race යන අතරෙ  එහෙම යනව නේ සුප්පා සින්දු ටිකක්. අප්පා මරු නේ. පිස්සු නේ....? ඔය පොලිසිය එහෙම පන්නකොට ඒ සින්ඳු ටික යන කොට ඇඟට මාර ගැම්මක් නේ එන්නේ. ඇයි තව අර Speed Trap ද මොකක්ද එකත් යනකොට ඔය සින්දු යනකොට කඩා ගෙන යන්න හිතෙන්නේ. අන්න ඒ සින්දු සෙට් එකම මම අද ඔයාලට දෙන්නයි යන්නේ....

Sunday, October 21, 2012

උල්කාපාත ගැන දැනගනිමු.

උල්කාපාතයක් යනු :-

           වළාකුළු නැති පැහැදිලි අහසක් ඇති රැයක තරු පිරිවරා ගත් අහස් ගැබ දෙස මද වෙලාවක් සුපරිෂාකාරීව බලා සිටින්න. එක් අවස්ථාවක දී තරු කඩා වැටෙනවාක් සේ ඔබට දිස්වෙනු ඇත. ඒ තරුවක් කඩා වැටීමක් නොව උල්කාපාත ඇද හැලීමකි.



            මේ පරක් තෙරක් නොමැති මහා විශ්වයේ විවිධ ආකාශ වස්තූන් ප්‍රකෝටි ගණනින් පිහිටා ඇත. මේවායින් සමහරක් කුඩා වන අතර තවත් සමහරක් අති විශාල වේ. අභ්‍යවකාශයේ සැරිසරන මෙම අකාශ වස්තූන් සමහර අවස්ථාවල දී පෘථිවියට ආසන්නව ගමන් කරයි. එවැනි අවස්ථාවල දී පෘථිවි ගුරුත්වකාර්ශනයට හසුවන මේවා පෘථිවි වායු ගෝලය හා ගැටී පිළිස්සී විනාශ වී යන අතර, සමහර ඒවා විනාශ නොවීම පෘථිවිය මතට පතිත වේ. මේ අනුව බලන කල උල්කාපාතයක් යන්න පහත පරිදි අර්ථකථනය කල හැකිය.

" පෘථිවි වායු ගෝලයට ඇතුළු වන අභ්‍යවකාශයේ සැරිසරන ඕනෑම ග්‍රහ වස්තුවක් උල්කාපාතයකි"

Thursday, October 18, 2012

Cat Shit (2009) | මෙන්න නියම පූසෝ...

          ඔන්න අද කට්ටියටම සුපිරි කතාවක් ගෙනාවා. මේක Film එකක් කියන්නත් බෑ. TV Series එකක් කියන්නත් බෑ. මේක Animation කතාවක්. මාර සුපිරි. මේකෙ යන්නේ මාර දක්ෂ පූසො දෙන්නෙක් ගැන. මේක Animation කරල තියන හැටි නම් ඉතින් කියල වැඩක් නෑ. Animation කරපු එවුන් නම් ඇත්තටම දක්ෂයෝ. Animation එකක් කියල කියන්නවත් බෑ. ඔයාලත් බාගෙන බලන්න්කෝ..............


මේ කතාව තියෙන්නේ මිනි.22 යි. ඒත් කිසිම කම්මැළිකමක් නැතිව බලන්න පුළුවන්. එච්චර Size එකකුත් නෑ. ඒත් බය වෙන්න එපා මාර Quality.

Sunday, October 14, 2012

පෘථිවියට ආසන්නයෙන් දියමන්ති ලෝකයක් සොයා ගැනේ.

       මෙන්න අද මම පොඩි News එකක් ගෙනාවා අභ්‍යවකාශය ගැන. මේ ගැන සමහර කට්ටියනම් දන්නවත් ඇති. ඕන් විද්‍යාඥයින් කට්ටියක් දියමන්ති ලෝකයක් හොයාගෙනලු.


මේක තියෙන්නේ පෘථිවියේ ඉදන් වැඩි ඈතක නෙවෙයි. ආලෝක වර්ෂ 40ක් ඈත:p විද්‍යාඥයින් කියන විදිහට මේක දියමන්තියක් වගේම බබළනවලු. ඒ නිසා මේකෙ මතුපිට පුරාම දියමන්ති විසිරී තිබෙන බවයි දැනගන්න ලැබෙන්නේ....

