JustCrowd.net

Tuesday, November 13, 2012

2011 වසරේ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට

       අද පොඩි අමුතු දෙයක් ගැන කියන්න හිතුනා. කට්ටියම චිත්‍රපටි බලන්න කැමති ඇති නේ. එහෙනම් අපි අද බලමු 2011 වසරේ වැඩිම අදායමක් ඉපයූ Film 5 මොනවද සහ ඒ ගැන පොඩි විස්තර ටිකක්.

Harry Potter and the Deathly Hallows – Part 2



මේකට ගහන්න නම් කට්ටිය නෑ කියල හුඟක් කට්ටිය දන්නව ඇති. මේක තමා මුළු Harry Potter කථා මාලාවේම අවසානය. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන David Yates. මේක පාදක වෙලා තියෙන්නේ J. K. Rowling විසින් ලියපු Harry Potter කියන පොත් මාලාවයි. මේ කතාවෙ සුපුරුදු පරිදි Harry Potter ලෙස Daniel Radcliffe, Hermione Granger ලෙස Emma Watson සහ Ron Weasley ලෙස Rupert Grint රඟපානව.

Daniel Radcliffe, Emma Watson, Rupert Grint

මේකෙ ආදායම ගැන බැලුවොත් මේක ඉතිහාසයේ සුවිශේෂී කඩයිමක් සටහන් කරා. ඒ ඇමරිකානු හා ජාත්‍යන්තර යන සිනමා දෙවර්ගයෙන්ම එක් දිනක් තුළ උපයාගත් වැඩිම අදායම හා තිරගත වූ දිනය තුළ උපයාගත් වැඩිම අදායම ලෙස වාර්තා තබමින්. ඒ වගේම ලොව පුරා තිරගත වෙලා එක් දිනක් තුල මේ චිත්‍රපටය ඉපයූ අදායම ඩොලර් මිලියන 481.5 වෙනවා. මේකත් ලෝක චිත්‍රපට ඉතිහාසයේ නව වාර්තාවක්.

කොහොම හරි මේක චිත්‍රපටිය උපයා ඇති මුළු අදායම ඩොල්‍රර් බිලියන 1.3

Transformers: Dark of the Moon

මේක Transformers කතා මාලාවෙ 3න් වන කොටස. මේක චිත්‍රපටිය Sam Witwicky කියන තරුණයෙක් හා ඔහු මිතුරු Autobots ලා හා ඔවුන් සතුරු Autobots ලා පිරිසක් වටා දිවයන්නක්.


මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Michael Bay. නිෂ්පාදනය Steven Spielberg. චරිත ගැන කතා කරොත් ප්‍රධාන චරිතය වන Sam Witwicky විදිහට Shia LaBeouf රඟපානවා. ඒ වගේම කලින් කොටස් දෙකේ හිටපු ප්‍රධාන කාන්තා චරිතය(Sam ගේ පෙම්වතිය ) වූ Megan Fox වෙනුවට මේ කතාවෙ රඟපාන්නේ Rosie Huntington-Whiteley කියන ඇමරිකානු නිරූපිකාව. ඒ Carly Spencer ලෙසයි.

මේක ප්‍රදර්ශනය ඇරඹුවේ ඇමරිකානු ජාතික දිනය වන ජූලි 4 වැනිදා ආශ්‍රිත නිවාඩුවත් එක්කමයි. මේ ජාතික දිනය යෙදෙන සති අන්තය වන විට කුමන හෝ චිත්‍රපටියක් ඉපැයූ වැඩිම අදායමත් ඉපැයීමට මේ චිත්‍රපටය සමත් උනා.

ඒත් එක්කම මේ වසරේ ඩොලර් බිලියනයේ සීමාවට එන්නත් මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරපු Paramaount සමාගමට එන්න හැකි උනා. ඒ මෙම අවුරුද්දේ ඒ සීමාවට ලඟා වූ පලමු චිත්‍රපට නිශ්පාදන සමාගම ලෙසින්.

මේ චිත්‍රපටිය ලොව පුරා ඉපයූ මුළු ආදායම ඩොලර් බිලියන 1.1 වෙයි.

Pirates of the Caribbean: On Stranger Tides

Captain Jack Sparrow නැමැති මුහුදු යාත්‍රිකයා වටා ගෙතුනු මේ චිත්‍රපටිය තවත් අතිසාර්ථක නිපැයුමක්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Rob Marshall. නිශ්පාදනය Jerry Bruckheimer ගෙන්. 


