JustCrowd.net

Sunday, October 14, 2012

පෘථිවියට ආසන්නයෙන් දියමන්ති ලෝකයක් සොයා ගැනේ.

       මෙන්න අද මම පොඩි News එකක් ගෙනාවා අභ්‍යවකාශය ගැන. මේ ගැන සමහර කට්ටියනම් දන්නවත් ඇති. ඕන් විද්‍යාඥයින් කට්ටියක් දියමන්ති ලෝකයක් හොයාගෙනලු.


මේක තියෙන්නේ පෘථිවියේ ඉදන් වැඩි ඈතක නෙවෙයි. ආලෝක වර්ෂ 40ක් ඈත:p විද්‍යාඥයින් කියන විදිහට මේක දියමන්තියක් වගේම බබළනවලු. ඒ නිසා මේකෙ මතුපිට පුරාම දියමන්ති විසිරී තිබෙන බවයි දැනගන්න ලැබෙන්නේ....

           මේ ග්‍රහලෝකය Cancri 55 e කියල තමයි නම් කරලා තියෙන්නේ. මේකෙ විශාලත්වය පෘථිවිය වගේ දෙගුණයක් වගේම ස්කන්ධය අට ගුණයක්.
පෘථිවියේ නම් මතුපිට තියෙන්නේ ජලයයි පාෂානයි උනත් මේ ග්‍රහලෝකයේ මතුපිට තියෙන්නේ දියමන්ති මිනිරනුයි කියලයි විද්‍යාඥයින් නම් කියන්නේ. කරල තියන අලුත්ම පර්යේෂනයකින් හෙලි වෙලා තියෙන්නේ මේ ග්‍රහලෝකයේ තුනෙන් එකක්වත් දියමන්ති වලින් වැහිල තියන බවයි. ඒ ප්‍රමාණය පෘථිවියේ බරින් තුන් ගුණයක්.


මේ වගේ ග්‍රහලෝකයක් හොයාගත් ප්‍රථම අවස්ථාව මෙය බව මෙහි ප්‍රධාන පර්යේෂක වන  Nikku Madhusudhan කියනවා. " මතුපිට වතුර හා පස් වෙනුවට මිනිරන් හා දියමන්ති තමයි තියෙන්නේ, මේක තමයි ප්‍රථිවියට වඩා වෙනස්ම තත්ත්වක් ඇති ශෛලමය ලෝකයක් හොයාගත්තු පළමු අවස්ථාව! "

මේ Cancri 55 e කියන දියමන්ති ග්‍රහලෝකය සීඝ්‍රයෙන් පරිභ්‍රමනය වෙන බවයි විද්‍යාඥයින් කියන්නේ. මේකෙ එක වසරක් යන්න ගතවන්නේ පෘථිවි පැය 18 යි. ඒ වගේම මේකෙ මතුපිට උෂ්නත්වය ෆැරන්හයිට් 3900 ක් විතර වෙනවලු. ඒ හින්ඳා මේ ග්‍රහලොවෙ ජීවයක් තියනව කියල විශ්වාස කරන්න නම් බෑ.



මෙය ප්‍රථිවියට ආලෝක වර්ෂ 40ක් පමණ ඈතින් පිහිටා තිබුණත් පියවි ඇසින් දැකිය හැකි ග්‍රහලෝකයක්. ඉතින් ඔබ තාරකා විද්‍යාව ගැන උනන්දු කෙනෙක්නම් පැහැදිළි අහසක් ඇති රාත්‍රියක ඔබේ දුරේක්ෂයත් අරන් එළියට බැහැලා මේ දියමන්ති ලෝකය අහසේ හොයාගන්න උත්සහ කරන්නකෝ.


සැ.යු. : තද නිල්පැහැති රේකාවකින් යාකර ඇත්තේ කටක ( Cancer ) තාරකා රාශියයි, ඊට ස්වල්පයක් වමට වන්නට මෙම ග්‍රහලෝකය පිහිටා ඇත.

මේකට කොහොම හරි යා ගත්තොත් ගොඩ නේ? ඒත් මේ කපේදි නම් මේ ලෝකෙ එකෙකුට යන්න වෙන්නේ නෑ Sure.

එහෙනම් ලිපිය කොහොමද කියලා අදහසක් එහෙම ලියල යාළුවන්ටත් මේ ගැන දැනගන්න Share පාරකුත් දීල, ෆලෝ පාරකුත් දීගෙනම යන්න. 




4 comments:

  1. බොහොම ස්තුතියි මේ විස්තරේ අපිටත් කිව්වට..ඒ මරු හලෝ..ඕකෙන් කෑල්ලක්වත් හම්බුනානම් අපිත් පොහොසා............................ත්ම තමා.. :)

    ReplyDelete
    Replies
    1. මොනවද මේ කතා.... කෑල්ලක් නෙවෙයි පොඩි ගලක් හම්බ උනත් මොකො...

      Delete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.