JustCrowd.net

Tuesday, November 27, 2012

ඔබගේ මුරපද හැක් වීමට ගතවන කාලය බලාගමු.

         සාමාන්‍යයෙන් පුද්ගලයෙක් අන්තර්ජාලය බාවිතා කරනකොට අනිවාර්යෙන් පාවිච්චි කරන දෙයක් තමා Password නැතිනම් මුරපද. මේව සමහර විට කිහිපයක් හෝ සෑම ගිණුමකටම එකම මුර පදයක් හෝ විදිහට කට්ටිය පාවිච්චි කරනවා. කොහොම උනත් වැඩි ආරක්ෂාවට වෙනස් මුරපද පාවිච්චි කරන එක තමා නුවණට හුරු.


කොහොම උනත් ඔය දාන මුර පද හැක් කරන්න පුළුවන් පිරිස් ඕන තරම් ඉන්නවා. එක අතකින් ඒ අයගෙ දක්ෂකම ඒ ගොල්ලො යොදවගෙන තියෙන්නේ වැරදි පැත්තට. මොනව උනත් මම කියන්න ආවෙ ඔය ගැන නෙවෙයි. මම කියන්න ආවෙ මුරපද ගැන. මම මීට කලින් ලියල තියෙයි ශක්තිමත් මුරපදයක් හදාගන්නේ කොහොමද කියල.
අද අපි බලමු අපේ මුරපදය කවුරුහරි හැක් කරනවනම් එයාට ඒකට කොච්චර වෙලා යයිද කියල.

මේක වෙබ් සයිට් එකකින් අපිට දෙන සේවයක්. කරන්න තියෙන්නේ මම පල්ලෙහ දීල තියන ලින්ක් එකට ගිහින් ඒකෙ තියන Text Box එකේ ඔයාලට අවශ්‍ය මුරපදය ටයිප් කරන එක. ඊට පස්සේ ඔය උඩින් තිබ්බ රූපෙ විදිහට ඒ මුරපදය හැක් කරන්න කොච්චර කාලයක් යයිද කියල යටින් පෙන්නයි. එහෙනම් පල්ලෙහ තියනවා ලින්ක් එක...


එහෙනම් ලිපිය ප්‍රයෝජනවත්ද කියල පොඩි අදහසක් එහෙම ලියලම යන්න හොඳේ...

පුලුවන්නම් Alexa වල මගේ බ්ලොග් එක ගැන Review එකකුත් ලියලම යන්න.






9 comments:

  1. meaka nikamma passward hack karan ekakda dan ne???

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න විදිහක් නෑ මචන්. මේකෙන් අපේ තොරතුරු මුකුත්ගන්නේ නෑ. රෙජිස්ටර් වෙන්න ඕනිත් නෑ.

      Delete
  2. ඔනිම පාස්වර්ඩ් එකක් න්‍යාත්මකව හොයා ගන්න පුලුවන් එකකින් . නමුත් ප්‍රායෝගිව ඒ සඳහා බාධක තියනවා , ඒ බාධක බිඳින්න දන්න අයත් ඉන්නවා . හොඳම දේ තමයි අන්තර්ජාලය තුල අපේ පැවැත්ම තුලින් ආරක්ෂා කාරී වීම . මුරපදයක් සඳහා සියලුම සංයෝජනයන් සලකලා බැලුවත් අපේ ඊ මෙල් එක නොදන්නවා නම් වැඩේ අමාරුයි (හියුමන් ගෙසින් නැතුව ) ඒ නිසා විද්‍යුත් ලිපිනයේ ආරක්ෂාකාරි භාවයත් ගොඩක් වැදගත් . මම නම් හිතන්නේ නෑ ඔය පාස්වර්ඩ් ටෙස්ට් කරන වැඩේත් හොඳයි කියල. මොකද ඕක හැකර්ලස්ලට පාස්වර්ඩ් කම්බිනේශන් ගැන දත්ත එකතු කරලා , වඩා සාර්ථක ඇල්ගොරිතම් එකක් හදාගන්න පහසුවක් වෙන්න පුලුවන් . ඊලඟට අපේ රටේදි ඒ තරම් වැඩක් නැතත් අයිපි ලිපිනයත් එක්ක පාස්වර්ඩ් එක දැනගන්න තියන එකත් අවුලක් . ඒ වගේම ඒ ඒ රටවල පාස්වර්ෆ් භාවිතාව ගැන දත්ත එකතු කිරීමත් මෙතන වෙන්න පුලුවන්

    P.S - Pls remove this annoying twitter bird

    ReplyDelete
  3. බුවා කියන කතාවේ අත්තක් තියෙනවා. කොයි තරම සංයෝජන තිබ්බත් මිනිස්සු පාවච්චි කරන්නේ මතක තියා ගන්න පුළුවන් ඒවා. ඒ කියන්නේ එක අතකින් ලේසි ඒවා. මේ වගේ ඒවාට කියන්නේ Neural Network Training කියල.

    ReplyDelete

  4. පසිඳු මම ඔය කව්ද කියන්න දන්නේ නැහැ .. ඒත් මේ වගේ
    වැඩ කරන්න එපා...මේකේ ඇත්ත නැත්ත නොදන්න
    කී දෙනෙක් බලමු මගේ එක කොහොමද කියල බලන්න
    දැනටම PW එක දාලද දන්නේ නැහැ ..
    මේ වගේ අනික් මිනිස්සුන්වත් අමාරුවේ දාන දේවල් කරන්න එපා..

    ReplyDelete
  5. password එක තව කාට හරි guess කරන්න බැරි විදිහේ එකක් යෙදුවනම් මමං හිතන්නේ වැදගත් ඒකයි.

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  6. හොඳ නරක පෙන්නල දුන්නට බොහොම ස්තූතියි.

    ReplyDelete
  7. මෙහෙමයි... හොඳම වැඩේ තමයි යුනිකෝඩ් පාස්වර්ඩ් එකක් දාන එක...

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.