JustCrowd.net
Showing posts with label විද්‍යාත්මක. Show all posts
Showing posts with label විද්‍යාත්මක. Show all posts

Sunday, March 17, 2013

තාරකා විද්‍යාඥයෝ 5 | සූර්යග්‍රහණ පිළීබඳ අනාවැකි පළ කල හිපාකස්

සබැඳි ලිපි :- තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.
                     තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්.
                     තාරකා විද්‍යාඥයෝ 3 | ග්‍රීසියේ මහා දාර්ශනිකයා ඇරිස්ටෝටල්.
                    තාරකා විද්‍යාඥයෝ 4 | ග්‍රහලෝක අතර නාමාවලිය සැකසූ ටයිකෝ බ්‍රාහි.

සූර්යග්‍රහණ පිළීබඳ අනාවැකි පළ කල හිපාකස්


සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ පිහීටීම ඕනෑම දිනක නිවැරදිව ප්‍රකාශ කිරීමේ හැකියාවක් හිපාකස් නමැති තාරකා විද්‍යාඥයා සතු වුනා. මේ හේතුවෙන් ඔහු පුරාතනයේ සිටි අතිදක්ෂම තාරකා විද්‍යාඥයා ලෙස ද සැලකෙනවා. ක්‍රි.පූ. 190-120 කාලය තුළ ජීවත් වූ හිපාකස්, තාරකා විද්‍යාඥයෙක් පමණක් නොව ගණිතඥයෙක්, භූ ගෝල විද්‍යාඥයෙක් ලෙසද නමක් දිනා සිටි අයෙක්. ත්‍රිකෝණමිතිය සොයා ගැනීමේ ගෞරවයද හිමි වන්නේ මොහුටයි. ඔහු කළ සොයාගැනීම් අතර වඩාත් ප්‍රකට විෂුවයයි. ඔහුගේ සූර්යය හා චන්ද්‍ර සිද්ධාන්ත සහ ත්‍රිකෝණමිතිය අනුව සූර්යග්‍රහණ පිලිබඳ අනාවැකි පළ කිරීමේ ක්‍රමයක්ද ඔහු ඉදිරිපත් කිරීමට සමත් උනා. ඔහුගේ අනෙකුත් වැදගත් සොයා ගැනීම් ලෙස පෘථිවියේ සාපේක්ෂ අක්ෂ භ්‍රමණය ද, තාරකා නාමකරණයද, තරු මාලිමාවේ නිපදවීමද හඳුන්වා දිය හැකියි. හිපාකස්ට අහසේ තරු 850 කට අධික ප්‍රමාණයක පිහිටීම ඉතාම නිවැරදිව  විස්තර කිරීමටද හැකියාව ලැබුනා. 

Sunday, March 10, 2013

තාරකා විද්‍යාඥයෝ 4 | ග්‍රහලෝක අතර නාමාවලිය සැකසූ ටයිකෝ බ්‍රාහි.

සබැඳි ලිපි :- තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.
                    තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්.
                    තාරකා විද්‍යාඥයෝ 3 | ග්‍රීසියේ මහා දාර්ශනිකයා ඇරිස්ටෝටල්.


                   ග්‍රහලෝක අතර නාමාවලිය සැකසූ ටයිකෝ බ්‍රාහි.


නූතන තාරකා විද්‍යාඥයින් අතර සුවිශේෂී තැනක් ටයිකෝ බ්‍රාහිට හිමි වෙනවා. 1546 දී දකුණු ස්වීඩනයේ උඔඅත ලද මොහු රදළ පවුලක සාමාජිකයෙක්. කෝපන්හේගන් සරසවියෙන් අධ්‍යාපනය ලද මොහු උගත් විෂයයන් වූයේ ගණිතය හා තාරකා විද්‍යාවයි. ඉන් අනතුරුව ජර්මනියේ ආකාෂ වස්තු නිරික්ෂණාගාරයක සේවය කිරීමේ භාග්‍යය ඔහුට හිමි උනා. වසර කිහිපයකට පසුව නැවත ඩෙන්මාර්කයට ඔහු පැමිණියේ ජර්මනියෙන් ලද උසස් තාරකා විද්‍යා දැනුමත් සමගයි. එවකට  ඩෙන්මාර්කයේ සිටි රජතුමාගේ ද මූල්‍යමය ආධාර ඇතිව අහස නිරීක්ෂණය කල හැකි මධ්‍යස්ථානයක් ගොඩ නැගීමට බ්‍රාහිට හැකි උනා.

