JustCrowd.net

Thursday, April 12, 2012

අලුත් අවුරුද්දට කනාමුට්ටි ගහන්න. දැන්ම බා ගන්න.

       කට්ටියටම ලැබුවාවූ නව වසර සාමයෙන් සමගියෙන් සතුටෙන් පිරි සුභම සුභ නව වසරක් වේවා.දැන් කට්ටිය අවුරුදු උත්සව වලට යන්න එහෙම ලෑස්ති ඇතිනේ.සමහර විට දැනටමත් ගිහිල්ලත් ඇති.එහෙම තිබුණු අවුරුදු උත්සව වල විශේෂ තරඟයක් තමා කණා මුට්ටි බිඳීම.අන්න ඒ තරඟය සෙල්ලම් කරන්න කැමති අයට මෙන්න කණා මුට්ටි බිඳින්න ගේමක්...



මුලින්ම කණාමුට්ටි බිඳීමේ පාරම්පරික ක්‍රමය



සිංහල අලුත් අවුරුදු උත්සවයට නැතුවම බැරි කී‍්‍රඩාවක් වන්නේ කණාමුට්ටි බිඳීමයි.මෙය ලොකු කුඩා කවුරුත් අතර ජනපි‍්‍රය කී‍්‍රඩාවක්.තරමක් උස ලී කණු 2ක් හරහා බැඳගත් කඹයක එක හා සමාන මැටි මුට්ටි කිහිපයක් එල්ලා,එම මැටි මුට්ටි තුළට නිල් දියර පිරවීම සිදුකරන අතර හරි මැද ඇති මුට්ටියේ තීන්ත හෝ ජලය පිරවීම සිදුවෙනවා.මෙය ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස්වන අතර ඇතැම් ප‍්‍රදේශවල කඹයේ හරි මැදට වන්නට එක් මුට්ටියක් පමණක් එල්ලීමද සිදුකරනවා. 
තරගකරුවන්ගේ ඇස් නොපෙනෙන රෙදි කඩකින් ගැට ගසා,වට කිහිපයක් හිටි තැනම කරකවා,ඔවුන් අතට පොල්ලක් දී අතහැරීම මෙම කී‍්‍රඩාවේ ස්වභාවයයි.
ජය ගැනීමට නම්,ඔහු විසින් අදාළ කඹය ආසන්නයට ගොස්,නිවැරදි මුට්ටියට වැරෙන් පොලුපහර එල්ල කර,එක් පහරින්ම එය බිඳහෙලිය යුතුයි.එක් තරගකරුවෙකුට ලැබෙන්නේ එක් අවස්ථාවක් පමණයි.

එහෙනම් මේ පල්ලෙහ දීල තියන Link එකට ගිහින් බාගන්න.මේක ඔය Pentium 3 කොම් එකක උනත් වැඩ.Install කරන්න එහෙම ඕනි නෑ. බාගත්තා ගැහුවා.

ගේම බාගන්න මෙතන ක්ලික් කරන්න.

මෙහි අයිතිය www.kaputa.com සතු වේ.


එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...







0 comments:

Post a Comment

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.