           මේ ග්‍රහලෝකය Cancri 55 e කියල තමයි නම් කරලා තියෙන්නේ. මේකෙ විශාලත්වය පෘථිවිය වගේ දෙගුණයක් වගේම ස්කන්ධය අට ගුණයක්.

Tuesday, October 9, 2012

ඈත්තටම මොකක්ද මේ Torrent කියන්නේ?

------------------------------------------------මෙය උපුටාගත් ලිපියකි.----------------------------------------------------

----------------------------------------------------------------------------------------------------------------------------------

           ඔන්න අද මම කතාකරන්න යන්නේ හැමෝම වගේ දන්නා දෙයක් ගැන. දන්නවා උනාට කමක් නෑ. කියවල ඉන්නකෝ. සමහරවිට නොදන්නා කරුණු තියෙන්නත් පුළුවන් නේ. "Torrent". සමහර අයට මේ වචනේ කිව්වත් තරහ යනවා. තවත් සමහර අය IT ගැන කතා කරද්දී කැමතිම වචනේ Torrent. තව කට්ටියකට torrent වල කිසිම විශේෂත්වයක් නෑ. ඇයි මේ එක එක කට්ටිය එක එක විදියට එකම දෙයක් දකින්නේ? ඒක torrent වල තියෙන විශේෂ ලක්ෂණයක්ද? අපෝ නෑ. ඒක මේ ලෝකේ හැටිනේ. මිනිස්සු ලෝකේ දකින්නේ තම තමන්ට කැමති විදියට. ඒකෙත් වැරද්දක් නෑ. ඒත් සමහර අය ඉන්නවා එයාල ලෝකේ දකින්නේ වෙන කට්ටියට ඕනේ විදියට. Torrent වලට අකමැති අයගෙන් ගොඩ දෙනෙක් එහෙමයි. හරියට දැනගන්නේ නැතුව අනුන් අකමැති නිසා තමනුත් අකමැති වෙනවා. ඔන්න දැන් මීට පස්සේ එහෙම වෙන්න ඕනේ නෑ. හරියට දැනගන්නකො torrent ගැන.

Saturday, October 6, 2012

Torrent Download වෙන්නේ හෙමින්ද? මෙන්න විසඳුම.

         මෙන්න තවත් Tricks කෑල්ලක් කියල දෙන්නයි යන්නේ... ඔය කට්ටිය ඔය එක එක දේවල් Torrnet වලින් බානව ඇතිනේ. වැඩි හරියක් ඉතින් Film එහෙම වෙන්නැති බාගන්නේ. ඉතින් ඔය ඕන එකක් බාගන්න Seeders, Trackers එහෙම තියෙන්න ඕනි නේ? අන්න ඒව ටිකක් දාගන්න හැටි අද අපි බලමු. පට්ට ලේසි වගේම සුපිරි.


          මේක මම කරන්නේ BitTorrent වල. අනිත් Torrent Client software වලත් අනිව තියනවා. මේක කරන්න කලින් පොඩි Text File එකක් බාගන්න ඕනි. ඒකෙ තමා ඔය දාන්න යන Trackres List එක තියෙන්නේ. ඔන්න එහෙනම් බාගන්නකෝ....

Wednesday, October 3, 2012

Game of Thrones Season 1 FULL [සිසිරයේ භීෂනය].

          මෙන්න මගේ බ්ලොග් එකේ දෙවැනි TV Show එක. මුලින් දුන්නේ Silver Sun. ඒකට හුඟක් විවේචන ආව. ඔක්කොම නෑ. නැත්තම් කියන තැනින් නෙවෙයිලු ඉවර වෙන්නේ කියල එක එක මෙවුව. අනේ මන්ද ඒකත් පට්ට TV Show එක. මේක මම දෙන්න හදන එකත් අලුතෙන්ම ආවේ. IMDB Rate එක 9.4/10 තියන TV Show එකක්. මේක රජ කාලෙ කතාවක්. හෙන ගාණක් වියදම් කරල හදල තියෙන්නේ.


         මේකෙ කථාව මෙහෙමයි. ඔන්න මහද්වීප දෙකක් තියනවා. ඒකෙ එකක් තමා Westeros. ඒකෙත් ඔය Winterfell කියන එකේ තමා මේ කතාව ප්‍රධාන වශයෙන් දිව යන්නේ. මෙකේ සම්පූර්ණයෙන් Season 3 තියනවා.