JustCrowd.net

Monday, August 6, 2012

Picture වල තියන සුපිරි Text වල Font හොයාගන්න හැටි

                ආයුබෝවන් හැමෝටම. ඔන්න අද මම ඔයාලට ප්‍රයෝජනවත් වැඩක් කියල දෙන්නයි යන්නේ. මොකක්ද කියල දැනටමත් දන්නව ඇතිනේ? මම අද කියල දෙන්න යන්නේ ඔය එක එක Picture වල එහෙම තියන එක එක Text වල Font හොයාගන්නේ කොහොමද කියල. හරිම සිම්පල් වැඩක්.ඔන්න එහෙනම් පල්ලෙහයින් අපි වැඩේ පටා......න් ගමු.


      මේ වැඩේ හුඟක්ම ඔය Graphic Designing කරන කට්ටියටනම් නියමයි. මුලින්ම ඔය පල්ලෙහ තියන ලින්ක් එකට යන්න්කෝ. ඊටත් පස්සෙ ඔය ලින්ක් එකට පල්ලෙහ තියනව වගේ පේජ් එකක් ලැබෙයි. එතන ඔය රතු පාටින් ළකුණු කරල තියන තැනට ඔය පට්ට Text එක තියන Picture එක Upload කරන්න.ඊට පස්සේ Continue ක්ලික් කරන්න.





පස්සේ ඔය වෙබ් අඩවියෙන් ඔය පල්ලෙහ තියනව වගේ ඔය Text එකේ තියන සමහර අකුරු අඳුනගන්නවා. සමහර ඒව අඳුනගන්නේ නෑ.


එහෙම අඳුනගත්තේ නැති අකුරු අපි පල්ලෙහ තියනව වගේ ටයිප් කරන්න ඕනි.ඊට පස්සේ Continue ක්ලික් කරන්න.


ඕන් අප්පේ වැඩේ හරි. ඊට පස්සේ ඔය ඊලඟ පේජ් එකේ අපිට ෆොන්ට් ටික දෙනව. හැබැයි පොඩි අවුලක් තියනව. ඕකේ එක ෆොන්ට් එකක් පට්ට ගණන්. හැබැයි ඒක ගූගල් දෙයිය ඉන්නකං අවුලක් වෙන්නේ නෑ. ගියා දෙයියගෙන් ඉල්ලුව වරමක්. තියනවනම් දෙයි අනිවාර්යෙන් ( බය වෙන්න එපා අනිවාර්යෙන් තියනව )


කොහොමද ලිපිය? හොඳද? අදහසක් ලියල. Like පාරක් දීල. Share පාරකුත් දීල, Follow පාරකුත් දීලම යන්න.





3 comments:

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.