Sunday, October 21, 2012

උල්කාපාත ගැන දැනගනිමු.

උල්කාපාතයක් යනු :-

           වළාකුළු නැති පැහැදිලි අහසක් ඇති රැයක තරු පිරිවරා ගත් අහස් ගැබ දෙස මද වෙලාවක් සුපරිෂාකාරීව බලා සිටින්න. එක් අවස්ථාවක දී තරු කඩා වැටෙනවාක් සේ ඔබට දිස්වෙනු ඇත. ඒ තරුවක් කඩා වැටීමක් නොව උල්කාපාත ඇද හැලීමකි.



            මේ පරක් තෙරක් නොමැති මහා විශ්වයේ විවිධ ආකාශ වස්තූන් ප්‍රකෝටි ගණනින් පිහිටා ඇත. මේවායින් සමහරක් කුඩා වන අතර තවත් සමහරක් අති විශාල වේ. අභ්‍යවකාශයේ සැරිසරන මෙම අකාශ වස්තූන් සමහර අවස්ථාවල දී පෘථිවියට ආසන්නව ගමන් කරයි. එවැනි අවස්ථාවල දී පෘථිවි ගුරුත්වකාර්ශනයට හසුවන මේවා පෘථිවි වායු ගෝලය හා ගැටී පිළිස්සී විනාශ වී යන අතර, සමහර ඒවා විනාශ නොවීම පෘථිවිය මතට පතිත වේ. මේ අනුව බලන කල උල්කාපාතයක් යන්න පහත පරිදි අර්ථකථනය කල හැකිය.

" පෘථිවි වායු ගෝලයට ඇතුළු වන අභ්‍යවකාශයේ සැරිසරන ඕනෑම ග්‍රහ වස්තුවක් උල්කාපාතයකි"


උල්කාපාතවල ගුණාංග :-

        ඈත අභ්‍යවකාශයේ සිට පෘථිවි වායු ගෝලයට ඇතුළු වන සියලුම ආකාශ වස්තූන් පිහිටා ඇත්තේ ගුණාංග සහිත පරිසරයක (සුලඟ නොමැති, වායු නොමැති ) නිසා ඒවායේ ගුණාංග ද සෑම උල්කාපාතයකටම එක සේ පොදු ඒවා බව පැවසේ. මේ අනුව උල්කාපාතවලට පොදු ලක්ෂන ලෙස,

  1. වායු ගෝලයත් සමග ගැටීම නිසා අධික දීප්තියක් යුතුව දර්ශනය වීම.
  2. වායු ගෝලයත් සමග ගැටීම නිසා පිළිස්සී විනාශ වීම.
උල්කාපාතවල බලපෑම් :-

         වායු ගෝලයක් නොමැති චන්ද්‍රයා ගේ පස් පිටි වගෙයි, යන කියමනට මූලික වී ඇත්තේ අභ්‍යවකාශයේ සිට පැමිණෙන මේ ආගන්තුක වස්තූන්ය. එනම් උල්කාපාතයන්ය. සඳෙහි වායු ගෝලයක් නොමැත. සඳ වෙත ළංවෙන්නා වූ උල්කාපාත සඳ වෙත ඇදී යාමේදී ඒවා දවාලීමට තරම් ප්‍රමාණවත් වායු ගෝලයක් සඳ සතුව නොමැති නිසා ඒවා කෙළින්ම සඳෙහි පෘෂ්ඨය හා ගැටේ. මෙලෙස සඳ වෙතට ඇදී එන සෑම උල්කාපාතයක්ම පෘෂ්ඨය හා ගැටීම නිසා එහි පස් කෙටීමකට ලක්වේ. ඒ හේතුව නිසා පස් පිටි ස්වභාවයට පත් වේ. වායු ගෝලයක් නොමැති ග්‍රහ ලෝකවලට ද උල්කාපාතවල බලපෑම මේ ආකාරයෙන්ම බලපායි.



