JustCrowd.net

Wednesday, April 10, 2013

උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ භාවිතා වන භාෂාව සිංහල බවට වෙනස් කරන හැටි.

උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ පොදු භාෂාව වශයෙන් ඉන්ග්‍රීසි භාවිතා වුවත් එය සම්පූර්ණයෙන්ම සිංහලට හරවා භාවිතා කළ හැක. මෙතනදී උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ පෙන්වන සියලුම ඉන්ග්‍රීසි වචන, සිංහල වචනවලින් අදේශ වී යයි. මෙසේ උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ සිංහලෙන් වැඩ කිරීමේ පහසුකම ලබා ගැනීම සඳහා දැනට උබුන්ටු භාවිතා වන පරිගණකය ඉදිකල යුතු වෙනස්කම් මෙසේය.



මුලින්ම පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ කරන්න. දැන් උබුන්ටු තුල System මෙනුවේ Administration තුලින් Language Support විධානය ලබා දෙන්න. එවිට The Language support is not installed Completely යන ෆ්‍රේම් එක හෙවත් වින්ඩෝව විවෘත වේ. ඉන් කියවෙන්නේ සිංහල භාෂාවට උබුන්ටු හැරවීම සඳහා අමතර ෆයිල් ඉන්ස්ටෝල් කල යුතු බවයි. ඒ සඳහා අවසර දෙමින් Install බට්න් එක ක්ලික් කරන්න. එවිට ඒවා ඉන්ස්ටෝල් වීම ඇරඹේ. එය අවසානයේ සිංහල භාෂාව තෝරා ගැනීමට අවස්ථාව ලබා දෙන Installed Languages ෆ්‍රේම් එක මතු වෙයි. එහි ඇති ලැයිස්තුවෙන් Sinhala ; Sinhalese ඉදිරියේ ඇති චෙක් බොක්ස් එක ඇක්ටිව් කරන්න. ඉන්පසු Apply Changes බට්න් එක ඔබන්න. ලැබෙන ෆ්‍රේම් එකෙන් For my Menu and windows,use: සහ For everyone at startup and login,use: ඉදිරියේ Sinhala : Sinhalese යන්න තෝරන්න.


එවිට ලැබෙන්නේ Update standard folders to current language ? ලෙස විමසන ෆ්‍රේම් එකයි. උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ ෆෝල්ඩර්වල නම් සිංහල භාෂාවට හැරවීම සඳහා මෙතනින් අවසර ලබාදිය යුතුය. ෆෝල්ඩර්ස් වල කලින් තිබූ ඉංග්‍රීසි නම් ඒ ආකාරයෙන්ම තබා ගැනීමට ඕනෑ නම් Keep old names විධානය ලබා දිය යුතුය. ඒවාද සිංහලට වෙනස් කිරීමට අවශ්‍ය නම් Update Names විධානය ලබා දෙන්න.

දැන් පරිගණකයෙන් ලොග් අවුට් වී නැවත ලොග් වන්න. එවිට උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ තිබූ බොහෝ වචන සිංහලයට හැරවී තිබෙනු පෙනේවි.

ලිපිය කොහොමද කියල කොමෙන්ට් එකක් ලියලම යන්න. මොකඛරි අවුලක් උනොත් කොමෙන්ට් එකක් විදිහට ලියල යන්න. කැමතිනම් ෂෙයා පාරක් ෆලෝ පාරක් එහෙම දෙන්න.






1 comments:

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.