Tuesday, March 5, 2013

තාරකා විද්‍යාඥයෝ 3 | ග්‍රීසියේ මහා දාර්ශනිකයා ඇරිස්ටෝටල්.

සබැඳි ලිපි - තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.
                   තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්.

ඇරිස්ටෝටල්.


ක්‍රි.පූ. 364 - 322 කාලය තුළ ජීවත් වූ ඇරිස්ටෝටල් ග්‍රීක ජාතිකයෙක්. තාරකා විද්‍යාඥයෙක් මෙන් ම දාර්ශනිකයෙක් ලෙසද සුපතළ ඇරිස්ටෝටල් සඳ සහ තරු ගමන් කරන බවට මුලින්ම ප්‍රකාශ කල තැනැත්තාද වෙනවා. "පෘථිවිය විශ්වයේ මධ්‍යස්ථානයයි. ඉර, හඳ, ග්‍රහලෝක පොළොව වටා ගමන් කරයි." යනුවෙන් ඇරිස්ටෝටල් ප්‍රකාශ කලා. ඇරිස්ටෝටල් ගේ මතයට අනුව විශ්වය ගෝලාකාර සහ නිශ්චිත සීමාවන් සහිත ව්‍යුහයක් වෙයි. පෘථිවිය එම සමස්ත විශ්වයේම මැද පිහිටා තිබෙන්නකි. ග්‍රහලෝක සහ අනෙකුත් ග්‍රහ වස්තු පෘථිවිය කේන්ද්‍ර කරගෙන විවිධ පථවල ගමන් කරමින් තිබෙන බවයි ඔහුගේ අදහසින් ප්‍රකාශ වූයේ. ඇරිස්ටෝටල් සතුව "ලයිසියම්" නමින් හඳුන්වන පාඨශාලාවක් තිබුණ අතර එහි කරන ලද භෞතික හා ජීව විද්‍යාත්මක පර්යේෂණවලට වියදම් කරේ ඔහුගේ ශිෂ්‍යෙක් වූ මහා ඇලෙක්සැන්ඩර් රජුයි.

Sunday, March 3, 2013

තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්.

සබැඳි ලිපි - තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.

ගණිත ප්‍රාඥයා පයිතගරස්.

පෘථිවිය ගෝලාකාර බව මුලින්ම ප්‍රකාශ කළේ පයිතගරස්ය. චන්ද්‍රයා මත වැටෙන පෘථිවියේ සෙවණැල්ල නිරීක්ෂණය කර ඒ පිළිබඳව වැඩිදුරටත් අධ්‍යනය කිරීමෙන් අනතුරුවයි මොහු ඒ බව ප්‍රකාශ කලේ. සොමෝස් දූපතේ ධනවත් පවුලක උපන් පයිතගරස් කුඩා කල පටන්ම ඉතා බුද්ධිමත් ළමයෙක් බව ප්‍රකට කලා. සොළොස්වැනි වියේ පසු වෙත් දී ඔහු විසින් ගුරුවරුන්ගෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීමට ගුරුවරුන්ට නොහැකි වී තිබෙනවා. ග්‍රහලෝක ගමන් කරන්නේ වක්‍රාකාර ගමනක බවත් ඔහු ප්‍රකාශ කලා. දක්ෂ ගණිතඥයෙක් ලෙස ද එකල ප්‍රකටව සිටි පයිතගරස් එදා ඉදිරිපත් කල ගණිත සංකල්ප වර්තමානයේදීද පාසල්වල පවා උගන්වයි. එවැනි ගණිත සංකල්පයකි "පයිතගරස් ප්‍රමේය". පයිතගරස් ජීවත් වූයේ ක්‍රි.පූ. 570 - 540 ත් අතර කාලයේ ය.

