JustCrowd.net

Sunday, August 12, 2012

Call of Duty-Black Ops පරිගණක ක්‍රීඩාව. (ලෝක සාමය වෙනුවෙන් යුද්ධය )

       ආයුබෝවන් හැමෝටම මෙන්න අද මම ලෝක ප්‍රසිද්ධ ගේම් එකක් දෙන්නයි යන්නේ. මොකක්ද කියල දන්නවනේ? ඔව් මම අද ඔයාලට දෙන්න යන්නේ Call of Duty-Black Ops. මේක නම් කවුරුත් ගහල ඇති. තවම Play කරපු නැති අයට මෙන්න මම අද දෙන්නයි යන්නේ. මේක මම හිතන විදිහට Call of Duty ගේම් මාලාවේ 8 වැනි සංස්කරණය. මාර පහර වගේම අමාරු ගේමක්. ඒත් සුපිරි.


          මේ ගේම් එක හදන්නේ ට්‍රෙයාක් කියන සමාගම. බෙදාහරින්නේ කවුරුත් දන්න ඇක්ටිවිෂන් කියන සමාගම. ලඟදී Black Ops 2 එන්නත් තියනවා. මම එකේ පොඩි ප්‍රවෘත්තියක් ගැන ලිපියකුත් ලියුවා. කොහොම උනත් මේ Black Ops එකේ පසුබිම් වර්ෂය දෙදහස් විසි ගණන්. අනාගතේ වෙන සීන් එකක් හින්ඳා මාර පහර තාක්ෂනයක් තියනව. සුපිරිම Weapons තියෙන්නේ. Graphics ආය නම්බර් 1.

Friday, August 10, 2012

Call of Duty-Black Ops 2 පරිගණක ක්‍රීඩාව ආශ්‍රයෙන් පෙන්ටගනය රොබෝ අවි සෑදීමට යයි

            මෙන්න කට්ටියට මම නියම ප්‍රවෘත්තියක් ගෙනාවා. ඔයාල පරිගණක ක්‍රිඩා කරන්න කැමතියි නම් අනිවාර්යෙන් Call of Duty පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කරල ඇති.මේක නිශ්පාදනය කරන්නේ ට්‍රෙයාක් කියන සමාගම. බෙදාහරින්නේ ලෝක ප්‍රසිද්ධ ඇක්ටිවිෂන් සමාගම. ඇත්තටම මේක ක්‍රීඩා මාලාවක්. එක ක්‍රීඩාවක් අනිත් එකට සම්බන්දයි. ඉතින් මේ පරිගණක ක්‍රීඩාවේ අලුත්ම සංස්කරණය තමා Call of Duty-Black Ops 2. මේක 9 වැනි සංස්කරණය. ඒත් තවම ඒක පිට කරල නෑ. එන්නේ 2012 නොවැම්බර් 13 කියලයි කියන්නේ. කොහොම උනත් මමත් නොඉවසිල්ලෙන් ඉන්නේ. ඔය Youtube එකේ එහෙමනම් Video තියනවා. මාර පහර වගේ. කොහොම උනත් මෙකෙ පහර කම කොච්චරද කියනවනම් පෙන්ටගනය මේ ගේම ගැන විශේෂ අවධානයක් යොමු කරල.


         මුලින්ම ගේම් එක ගැන කතා කරල ඉම්මුකෝ. මේකේ පසුබිම් වර්ෂය වෙන්නේ 2025. මේ කාලයේ ඇමරිකාවත් චීනයත් අතර දේශපාලන අර්බුදයක් පටන් ඇරන් තියෙන්නේ. කාරණේ තමා චීනය ඔය දුර්ලභ මූලද්‍රව්‍ය කිහිපයක සැපයුම සීමා කිරීම. ඔය අතරේ රාවුල් මෙනෙන්ඩෙස් කියන ත්‍රස්තවාදී නායකයා ඔය රටවල් දෙක අතර යුද්ධයක් ඇරඹීමට උත්සහ දරයි.

Tuesday, August 7, 2012

වෙබ් ඇඩ්‍රස් එක දිග වැඩිද? මෙන්න විසඳුම.

             අයුබෝවන් හැමෝටම. ඔන්න අද මම තවත් වෙබ් සේවයක් ගෙනාව. ඔය කට්ටිය ඔය පට්ට දිග වෙබ් ඇඩ්‍රස් එහෙම ඔය කොහෙහරි ලියාගෙන එහෙම හෙණ ගේමක් දෙනව නේ? අන්නෙ ඒකට මෙන්න විසඳුම. මේ මම කියන්න යන වැඩෙන් ඔය සිය ගාණක් අකුරු තියන වෙබ් ඇඩ්‍රස් එක අකුරු දහයකට විතර බහිනව.


