JustCrowd.net

Sunday, June 10, 2012

අපේ රත්තරං Smart Phone එක උස්සයි කියල බයද? මෙන්න විසඳුම.

    ආයුබෝවන් හැමෝටම.ඔන්න ඔය කට්ටියගේ ස්මාර්ට් ෆෝන් එක නැති උනා කියල කියන්නකෝ.නැතිනම් කවුරු හරි අමන පැටියෙක් ෆෝන් එක ඉස්සුවයි කියමුකෝ....අම්මටසිරි මතක් කරන්න එපා නේ...නැති උනානම් කමක් නෑ.මොකෙක් හරි අපේ රත්තරං ස්මාර්ට් ෆෝන් එක උස්සපුවහමනම් ඉතින් අප්පේ මතක් වෙන රුවන් වැකි නේ?


           ඔය Smart Phone එකක් නැති උනාම ඒක තියන තැන,ඔය ෆෝන් එක හොයාගන්නම බැරි උනොත් ෆෝන් එක Lock කරන්න නැතිනම් ෆෝන් එකේ දත්ත ඔක්කොම අකල මකල දාන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තියනවා.නම තමා Anti-Theft.මේක F-Secure කියන සමාගමේ වෙබ් සයිට් එකෙන් නොමිලේම බාගන්න පුළුවන්.මෙන්න ඉතින් ලින්ක් එක ක්ලික් පාරක් කරල ගිහින් බාගන්නකෝ www.f-secure.com/antiTheft_PC .ඕකට අමතරව මේ ලින්ක් එකට ගිහින් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකට Download Link එකක් එවන්න කියල ඉල්ලන්න පුළුවන්. http://f-secure.mobi .

ඔය Anti-Theft කියන සොෆ්ට්වෙයාර් එක ස්මාර්ට් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරනකොට ඉල්ලනවා Password එකක්.ඒක ඉල්ලන්නේ ඔය ස්මාර්ට් ෆෝන් එක නැතිවෙලා Anti-Theft සොෆ්ට්වෙයාර් එකෙන් ලොක් උනොත් එහෙම අන්ලොක් කරගන්න.ඒ වගේම තවත් ෆෝන් එකක නම්බර් එකක් ඉල්ලනවා.ඒ මොකො ඔය ෆෝන් එක නැතිවෙලා ඒක වෙන අපතයෙක් පාවිච්චි කරනවද කියල දන්නවන්න SMS එවන්න.ඔය ඔක්කොම ජාති ඔය සොෆ්ට්වෙයාර් එකෙන් ස්වයංක්‍රීයව සිද්ධවෙනවා.

Anti-Theft සොෆ්ට්වෙයාර් එකෙන් ලැබෙන ආරක්ෂාව මෙන්න මේවයි හොඳේ...


තෙෆ්ට් කන්ට්‍රෝල්(Theft Control)-Anti-Theft සොෆ්ට්වෙයාර් එකේ මේ පහසුකම සක්‍රීය කරපුවහම වෙන්නේ ඔය ෆෝන් එකට අලුත් සිම් එකක් දාන ගානේ ඒ අලුත් සිම් එකේ නම්බර් එක අර කලින් දුන්න අපේ අනිත් නම්බර් එකට SMS එකක් විදිහට දන්නවනව.දැන් ඔය හොරකම් කරපු අපතයා කී පාරක් සිම් මාරු කලත් නම්බර් එක අපේ අතේ.ඉතින් අරකට අමතන්න තියෙන්නේ රෙදි ගැලවෙන්න.

රිමෝට් ලොක්(Remote Lock)-මේ පහසුකමින් පුළුවන් අපිට අපේ Smart Phone එක හොරකම් කෙරුවොත් ඒක ලොක් කරන්න.කොහොමද දන්නවද ලොක් කරන්නේ?ඔය අපි දුන්න පාස්වර්ඩ් එකත් එක්ක SMS එකක් යවන්න තමා තියෙන්නේ.යවන්න ඕන මෙහෙමයි #LOCK#<පාස්වර්ඩ් එක> මෙහෙම SMS එක යවපුවගම ඉතින් හොර අපතයට ආය අපේ ෆෝන් කට්ට Unlock කරගන්න වෙන්නේ අපිටම කියල තමා.

ලොකේට් ෆෝන්(Locate Phone)-මේකෙන් නම් වෙන වැඩේ සුපිරි.මොකක්ද දන්නවද?ඔය කලින් කලා වගේ මෙහෙම #LOCATE#<පාස්වර්ඩ් එක> මෙහෙම SMS එකක් යවපුවහම ඔය SMS එක යවපු ෆෝන් එකට  Reply එකක් එනවා පොඩි ලින්ක් එකක්.මොකක්ද දන්නවද?ඔය Google Maps එකේ ලින්ක් එකක්. ඒකෙන් පෙන්නන්නේ ඔය නැතිවුන ෆෝන් කට්ට තියන තැනයි.දැන් ඉතින් එතනට ගියා පොරට ගැහුව ගත්තා ෆෝන් එක.දැන් ඉතින් ඔයාට ප්‍රශ්නයක් ඇති කොහොමද ඔය SMS යවන්නේ කියල? ඇයි ඉතින් Theft Control පහසුකමින් අපිට ඔය මාරු කරන හැම SIM එකේම නම්බර් එවනවනේ. 

රිමෝට් වයිප්(Remote Wipe)-අපි ඔය උඩ තියන ඔක්කොම කරල ෆෝන් කට්ට හොයාගන්න බැරි උනොත්(සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නෑ)මේ පහසුකම පාවිච්චි කරන්න පුළුවන්.මේකෙන් වෙන්නේ ඔය ෆෝන් එකේ තියන ඔක්කොම තොරතුරු ටික Delete වෙලා යනව.හරියට Full Format වගේ.මේක ක්‍රියාකරවන්නේ මෙහෙමයි.ඔය ෆෝන් එකේ නම්බරේට මේ SMS එක යවන්න. #WIPE#<පාස්වර්ඩ් එක> දැන් ඉතින් අපේ ෆෝන් එකෙන් වැඩ ගන්න අලුතෙන්ම මහන්සි වෙන්න වෙනවා....මරු නේ??

ලිපිය හොඳයි කියල හිතෙනව නම් Share පාරකුයි.ෆෑන් පේජ් එකට Like එකකුයි දීලම යන්න....ඔය නිවි නිවි පත්තුවෙන "මම දැන් Geek කෙනෙක්.ඔයා?" කියන එක ක්ලික් කරලා www.geek.lk යන්න..ඒ වෙබ් එක නියමයි..මම ඕක දාල තියෙන්නේ පොඩි තරඟෙකට...අනේ ඔය ෆෝටෝ එක ක්ලික් කරලම යන්න හොඳේ..





9 comments:

  1. Replies
    1. අපොයි පුළුවන් මචන්...

      Delete
  2. Machan Android phones walata wada karaida?

    ReplyDelete
    Replies
    1. සුපිරි ෆෝන් එකක් නම් වැඩ මචෝ.....

      Delete
  3. මල්ලි මෝටරෝලා EX 128 මේ ගැජට් එක දාන්න බැරිද?

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. niyamai
    mchan dan api sms yawanna ona ape nathi unu 4n ake sinm ake number 1tada ?

    u sim aka maru karoth auto ana sim number 1tkatada ?

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.