JustCrowd.net

Monday, August 27, 2012

CSS Menu කෝඩ් හදාගන්න මෙන්න සුපිරි Software එකක් ( පට්ටම ලේසි )

        ඇති යාන්තම් මේ මාසෙ පෝස්ට් 10ක් දාගත්තා. අද මම දෙන්න හදන්නේ පට්ට සොෆ්ට් කෑල්ලක්. මේකෙන් පුළුවන් ඔය ඔය කට්ටිය අමාරුයි කියන CSS Drop Down Menu එහෙම ලේසියෙන් හදාගන්න. අපිට තියෙන්නේ ඔය දීල තියන Template ඕන විදිහට වෙනස් කරල ඕන Menu එක හදාගන්නයි. ඒ සොෆ්ට් එකෙන්ම ඊට පස්සේ කෝඩ් ටික හදල දෙනවා. අපිට තියෙන්නේ දාන්න විතරයි පට්ටනේ...


මේකෙ අපිට ඕන විදිහට පාට එහෙම වෙනස් කරල ගන්න පුළුවන්. Sub Menu එහෙම ඕන තරම් හදාගන්නත් පුළුවන්. තව මේකෙ තිරස් මෙනු වගේම සිරස් මෙනුත් හදාගන්න පුළුවන්.








ඉහත රූපය  පරිදි  අපේ බ්ලොග් එකට ඇතුලත් කිරීමට   අවශ්‍ය වන   CSS code  හා  html (menu) code  එක  ලබාදෙනවා.  මෙහිදී අපට මුලින්ම අපට අපගේ බ්ලොග් එකේ template  එක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න වෙනවා(backup එක විදිහට) .  ඊට පස්සේ  CSS CODE  එක ඇතුළු කරන්න ..  ඒ සදහා
මුලින්ම ඔයාලගේ DASHBOARD යන්න එතනින් DESIGN ---> EDIT HTML  ගිහින් Expand Widget Templates මාක් එකක් දාලා මේක හොයා ගන්න 

<head> 

එහි මුල හරියෙන්  CSS Menu Generator  එකෙන්  අපට ලබාදුන්  css code  එක  copy/paste   කරන්න. 
දැන් අපිටඉතුරු වෙලා  තියෙන්නේ CSS Menu Generator  එකෙන්  අපට ලබාදුන් menu(html)   ටික ඇතුලත් කරන්න . මෙතනදී  අපට අප සෑදු මෙනු   එක බ්ලොග් එකේ  header  එකට පහලින් එනවිදිහට සකසා ගතයුතුයි .ඒ සදහා  පහත  code  තියෙන   තැන   සොයන්න.

<div class='descriptionwrapper'>
    <p class='description'><span><data:description/></span></p>
  </div>

සමහර විට සුළු වෙනස්කම් වෙන්න පුළුවන් ඔයාගේ ටෙම්ප්ලේට් එක අනුව ...ඊට පසුව  ඔයාලගේ CSS MENU Generator  දුන්  html Code  එක  </div> පහලින් copy/paste  කරන්න. දැන් හරි   අවසානයේ  ටෙම්ප්ලටෙ එක   save  කරන්න. මෙම  මෙනු එක බ්ලොග් එකේ <body>  හා </body >  අතර කුමන තැනක ට වුවත්   එකතු කරන්න පුළුවන්. මට හිතෙන විදිහට හරිම ලෙහෙසියෙන් මේ නොමිලයේ  දෙන  සොෆ්ට්වෙයා එක   යොදගෙන් බ්ලොග් එකට ඩ්‍රොප් ඩවුන්   මෙනුවක්  නිර්මාණය කරගන්න පුළුවන්.

ඔන්න කට්ටිය බාගන්නකෝ...ඕකෙ එන ඇඩ් එකට Skip Ad කියල දෙන්න හොඳේ...

පාස්වර්ඩ් එක විදිහට මේක දෙන්න - pasinduzone

වැඩේ කොහොමද කියල ලියලම යන්න හොඳේ...



































2 comments:

  1. Patta post & blog eka. Keep going.

    ReplyDelete
  2. මරු කියන්නේ මරේ මාරු තැන්ක්ස් පසිදු

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.