Saturday, March 2, 2013

තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.

   වර්තමානයේ දී මෙන්ම අතීතයේදීද අහස නිරීක්ෂණයට බොහෝ දෙනා දැක්වූයේ සුවිශේෂී කැමැත්තක්. ඉර, හඳ, තාරකා පිළිබඳව මිනිසා තුළ වූ කුතුහලය ඔවුන් විශ්ව ගවේෂණයට පෙළඹවීය. මිත්‍යා මත සහ ආගමික මත රජකල ඒ යුගයේදී තාරකා විද්‍යාඥයින්ට තමන් සොයා ගත් දේ ප්‍රකාශ කිරීමට, තහවුරු කිරීමට හැකියාවක් නොලැබිනි. ඒ සඳහා උත්සහ දැරූ අයට ඇතැම් විට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු විය. කෙසේ වුවද එවැනි බාධක පරයමින් තම ගවේෂණ කටයුතුවල නිරත වූ නිසා තාරකා විද්‍යාව වර්තමානයේ පවතින තත්වයට දියුණු කිරීමට ඔවුන්ට හැකියාව ලැබිණි. අප්‍රතිහත ධෛර්යයත්, අසාමාන්‍ය කැපකිරීමත් නිසා අනාගත ලෝකයට අනන්ත විශ්වයේ තොරතුරු එළිදරව් කළ එවැනි සුවිශේෂී මිනිසුන් කිහිප දෙනෙකු ගැන මේ ලිපි පෙලෙන් කියවමු.

Sunday, October 21, 2012

උල්කාපාත ගැන දැනගනිමු.

උල්කාපාතයක් යනු :-

           වළාකුළු නැති පැහැදිලි අහසක් ඇති රැයක තරු පිරිවරා ගත් අහස් ගැබ දෙස මද වෙලාවක් සුපරිෂාකාරීව බලා සිටින්න. එක් අවස්ථාවක දී තරු කඩා වැටෙනවාක් සේ ඔබට දිස්වෙනු ඇත. ඒ තරුවක් කඩා වැටීමක් නොව උල්කාපාත ඇද හැලීමකි.



            මේ පරක් තෙරක් නොමැති මහා විශ්වයේ විවිධ ආකාශ වස්තූන් ප්‍රකෝටි ගණනින් පිහිටා ඇත. මේවායින් සමහරක් කුඩා වන අතර තවත් සමහරක් අති විශාල වේ. අභ්‍යවකාශයේ සැරිසරන මෙම අකාශ වස්තූන් සමහර අවස්ථාවල දී පෘථිවියට ආසන්නව ගමන් කරයි. එවැනි අවස්ථාවල දී පෘථිවි ගුරුත්වකාර්ශනයට හසුවන මේවා පෘථිවි වායු ගෝලය හා ගැටී පිළිස්සී විනාශ වී යන අතර, සමහර ඒවා විනාශ නොවීම පෘථිවිය මතට පතිත වේ. මේ අනුව බලන කල උල්කාපාතයක් යන්න පහත පරිදි අර්ථකථනය කල හැකිය.