    මේකෙ තියන විශේෂත්වයක් තමා ඔය දෙන පොඩි ඇඩ්‍රස් එක ඕන තැනක ඕන වෙලාවක වැඩ.මෙන්න ක්‍රමේ මුලින්ම ඔය දිග වෙබ් ඇඩ්‍රස් එක කොපි කරගන්න. ඊට පස්සේ මම මේ පහළ දීල තියන ලින්ක් එකට යන්න. එතන ඇති පොඩි Text box එකක් එතනට ඔය පට්ට දිග ඇඩ්‍රස් එක පේස්ට් කරන්න. අන්තිමට Make TinyURL කියන බට්න් එක ක්ලික් කරන්න.

Monday, August 6, 2012

Picture වල තියන සුපිරි Text වල Font හොයාගන්න හැටි

                ආයුබෝවන් හැමෝටම. ඔන්න අද මම ඔයාලට ප්‍රයෝජනවත් වැඩක් කියල දෙන්නයි යන්නේ. මොකක්ද කියල දැනටමත් දන්නව ඇතිනේ? මම අද කියල දෙන්න යන්නේ ඔය එක එක Picture වල එහෙම තියන එක එක Text වල Font හොයාගන්නේ කොහොමද කියල. හරිම සිම්පල් වැඩක්.ඔන්න එහෙනම් පල්ලෙහයින් අපි වැඩේ පටා......න් ගමු.


      මේ වැඩේ හුඟක්ම ඔය Graphic Designing කරන කට්ටියටනම් නියමයි. මුලින්ම ඔය පල්ලෙහ තියන ලින්ක් එකට යන්න්කෝ. ඊටත් පස්සෙ ඔය ලින්ක් එකට පල්ලෙහ තියනව වගේ පේජ් එකක් ලැබෙයි. එතන ඔය රතු පාටින් ළකුණු කරල තියන තැනට ඔය පට්ට Text එක තියන Picture එක Upload කරන්න.ඊට පස්සේ Continue ක්ලික් කරන්න.

Friday, August 3, 2012

Software වලින් වැඩ කරන හැටි Video වලින්ම ඉගෙන ගනිමු

හැමෝටම ආයුබෝවන්...ඔන්න මම සුපිරිම Web Site එකක් හඳුන්වා දෙන්නයි යන්නේ. ඔයාල ඔය මොකක් හරි අලුත් Software එකක් දාගත්තා කියන්නකෝ. උදාහරණයක් විදිහට ඔය Adobe After Effect වගේ ප්‍රසිද්ධ, සුපිරි Software එකක්. අන්න ඒ වගේ Software එකක වැඩ කරනකොට මුලින්ම නම් පොඩ්ඩක් අවුල් නේ? කලින් වැඩ කරල තියනව නම් කමක් නෑ. ඒත් එහෙම නැතිනම් ඉතින් දාගත්තේ ඇයි කියල හිතෙනව නේ? අන්න එහෙම කට්ට කන අයට මෙන්න විසඳුම...
 <:-P


     මම මේක හොයාගත්තේ ඔය ජංජාලේ පැත්තේ රවුමක් ගහල ගූගල් දෙයියගෙන්. අප්පේ ගූගල් දෙයියනම් මරු ඇ. අපි කොච්චර දෙවල් ඕකගෙන් ගන්නවද. මොනව උනත් ඕකෙන් හොයාගත්ත මේ වෙබ් සයිට් එක ඔයාලටත් දෙන්න මම හිතුවා. මේකෙ ඔය ප්‍රසිද්ධ, අප්‍රසිද්ධ Software ගොඩක Tutorial Video තියනව.

Wednesday, August 1, 2012

ඔය කට්ටියගේ පැත්තේ Postal Code එක හොයමුද?

          හැමෝටම සුභ දවසක්.ඔන්න මම අද ඔයාලට පොඩි වැදගත් වැඩක් ගෙනාවා.ඔය ඔයකට්ටිය එක එක වෙබ් සේවා වල රෙජිස්ටර් වෙන්න යනකොට එහෙම Postal Code කියල එකක් ඉල්ලනව නේ? නැත්නම් Postal Zip කියල එකක් ඉල්ලන්නේ. අන්න ඒක හරියටම දැනගන්න විදිහ අපි අද බලමු.හරිම සිම්පල් වැඩක්.


මුලින්ම ඔය Postal Code වලින් මොකක්ද වෙන්නේ මොකක්ද බලමු.ඔය ඔයාල අන්තර්ජාලෙන් මොනවහරි බඩුවක් එහෙම ගෙන්වාගෙන තියනවනම් මේ ගැන අනිව දන්නව ඇති. ඔය Code එකෙන් පෙන්නන්නේ ඔයාල ඉන්න ප්‍රදේශය.

