ආයුබෝවන් හැමෝටම.ඔන්න ඔය කට්ටියගේ ස්මාර්ට් ෆෝන් එක නැති උනා කියල කියන්නකෝ.නැතිනම් කවුරු හරි අමන පැටියෙක් ෆෝන් එක ඉස්සුවයි කියමුකෝ....අම්මටසිරි මතක් කරන්න එපා නේ...නැති උනානම් කමක් නෑ.මොකෙක් හරි අපේ රත්තරං ස්මාර්ට් ෆෝන් එක උස්සපුවහමනම් ඉතින් අප්පේ මතක් වෙන රුවන් වැකි නේ?
ඔය Smart Phone එකක් නැති උනාම ඒක තියන තැන,ඔය ෆෝන් එක හොයාගන්නම බැරි උනොත් ෆෝන් එක Lock කරන්න නැතිනම් ෆෝන් එකේ දත්ත ඔක්කොම අකල මකල දාන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තියනවා.නම තමා Anti-Theft.මේක F-Secure කියන සමාගමේ වෙබ් සයිට් එකෙන් නොමිලේම බාගන්න පුළුවන්.මෙන්න ඉතින් ලින්ක් එක ක්ලික් පාරක් කරල ගිහින් බාගන්නකෝ www.f-secure.com/antiTheft_PC .ඕකට අමතරව මේ ලින්ක් එකට ගිහින් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකට Download Link එකක් එවන්න කියල ඉල්ලන්න පුළුවන්. http://f-secure.mobi .
ඔය Anti-Theft කියන සොෆ්ට්වෙයාර් එක ස්මාර්ට් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරනකොට ඉල්ලනවා Password එකක්.ඒක ඉල්ලන්නේ ඔය ස්මාර්ට් ෆෝන් එක නැතිවෙලා Anti-Theft සොෆ්ට්වෙයාර් එකෙන් ලොක් උනොත් එහෙම අන්ලොක් කරගන්න.ඒ වගේම තවත් ෆෝන් එකක නම්බර් එකක් ඉල්ලනවා.ඒ මොකො ඔය ෆෝන් එක නැතිවෙලා ඒක වෙන අපතයෙක් පාවිච්චි කරනවද කියල දන්නවන්න SMS එවන්න.ඔය ඔක්කොම ජාති ඔය සොෆ්ට්වෙයාර් එකෙන් ස්වයංක්‍රීයව සිද්ධවෙනවා.
Anti-Theft සොෆ්ට්වෙයාර් එකෙන් ලැබෙන ආරක්ෂාව මෙන්න මේවයි හොඳේ...




