" පෘථිවි වායු ගෝලයට ඇතුළු වන අභ්‍යවකාශයේ සැරිසරන ඕනෑම ග්‍රහ වස්තුවක් උල්කාපාතයකි"

Friday, August 10, 2012

Call of Duty-Black Ops 2 පරිගණක ක්‍රීඩාව ආශ්‍රයෙන් පෙන්ටගනය රොබෝ අවි සෑදීමට යයි

            මෙන්න කට්ටියට මම නියම ප්‍රවෘත්තියක් ගෙනාවා. ඔයාල පරිගණක ක්‍රිඩා කරන්න කැමතියි නම් අනිවාර්යෙන් Call of Duty පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කරල ඇති.මේක නිශ්පාදනය කරන්නේ ට්‍රෙයාක් කියන සමාගම. බෙදාහරින්නේ ලෝක ප්‍රසිද්ධ ඇක්ටිවිෂන් සමාගම. ඇත්තටම මේක ක්‍රීඩා මාලාවක්. එක ක්‍රීඩාවක් අනිත් එකට සම්බන්දයි. ඉතින් මේ පරිගණක ක්‍රීඩාවේ අලුත්ම සංස්කරණය තමා Call of Duty-Black Ops 2. මේක 9 වැනි සංස්කරණය. ඒත් තවම ඒක පිට කරල නෑ. එන්නේ 2012 නොවැම්බර් 13 කියලයි කියන්නේ. කොහොම උනත් මමත් නොඉවසිල්ලෙන් ඉන්නේ. ඔය Youtube එකේ එහෙමනම් Video තියනවා. මාර පහර වගේ. කොහොම උනත් මෙකෙ පහර කම කොච්චරද කියනවනම් පෙන්ටගනය මේ ගේම ගැන විශේෂ අවධානයක් යොමු කරල.


         මුලින්ම ගේම් එක ගැන කතා කරල ඉම්මුකෝ. මේකේ පසුබිම් වර්ෂය වෙන්නේ 2025. මේ කාලයේ ඇමරිකාවත් චීනයත් අතර දේශපාලන අර්බුදයක් පටන් ඇරන් තියෙන්නේ. කාරණේ තමා චීනය ඔය දුර්ලභ මූලද්‍රව්‍ය කිහිපයක සැපයුම සීමා කිරීම. ඔය අතරේ රාවුල් මෙනෙන්ඩෙස් කියන ත්‍රස්තවාදී නායකයා ඔය රටවල් දෙක අතර යුද්ධයක් ඇරඹීමට උත්සහ දරයි.

Tuesday, May 22, 2012

සුවිසල් විශ්වයේ සුවිසල් පුදුමය|කළු කුහර-Black Holes

    ආයුබෝවන් හැමෝටම.යාළුවනේ මොකක්ද ඇත්තටම කළු කුහරයක්(Black Hole) කියන්නේ?මේක ඇත්තටම වැකුම් Cleaner එකක් වගේ.අසීමිත,ඉතාමත් අධික ගුරුත්වාකර්ෂනයක් තියනවා.ඒ කියන්නේ ඔය කළු කුහරය ළඟින් යන ඕනෑම පදාර්ථයක් ඒක ඇතුලට ඇදල ගන්නවා.ආය එළියට ඒම නම් බොරු.ඔය ග්‍රහලෝකයක්,තරුවක්,වල්ගා තරුවක්,දූවිලි වලා එහෙම ඔය කළු කුහරයකට ඇදල ගන්න එක එච්චර අමාරු වැඩක් නෙවෙයි.ඒ කියන්නේ පෘථිවිය ඇතුලු සෞරග්‍රහ මණ්ඩලයම ඔය කළු කුහරයක් ඇතුලට යන්න එච්චර වෙලා යන්නේ නෑ.


ඔය කළු කුහර අපේ පියවි ඇහැට නම් පේන්නේ නෑ.මොකද දන්නවද ඕකේ තියන ගුරුත්වාකර්ෂණය ආලෝකයත් ඇදල ගන්නවා.මේකට ඇදලගන්න පදාර්ථ වල ස්කන්ධය හැකිලෙනවා.ඝනත්වය වේගයෙන් වැඩි වෙමින් සදහටම නොපෙනී යනවා.කළු කුහරවල තියන ගුරුත්වාකර්ෂනය කොච්චරද කියනවනම්