Tuesday, July 31, 2012

පසිඳුගේ අඩවියෙහි වෙනසක්.

        ආයුබෝවන් හැමෝටම...අපොයි සතියකින් විතර බ්ලොග් එක පැත්තේ ආවේ...Mother board එකට කෙළ උනානේ.ඕන් අප්පච්චිට වැඳල වැඳල දාගත්තා.ඊට කලින් බ්ලොග් එකේ පොඩි වෙනසකුත් උනා.මොකක්ද කියල සමහර කට්ටිය දන්නවත් ඇති.ඒ තමා මට පොඩි තරඟෙකින් .info එකක් හම්බ උනා.


තරඟේ පැවැත්වූයේ geek.lk එකෙන්.මම 3 වැනියට තේරුනා.

Sunday, July 8, 2012

Captain America The First Avenger ( අයුක්තියට එරෙහිව යන ඇමෙරිකානු හමුදා නායකයා )

              කොහොමද යාළුවනේ මෙන්න මම අද මම මේ බ්ලොග් එකේ පළවෙනි Film එක දෙන්නයි යන්නේ.මොකක්ද කියල දන්නවනේ? මම අද දෙන්නේ ලෝක ප්‍රසිද්ධ Captain America ෆිල්ම් එක.ආය කියල වැඩක් නෑ.සුපිරි...


         සමහර කට්ටිය නම් ඉතින් මේක බලලත් ඇති.මොකද මේ ලඟදි ආව අති ප්‍රසිද්ධ ෆිල්ම් එකක්.මේකෙ කතාවනම් මෙහෙමයි.ඔය හමුදාවට බැඳෙනවා ඔය තරුණ කොල්ලෙක්. ඒකා නම් වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ලොල්ලෙක්.මේලෝ රහක් නෑ.හැබැයි රටට ආදරෙයි.ඔහොම ඉන්නකොට ඒ හමුදාව ඔය කොල්ලව පොඩි පර්යේෂනයකට දාල පොර ලොකු කරල ගන්නව.අම්මටසිරි ඊට පස්සේ උට ගහන්න මෙලෝ යකෙකුට බෑ.(හැබැයි පොරක් නම් ඉන්නව ගහන්න ) ඉතින් ඔහොමයි කතාව.ඉතුරු ටික ඉතින් බලලම ඉන්නකෝ.

Tuesday, July 3, 2012

ඕන E-Book එකක් ඕන විදිහකට නොමිලේ බාගන්න.

         ආයුබෝවන්.මම ඔයාලට මෙන්න නියම Web site එකක් හඳුන්වලා දෙන්නයි යන්නේ.මම ඔය Internet පැත්තේ ටිකක් රස්තියාදුවෙ යනකොට තමා මේ බඩ්ඩ හම්බවුනේ.මාරයි ඈ.මේ Web Site එකේ ඔය English ඕන E-Book එකක් තියනව.ඔක්කොම Free හොඳේ...


             මේකෙ තියන විශේෂත්වය තමා මේ E-Book ඕන එකක් ඕන Type එකකින් බාගන්න පුළුවන් වීම.ඒ කියන්නේ PDF නම් එහෙම වෙන මොනවහරින් නම් එහෙම ඕන විදිහකට බාගන්න පුළුවන්.මේකෙ ඔය අධ්‍යාපනයට එහෙම වැදගත් පොත් හුඟක් තියනව.

Monday, July 2, 2012

Diablo 3 පරිගණක ක්‍රීඩාව (මායාවලින් සටන් කරමු ) ..!

           ආයුබෝවන්...! මෙන්න සුපිරි ගේමක් මම අද ගෙනාව.නම මොකක්ද කියල දන්නවනේ? නම තමා Diablo 3.ආය කියල වැඩක් නෑ සුපිරි ගේම.මේක මට හිතෙන විදිහට Strategy ගේමක්.ආය ඔයාල ඔය මැජික් වැඩ වලට එහෙම කැමතිනම් මරු ගේම තමා මේ...


         මේක ඔය ගිය අවුරුද්දෙද කොහෙද වැඩිම වේගයෙන් විකිණුන ගේම.නියම චරිත තියනව.ඕකෙ එක එක චරිත වලින් එක එක Levels සෙල්ලම් කරන්න පුළුවන්.එක එක එවුන්ට එක එක බල තියනව.ඕකේ ඉන්නව Witch Doctor,Demon Humter,monk,Wizard,Barbarian කියල එහෙම පොරවල්.මරු වැඩ දාන්න පුලුවන් උන්ට.ඔය පල්ලෙහ ඇති වීඩියෝ එකකුයි ෆෝටෝ ටිකකුයි දාල ඇති..ඊට පල්ලෙහ ඇති Download කරන්න.ගිහින් බාගන්න.

Diablo III System Requirements