JustCrowd.net

Monday, June 11, 2012

මට සුභ උපන්දිනයක් වේවා !

         හැමෝටම සුභ දවසක් කියල ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා... මේ ලිපිය ලියන්නේ මොකද කියල දන්නවනේ....ඔව්.මට අද හරි සතුටු දවසක්.අද 2012 ජූනි 11.මම ඉපදුනේ 1997 ජූනි 11.මම අද මේ සමරන්නේ මම මේ බ්ලොග් එක ලියල සමරන පලවෙනි උපන් දිනේ.අදට මට අවුරුදු 15 යි(අප්පච්චි නම් කියන්නේ ලොකු කොල්ලෙක් කියල,අනේ මන්දා).කොහොම උනත් 2012 ජනවාරි වල පටන් ගත්ත මේ බ්ලොග් එක අද තියන තැන දැක්කහම බොක්කෙන්ම කඳුලු එනව.
                                                                                 :((


      මම මේ ලිපිය ලියනකොට මගේ බ්ලොග් එකට ඇවිල්ල තියනව 18155.සමහර ලොකු බ්ලොග් කරුවන්ට නම් මේක එච්චර ගාණක් නොවෙන්න පුළුවන්.ඒත් මේම මට ලොකු හයියක්.මේ වෙනකොට ෆලෝවර්ස්ල ඉන්නව 24ක්.මේ ලිපිය ලියනකොට මම මුලු දාල තියන මුලු පෝස්ට් ගාණ හරියටම
අර්ධ ශතකයක්. මේ වෙනකොට මගේ බ්ලොග් එකේ Facebook එකේ Likes තියනවා 172. ඕව තමා ඉතින් විස්තර. දැන් ඉතින් හිතනව ඇති "මූ කියවන්නේ යකෝ මුගේ විස්තරයැ.බ්ලොග් එකේ විස්තරනේ" කියල.මන් ගැන එච්චර දෙයක් කියන්න නෑ.ඔය දකුණු පැත්තේ තියෙන්නේ විස්තර.

     අනේ උදව්වක් විදිහට.ඔය "මම දැන් Geek කෙනෙක්.ඔයා?" කියන ෆෝටෝ එක ක්ලික් කරල ඔය කියන වෙබ් එකට යන්නකෝ.ඕක දාල තියෙන්නේ පොඩි තරඟෙකට.ඒ වගේම කොමෙන්ටුවකුත් දාලම යන්න.ෆලෝත් කරන්න. Like එකකුත් දෙන්න. මම ඔයාලගේ දැනුම වැඩි කරන්න උදවු වෙන්නම්. එහෙනම් තවත් කාලයක් මේ බ්ලොග් එක කරගෙන යාමට මට ශක්තිය,ධෛර්යය ලැබේවායි මම මටම ප්‍රාර්ථනා කරනව. එහෙනම් මම කැපුනා. ඔබට ජය.
:D/   



20 comments:

  1. සුබ උපන්දිනයක් මලයා.. ඔයා විතරක් නෙමේ මාත් ප්‍රාර්තනා කරන්නම්කෝ ..දිගටම බ්ලොග් එක කරන් යන්න හැබැයි ඉස්කොලේ වැඩ වලට පාඩු නොවෙන්න...සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. OK OK නිම්ශා අක්කේ....තැන්කූ ආ....ආ අවවාදෙට ස්තූතියි.

      Delete
  2. Happy Birthday to you,,,
    ජය වේවා පසිඳු```

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...

      Delete
  3. ඔන්න එහෙනම් මාත් සුබ උපන්දිනයක් වේවා කියල කිව්වා..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ ආ...

      Delete
  4. සුභ උපන් දිනයක්..