මෙහි ප්‍රධාන චරිතය වන Captain Jack Sparrow ලෙස Johnny Depp සහ ප්‍රධාන කාන්තා චරිතය වන Angelica ලෙස Penélope Cruz රඟදක්වනවා.

Penélope Cruz  සමග Johnny Depp

Disney සමාගම විසින් මෙතෙක් ලොව පුරා වැඩිම බෙදා හැරීමක් සිදු කල චිත්‍රපටියද මෙය වෙනවා.

විදෙස් ආදායමින් මෙය උපයා ඇති අදායම ඩොලර් මිලියන 695.9 පමන වන අතර ලොව පුරා උපයා ඇති අදායම ඩොලර් බිලියන 1ක් පමණ වෙනවා.

Kung Fu Panda 2

කෑදර මහත පැන්ඩෙක් හා ඔහුගේ විවිධ ප්‍රහාරාත්මක මිතුරන් කිහිපදෙනෙක් වටා දිව යන මේ සජීවීකරණ චිත්‍රපටිය ලොව පුරා අතිසාර්ථකත්වයට පත් වූ නිර්මාණයක්.


මේ සුවිශේෂී නිර්මාණය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Jennifer Yuh Nelson. නිශ්පාදනය කරල තියෙන්නේ DreamWorks Animation සමාගම. ප්‍රචාරණය Paramount Pictures සමාගමෙන්. ඔය පල්ලෙහ තියෙන්නේ ඔය චරිත වලට හඬ කවපු සෙට් එක.

මේකෙ ඉපැයීම් ගැන කියනවනම් චීන අදායම් වාර්තා මේක බිඳ හෙලලා තියනවා. ඒ ඩොලර් මිලියන 497 උපයල. මේ චිත්‍රපටිය ලොව පුරා උපයා ඇති අදායම ඩොලර් මිලියන 663.

The Twilight Saga: Breaking Dawn – Part 1

මේක මිනිස් තරුණියකට පෙම් කරන වැම්පයර් තරුණයෙක් ඇතුලු වැම්පයර් කණ්ඩායමක් වටා දිව යන කතාවක්.


මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Bill Condon. කතාවට පාදක වෙලා තියෙන්නේ Stephenie Meyer ගේ Breaking Dawn නවකතාව.

මේකෙ ප්‍රධාන පිරිමි චරිතය වන්නේ Edward Cullen ( Robert Pattinson). ප්‍රධාන කාන්තා චරිතය Bella Swan/Cullen (Kristen Stewart ). තව ඔය Bella ට පෙම් කරන මොකෙක්ද වෘකයෙක් වෙන්න පුලුවන් පොරකුත් ඉන්නවා. ඒ  Jacob Black (Taylor Lautner). 

The Twilight Saga සිනමා පෙළෙ’හි අවසන් පූර්ව සිනමාපටය ලෙස එළි දු‍ටු මෙම චිත්‍රපටය ඊට පෙර චිත්‍රපටය තරම් නිකුත් වූ දින ඉපයීමක් කරන්නට සමත් නූනත් ඇමෙරිකාව තුළ සිනමාපටයක් විසින් නිකුත් වූ සති අන්තය තුළ උපයන ලද ඉහළතම ආදායම් වාර්තා ලේඛනයේ පස් වන තැනට උරුමකම් කියනවා.

 නිකුත් වී එළැඹි ප්‍රථම සති අන්තයේ ඇමෙරිකාවෙහි ඉපයූ ආදායම වන ඩොලර් මිලියන 139.5 සහ විදේශයන් වෙතින් ඉපයූ ඩොලර් මිලියන 144 නිසා මෙතෙක් මෙම චිත්‍රපට මාලාවෙහි; නිකුත් වූ සති අන්තයෙහි ලොව පුරා වැඩිම ඉපයීමක් සිදු කළ චිත්‍රපටය බවට මෙය පත්ව තිබෙනවා.

------------------------------------------------------------------------------------------------------------


කට්ටිය මෙච්චර මහන්සි වෙලා ලියුව ලිපිය ගැන අදහසක් එහෙම ලියල ලයික් පාරක් ෆලෝ පාරක් එහෙම දීගෙනම යන්න.






































5 comments:

  1. සුදු මහත්තයා - Thx Thx

    spider the DETECTIVE - ඒකනෙ

    ReplyDelete
  2. ෆිල්ම් බැලුවට මේවා දැනගත්තේ අද:)
    http://hithru.blogspot.com

    ReplyDelete
    Replies
    1. ආ.... ඒකනෙ මරු මරු ඈ..

      Delete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.