සබැඳි ලිපි :- තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.
තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්.
තාරකා විද්‍යාඥයෝ 3 | ග්‍රීසියේ මහා දාර්ශනිකයා ඇරිස්ටෝටල්.
තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්.
තාරකා විද්‍යාඥයෝ 3 | ග්‍රීසියේ මහා දාර්ශනිකයා ඇරිස්ටෝටල්.
ග්‍රහලෝක අතර නාමාවලිය සැකසූ ටයිකෝ බ්‍රාහි.
නූතන තාරකා විද්‍යාඥයින් අතර සුවිශේෂී තැනක් ටයිකෝ බ්‍රාහිට හිමි වෙනවා. 1546 දී දකුණු ස්වීඩනයේ උඔඅත ලද මොහු රදළ පවුලක සාමාජිකයෙක්. කෝපන්හේගන් සරසවියෙන් අධ්‍යාපනය ලද මොහු උගත් විෂයයන් වූයේ ගණිතය හා තාරකා විද්‍යාවයි. ඉන් අනතුරුව ජර්මනියේ ආකාෂ වස්තු නිරික්ෂණාගාරයක සේවය කිරීමේ භාග්‍යය ඔහුට හිමි උනා. වසර කිහිපයකට පසුව නැවත ඩෙන්මාර්කයට ඔහු පැමිණියේ ජර්මනියෙන් ලද උසස් තාරකා විද්‍යා දැනුමත් සමගයි. එවකට ඩෙන්මාර්කයේ සිටි රජතුමාගේ ද මූල්‍යමය ආධාර ඇතිව අහස නිරීක්ෂණය කල හැකි මධ්‍යස්ථානයක් ගොඩ නැගීමට බ්‍රාහිට හැකි උනා.
යුරෝපයේ සාදන ලද පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වූ මෙය හැඳින්වූයේ ඌරනිබෝර් (Uraniborg) ආකාශ මාළිගාව ලෙසිනි. දුරේක්ෂයද නිපදවා නොතිබුණු ඒ යුගයේ දී එනම් 1576-1596 ත් අතර කාලය තුළ දී එවකට දන්නා සියලුම ග්‍රහලෝක සහ තරුවල පිහීටීම පිලිබඳ නාමාවලියක් සැකසීමට බ්‍රාහිට හැකි උනා.
තම පර්යේෂණාගාරය තුල සිට 1577 දී පෑයූ වල්ගා තරුවක්, සිකුරු ග්‍රහයාට ඈතින් හිරු වටා ගමන් කරන ආකාරය පැහැදිලි කිරීමටද බ්‍රාහිට පුළුවන් උනා. මෙම පර්යේෂණාගාරය තුළ දී වසර 20ක් තුළ තරු 777 ක නාමාවලියක් සෑදීමටත් ඔහුට හැකි උනා. මේ අතරතුර ඔහුට හොඳ ගෝලයෙක් හමු උනා. ඒ ජොහැන්නස් කෙප්ලර්. තම ගෝලයාට නොපැකිළිව දැනුම ලබාදෙන්නට බ්‍රාහි කටයුතු කරා.
ටයිකෝ බ්‍රාහි ගේ අභ්‍යවකාශ නිරික්ෂණාගාරය |
ස්තුතියි දැනුවත් කිරීමට.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ටයිකෝ බ්‍රාහි ගැන දන්නේ නැති උනාට ජොහැන්නස් කෙප්ලර් නම් අහල තියනවා...
ReplyDeleteOw
Delete