    ReplyDelete
  5. මල්ලී, මමත් ඔයාට මුලින්ම සුභ උපන් දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. මල්ලී කිව්වට ඔයාට පුතා කියලා කථා කරන්නද මන්දා මොකද මමත් දැන් මගේ ජීවිතයේ තෙවන දශකයේ මැදට ඇවිල්ලා නිසා. කොහොමවුනත් මේ බ්ලොග් ලියන කාර්යයේදී ඔයා ලබලා තියෙන හිට්ස් ගණන කාට වැදගත් නොවුනත් ඔයාට වැදගත් නිසා ඒක අවතක්සේරු කරගන්න එපා. අනික තමයි මම ලියන සත් සමුදුර කොච්චර හිට්ස් ගත්තත් අවංකවම අපිත් එක්ක ඉන්නේ දෙතුන් දෙනයි. ඒක හොදටම පේනවා ඔයාගේ උපන්දිනේ ගැන ඔයාම කියලා තිබෙන නිසා කවුරු හරි අවිල්ලා සුභ පැතුවට සමහර විට ඔයා ඒ ගැන ඔයා ගැන ලියල තියෙන තැන සටහන් කරල තිබුනත් ඒක මතක තියා ගෙන එන අය අඩුයි. මම මීට සමාන දෙයක් ගැන අත්දැකීම් තියෙන්නේ මම ලියන බ්ලොග් එකේ සංධිස්ථානයක් ගැන පෝස්ට් එකක් දැම්මට ඒක කියවන්න එන පිරිස බොහොම අඩුයි. ඒත් වැඩකට නැති පින්තූරයක් දැම්මොත් වැල නොකැඩී එනවා. ඒවා ගැන කළකිරීම් සමහර වෙලාවට ඇති වෙලත් තියෙනවා. කොහොමවුනත් මේ වගේ අත්දැකීම්ද සහිතව ඉදිරියට යන්න කියලා මම කියනවා. සුභ පැතුම්!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. දිනේෂ් අයියේ/මාමේ ඔයාල වගේ පළපුරුදු බ්ලොග් කරුවන්ගේ අදහස් අපිට හුඟක් වටිනව. ඔයාට බොහොමත්ම ස්තූතියි......!!

      Delete
  6. සුබ උපන්දිනයක් !!! ඔයාට. ඒ වගේම ඔයාගේ සියළුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල මම පතනවා. මටත් තියෙන ප්‍රශ්ණේ ඔයාට පුතා කියන්නද මල්ලි කියන්නද කියලා. හොඳයි අපි එකම ෆීල්ඩ් එකේ කට්ටිය, අනිත් එක බ්ලොග් පැත්තෙන ගත්තොත් ඔයා මගේ සමකාලීනයෙක්. මමත් ඔයාගේ පොස්ට් ගානට සමාන ගානක් තමයි දාලාතියෙන්නේ. හිට්ස් අතින් ගත්තත් එක වගේ. ඉතිං මම හිතනවා ඔයා ලියපුවා බලන්න අය ඉන්නවා කියලා. ඉදිරියට බලන ප්‍රමාණය වැඩි වෙයි.

    ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති අයියේ/මාමේ...

      Delete
  7. සුභපැතුම්. ඕන්න ක්ලික් එකකුත් එක්කම!

    ReplyDelete
    Replies
    1. තැන්කූ ආ...ක්ලික් එකටත් එක්කම....

      Delete
  8. මට සමා වෙන්න ඔන මලයො මම ඔයගෙ බ්ලොග් එකට ආවෙ අද තමයි දැන් සුභ පැතුවට කමක් නෑනෙ ඔං එහෙනං

    !!!!!!!!!!!!!!!
    (--HAPPY B"DAY--) ඔං එහෙනං මගෙන් කේක් එකක්
    සුභම සුභ උපන් දිනයක් වෙවා!

    ReplyDelete
    Replies
    1. කේක් එකටත් එක්කම තැන්කූ ඈ...!

      Delete
  9. සුභ උපන්දිනයක් වේවා පසිඳු මල්ලි !!! අවුරුදු 15 ට මේ බ්ලොග් එක ඇවිල්ලා තියෙන දුර හොඳටම ඇති... අධෛර්යය වෙන්න එපා... ඔයාට තව ඉස්සරහට ඕනෙ තරම් කල් තියෙනවා... මේ අත්දැකීම් වලින් දිග ගමනක් යන්න...

    සුභ පැතුම් සමගින් ජයෙන් ජය !!!

    ReplyDelete
  10. බොහොමත්ම ස්තූති චතුරංග අයියේ..

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.