JustCrowd.net

Sunday, February 12, 2012

අලුත් උබුන්ටු සංස්කරණයේ තතු.


උබුනටු මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය Ubuntu 11.10 Oneiric Ocelot ඔක්තෝබර් 13වැනිදානිකුත් කළේය.15 වැනි උබුන්ටු සංස්කරණය‍ වෙන මෙය www.ubuntu.com/ubuntu වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නට පුලුවන.මෙම උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සකසා ඇත්තේඅලුත්ම ලිනක්ස් 3.0 කර්නලය පාදක කොට ගෙනය.අලුත් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සතුව විශේෂතා ගණනාවක් තිබේ.


අලුත් සංස්කරණයට උචිත ලෙස සකසන ලද මෘදුකාංග දහස් ගණනක් නොමිලයේ මෙහිදී ලබා ගත හැක.එයඔන්ලයින් ඇප්ලිකේෂන් ලබා දෙන තැනකි.මෙහි නොයෙක් ඇප්ලිකේෂන් පාවිච්චි කළ අය විසින් ගුණාගුණ කියා,ඒවා වර්ග කොට තිබෙන නිසා ඉන්ස්ටෝල් කිරීමට කලින් තීන්දුවකට එන්නට පුලුවන.

උබුන්ටු ඩෙස්ක්ටොප් එකෙහි ඉහළින් සාමාන්‍ය විදියට ටාස්ක් බාර් එක පිහිටන අතර අලුතින තිරයේ වම් පසින් ලොන්චර් ලෙස කොටසක් තිබේ.නිතර භාවිත වන ඇප්ලිකේෂන් හා ටූල්ස් ඉක්මනින් විවෘත කර ගැනීමට‍ මෙම ලෝන්චර් එක යොදා ගත හැක.මෙය තුලට ඇප්ලිකේෂන්ස්,ටූල්ස්,බුක්මාර්ක්ස් යනාදිය පහසුවෙන් එක් කළ හැක.ලෝන්චර් වුවමනා නැති විට සගවා තැබිය හැක.

ලෝන්චර් හි ඉහළින්ම ඇති උබුන්ටු ලෝගෝ එක මත ක්ලික් කල විට උබුන්ටු ඩෑෂ් විවෘත වේ.ඩෑෂ් යනුඋබුන්ටු තුළ ඇති ඇප්ලිකේෂන්ස්,ෂෝට්කට්ස්,ෆයිල්ස් යනාදිය පහසුවෙන් සොයා ගැනීමටත් ක්‍රියාත්මක කර වීමටත් ලබා දී ඇති පහසු ක්‍රමයකි.ESC යතුර එබීම මගින් මෙයින් ඉවත් වීමට පුලුවන.

වැඩිදියුණු කල ෆයර්වෝල් එකක් අලුත් සංස්කරණය සමග තිබේ.වයිරස්වලින් ආරක්ෂා වීමේ හැකියාවමෙන්ම ආරක්ෂිතව අන්තර්ජාලයේ සැරිසැරීමට ඇති හැකියාවද මෙමගින් දියුණු කොට තිබේ.අනෙක් අතට පරිගණකයට හැකර්කරුවන් ඇතුලුවීමට තිබෙන අනතුර මෙමගින්
අවුරා තිබේ.

දැන් තිබෙන නවීන මෙහෙයුම් පද්ධති වලට සාපේක්ෂව අලුත් උබුන්ටු මෙහෙයුම් පද්ධතියවේගවත්ය.සාමාන්‍ය පරිගණකයකදී තත්පර කීපයක් තුල උබුන්ටු ලෝඩ් වේ.

අලුත් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය භාෂා 25කින් ක්‍රියාත්මක කළ හැක.එසේම ආබාධිත පුද්ගලයන්ටඋබුන්ටු භාවිතය පහසු කිරීම සදහා මෙහි විශේෂාංග දියුණු කොට තිබේ.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.