JustCrowd.net

Tuesday, May 1, 2012

DNS Changer වයිරසයෙන් ඔබගේ පරිගණකය ආසාදිතදැයි බලමු.

       ආයුබෝවන්..!මේ දවස් ටිකේ අන්තර්ජාලේ රැව් පිළිරැව් දෙන මාතෘකාවක් තමා ඔය DNS Changer ද මොකක්ද කියල වයිරස් එකක් පැතිරෙනව කියල.අනේ මම ඔය ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නෑ.ඒත් එහෙම වයිරස් එකක් අන්තර්ජාලයේ පැතිරෙනව කියල FBI ආයතනයත් සනාථ කරල තියනවා...


ඉතින් අද නම් මම ආවේ ඔය එක එක වැඩක් නැති වයිරස් ගැන කියවන්න නෙවෙයි.ඔය DNS Changer වයිරස් එක ඔයාගේ කොම් එකට ඇවිල්ලද කියල දැන ගන්න හැටි තමයි මම අද කියල දෙන්න හදන්නේ.මොකද ඉතින් ඔය අපි ඉන්ටර්නෙට් එකේ වෙබ් සයිට් වලට යන යැවිල්ලට මොනවා එනව කියල අපිවත් දන්නව යැ.ඔය DNS Changer මඟුලෙන් වෙන්නේ DNS එක වෙනස් කරන එකලු.ඒක බලන්න හරි ලේසි.ඔය පල්ලෙහ දීල තියන ලින්ක් එකට යන්නකෝ...ගියාට පස්සේ ඔය මම ලින්ක් එකටත් පල්ලෙහ දීල තියන විදිහට කොළ පාටට පෙනුනොත් ආය කිසි අවුලක් නෑ.
DNS Changer කියල නාමයක් වත් නෑ ආය.ඒත් රතු පාටට පෙනුනොත්(මට රතු පාට Screenshot හොයාගන්න බැරි උනා හරිද )ඉතින් මොනව කරන්නද? දුක තමා...



වැඩේ ඉතින් මොන තත්වෙක තිබුණත් ඔයාල දැනගන්න ඇති ඔයාලගෙ කොම් එක DNS Changer වයිරසයෙන් ආසාදිතද නැද්ද කියල.ඒක හින්ද මට කරන උදව්වක් විදිහට පොඩි අදහස් පාරකුයි,ෆේස් බුකියේ මගෙ Fan Page එකට Like පාරකුයි දාගෙනම යන්න...


8 comments:

  1. මගේ එක නම් කොළ පාටයි

    ReplyDelete
  2. ස්තුතියි , මගෙත් කොලපාට.....ඔබට ජයවේවා..!

    ReplyDelete
  3. thanks machan.mage ekat kolapatai.tawat alut wedakellak aran ennako..

    ReplyDelete
  4. සමන් බන්ඩාර - ඔබටත් ස්තූති...
    kavindu - OK මචන්.
    Dayasiri - එහෙනම් වැඩේ ගොඩ.
    Kushi - ඔබටත් ස්තූති...
    Thusitha - OK මචන් එහෙනම් මැෂින් එක ආරක්ෂිතයි.
    Blacky - OK මචන්..

    ReplyDelete
  5. කොල පාටටපෙන්නනවා.ස්තුතියි ඔබට.

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.