පෘථිවියට ඇති වූ බලපෑම :-

         මීට අවුරුදු දහස් ගණනකට පෙර අප පෘථිවියේ ජීවත් වූ විශාල උරග විශේෂය එනම් ඩයිනෝසර් නම් විශාල සත්වයා වඳ වී යාමට ද බලපා ඇත්තේ අභ්‍යවකාශයේ සිට පැමිණි විශාල උල්කාපාතයකි. ඈත අතීතයේ දී පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ සුවිශාල උල්කාපාතයක් වායුගෝලය තුළ දී විනාශයට පත් නොවී පෘථිවි පෘෂඨයට ඇද වැටුනි. මෙය ඇද වැටීමෙන් විසිරුණු දූවිලි අංශු මගින් පෘථිවි පෘෂ්ඨයට සූර්යා ලෝකය වැටීම අවහිර කිරීම නිසා ඇති වූ පාරිසරික විපර්යාස වලින් ඒ යෝධ දැවැන්ත සත්වයින් වඳ වී ගිය බව විශ්වාස කරයි.

අහඹු උල්කාපාත :-

           මුළු රැයක් පුරාවට එක් උල්කාපාතයක් නොව උල්කාපාත රාශියක් දැකිය හැක. මේ ප්‍රමාණය පැයකට පහත් දහයත් අතර ප්‍රමාණයක් ගනී.  එනමුත් මේවා අහසේ කුමන දෙසින් කුමන වේලාවක දර්ශනය වේදැයි කීම අපහසුයි. මෙවැනි උල්කාපාත "අහඹු උල්කාපාත" යන නමින් හඳුන්වනු ලබයි. මේවායේ විශේෂිත ලක්ෂනයක් වනුයේ රාත්‍රී අහසේ ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයකින් නිරීක්ෂණය කළ හැකි වීමයි.



උල්කාපාත වර්ෂා :-

       ඉහත කී අහඹු උල්කාපාතවලට අමතරව වසරේ සමහර කාල වල දී උල්කාපාත විශාල සංඛ්‍යාවක් එකවර පෘථිවි වායු ගෝලයට ඇතුළු වේ. මෙය උල්කාපාත වර්ෂාවක් ලෙසට හඳුන්වනු ලබන අතර, උල්කාපාත වර්ෂාවක් බිහිවන්නේ සූර්යයා වටා ගමන් කරමින් පවතින ධූම කේතුවකින් එනම් වල්ගා තරුවකින් ඉවත යන (හිස් ආකාශයට විසි වී ගිය ) පාෂාණ කැබලි හා දූවිලි කැටිති පිරි ස්ථානයක් හරහා පෘථිවිය ගමන් කිරීමේදී එම පාෂාණ කැබලි පෘථිවි ගුරුත්වාකර්ෂණයට මුසු වී වායු ගෝලයේ හා ගැටීමෙනි. උදාහරණ ලෙස "මියෝගිඩ්ස්" උල්කාපාත වර්ෂාව ගත හැකි අතර මේවා වර්ෂයේ එක් කාලයකදී පමණක් දර්ශණය වීම විශේෂ ලක්ෂණයකි.



අම්මෝ ඔන්න පන දාගෙන ලියුව. ලිපිය කොහොමද කියල අදහසක් ලියලම යන්න.





4 comments:

  1. නියමයි නියමයි... දිගටම ලියන්න

    ReplyDelete
  2. හරිම අපූරු ලිපියක්..
    මම භූ ගෝලය විෂය කරන කාලෙ ඔබේ බ්ලොගය තිබුනා නම් කොයිතරම් වටිනවද..
    ජයම වේවා!

    ReplyDelete
  3. Sahan Weerasinghe - බොහොම ස්තූතියි....

    Indika Dissanayake - Thx

    හිරුහිමාවී - බොහෝම ස්තූති වැවත මේ පැත්තේ ආවට.....

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.