JustCrowd.net

Saturday, May 5, 2012

Web Browser වලින් එන Error Message වලින් කියවෙන දෑ.

     කට්ටියටම ආයුබෝවන්.මම අද කියන්න යන්නේ මොකක්ද කියල දන්නව ඇතිනේ.ඔව් ඔයාල හිතුව හරි.මම අද කියන්න යන්නේ ඔය ඔයාල ඉන්ටෙර්නෙට් යනකොට Web Browser එකෙන් එන එක එක Error Message වල තේරුම මොකක්ද කියන එක...


       මම මේ කරුණු ටික හොයාගත්තේ විජය පරිගණක සඟරාවෙන්.හරි අපි වැඩේට බහිමුකෝ.ඔය එන Error Message වල එක එක අංක තියනව නේ.අංක 4න් පටන්ගන්න Error Message එකක් ආවොත් ඒකෙන් කියවෙන්නේ වැරදි විදිහට Web Browser එක පාවිච්චි කරල කියන එකයි.අංක 5න් පටන්ගන්න Error Message  එකක් ආවොත් ඒ කියන්නේ ඉන්ටර්නෙට් සර්විස් එක දෙන සර්වර් වල අවුලක්.මොනව උනත් ඔය පල්ලෙහ තියෙන්නේ ඕව ගැන තව ටිකක් විස්තර ඇතිව.


400 Bad request.
මේ Error Message එක ආවොත් ඒකෙන් කියන්නේ ඔය කට්ටිය ඉල්ලන වෙබ් අඩවියේ වෙබ් ලිපිනයෙහි මොකක් හරි වරදක් තියනව කියල.ඒ කියන්නේ ඔය වෙබ් ලිපිනයට තවම වෙබ් අඩවියක් අන්තර්ජාලයේ නෑ කියන එකයි.මේ වගේ Error Message එකක් ආවොත් කරන්න තියෙන්නේ ඔයා ටයිප් කරපු වෙබ් ලිපිනය හරිද කියල හොඳට බලන එක.මේකෙදි වෙබ් ලිපිනයට අදාළ ඉලක්කම්,සංකේත වගේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න.

401 Unauthorized.
මෙහෙම Error Message එකක් ආවොත් ඒ කියන්නේ එම වෙබ් පිටුවට ඇතුලු වීමට ඔයාට අවසර නෑ කියන එකයි.මේ වගේ වෙබ් අඩවි වල සමහර විට ඒ වෙබ් පිටු වල Register උනාට පස්සෙ මේ දෝෂය නැති කර ගන්න පුලුවන් වෙයි.

403 Forbidden.
මේ Error Message එකෙනුත් කියන්නේ ඔයා යන්න හදන වෙබ් පිටුවට යන්න අවසර නෑ කියලයි.මේකත් සමහර විට Register උනාට පස්සේ හරියන්න පුළුවන්.

404 Page not found.
මේ Error Message එක ආවොත් ඒකෙන් කියවෙන්නේ ඔයාල යන්න හදන වෙබ් පිටුවේ මොකක් හරි තාක්ෂණික දෝෂයක් තියනවා කියල.මේක හරිගස්සන්න නම් කලින් හිටිය පිටුවට ගිහින් ආයෙත් අර Error එක එන පිටුව ඉල්ලන්න. සමහර විට හරියන්න පුළුවන්.ඔය Error Message එක එන්නේ වෙබ් ලිපිනය ටයිප් කරපුවහම නම්.ඒ කියන්නේ ඔය ටයිප් කරපු වෙබ් ලිපිනය වෙනස් කරල නැතිනම් ඔය වෙබ් අඩවිය ඉවත් කරල කියන එකයි.

408 request time out.
මේ Error Message එක එන්නේ ඔයාලගෙන් මොකක් හරි ප්‍රමාද දෝෂයක් වුනහම.ඔය සමහර වෙබ් පිටුවල ලින්ක් තියනවනේ ඒව ක්ලික් කරන්න වෙලාවක් දෙනවා.අන්න ඒවගේ ලින්ක් හරි වෙලාවට ක්ලික් නොකීරීම තමයි මේකට හේතුව.මේක හරිගස්ස ගන්න නම් ආයෙත් ඒ ලින්ක් එක "ටක්" ගාල ක්ලික් කරන්න. 

500 Server error.
මේ Error Message එකනම් එන්නේ ඔය අන්තර්ජාල සර්වර් වල ඇති යම් යම් දෝෂ නිසා.මේ අවුල නම් එන්නේ අන්තර්ජාල සේවා සපයන ආයතනවල සර්වර් වල අවුල් නිසා.මේකෙන් බේරෙන්න නම් අන්තර්ජාලයෙන් ටික වෙලාවකට අයින් වෙලා ආයෙත් සම්බන්ධ වෙන්න බලන්න.

502 Server overload.
මේ Error Message එක ආවොත් ඒ කියන්නේ ඔයාල යන්න හදන වෙබ් අඩවියේ සර්වල් වල කාර්යබහුලත්වය වැඩි වෙලා කියන එකයි.ඒ කියන්නේ ඔය සර්වල් වලට හෙණ ගානක් එක පාර ඇවිල්ල කියන එකයි.මේක හරිගස්සගන්නත් ටික වෙලාවක් ඉන්ටර්නෙට් එකෙන් අයින් වෙලා ආයෙත් Connect වෙන්න.

503 Service unavailable.
මේ Error Message එන්නේ ඉන්ටර්නෙට් සේවා සපයන්නාගේ(ISP-Intrnet Service Provider) මොකක් හරි වැරැද්ද්ක් වෙලා කියන එකයි.සමහර විට ඔයාලගේ සම්බන්ධතාවය නතර කරපුවහමත් මෙහෙම Error එකක් එන්න පුළුවන්.මේ ගැන ඉතින් ඉන්ටර්නෙට් සේවා සපයන්නාගෙන් ඇහුවනම් හරි.

හරි මේ ලිපිය ඔයාලට වැදගත් උනා කියල හිතනවානම් Comment එකකුයි.Facebook එකේ Fan Page එකට Like එකකුයි දාලම යන්න.ආයෙත් අලුත් ලිපියකින් හමුවෙමු.

3 comments:

  1. ගොඩක් වටීනා ලිපියක් ....මෙහෙම Error Mඑස්සගෙස් දැකලා තිබුනට අද තමා දන්නේ මොකක්ද කරන්න ඔනි කියලා .ගොඩක් ස්තුතීයී.

    ReplyDelete
    Replies
    1. එකනේ මචන්....බොහොම ස්තූතියි...

      Delete
  2. ගොඩක් ස්තූතියි, වටින ලිපියක්.... ඔබට ප්‍රිතිමත් වෙසක් වේවා...!

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.