JustCrowd.net

Monday, December 31, 2012

අලුත් අවුරුද්දට PC එකට කෙළවගනිමුද???

මෙන්න පසියා සති ගාණකට පස්සෙ දෙන්න යන්නේ මහ නරුම මෙවුව එකක් ඈ. මේ නිවාඩු කාලෙ හින්ඳා ලිපි හෙන සෙට් එකක් ලියන්නම් කියල හිතාගෙන හිටියට පොඩි අවුලක් ගියා Domain එකේ, ඒක හදන්නත් හෙන කල් ගියා. අප්පේ.....

මේක පොඩි කොඩ් එකක සීන් එකක්. මේකෙන් PC එකට කෙළවන්න පුළුවන්. හැබැයි අවුල් ගියාට අපි එහෙම වගකීම දරන්නේ නෑ. එහෙනම් බහිමුකො වැඩේට>:)



මන් හිතන්නේ මේ ද්විමය සංඛ්‍යා විදිහට ලියල තියන කෝඩ්. මේ ටික හොයාගත්තේ ඉන්දියන් කාරයක්ගෙ බ්ලොග් එකකින් . මේකයි කරන්න ඕනි. මම ඔය පල්ලෙහයින් දීල තියන අංක ටිකෙන් කැමති එකක් Notepad එකක කොපි කරගෙන Save as දීල Save as type කියන එකට All files දීල, File name කියන තැනට ඔයාලට ඕනි නමක් දීල අන්තිමට .exe විදිහට දීල save කරන්න.

Tuesday, December 11, 2012

Close බට්න් එකක් සමග Fixed top bar එකක් බ්ලොග් එකට දාගමු.

       මෙන්න තවත් අලුත් බ්ලොග් ගැජට් කෑල්ලක් ගෙනාවා. මේකෙ සිංහල තේරුම කියන්න මට තේරෙන්නේ නෑ. Fixed කියන්නේ ස්ථාවර, Top කියන්නේ ඉහළ, Bar කියන්නේ බාර් එකටනේ.. එතකොට "ස්ථාවර ඉහළ බාර්" එක තමා තේරුම. මේකට ඒ නම කියුවත් වැරැද්දක් නෑ. කොහොම උනත් නියම ගැජට් එකක්. බ්ලොග් එකක් කරගෙන යන යාළුවන්ට අනිවාර්යෙන් වැදගත් වෙනවමයි.


මේකෙන් පුළුවන් අපිට අපේ බ්ලොග් ලියන යාළුවන්ට අපිට ඕන පණිවිඩයක් එහෙම දෙන්න. මුලින්ම වැඩේ කොහොමද කියල Demo එක බලන්නකෝ.

කොහොමද නියමයි නේ. ඔය Demo බ්ලොග් එකේ උඩින්ම තියෙන්නේ. මේකෙ වාසි කිහිපයක්ම තියනවා. ඒ මේවයි.

Monday, December 10, 2012

බ්ලොග් එකට "Scroll to Top" බට්න් එකක් දාගමු.

        අද අපි බලමු බ්ලොග් එකට ලස්සන "Scroll to Top" බට්න් එකක් දාගන්නේ කොහොමද කියල. කට්ටිය මොකක්ද මේ කියල දන්නව ඇතිනේ? ඔය සමහර බ්ලොග් වල එහෙම දාල තියෙන්නේ බ්ලොග් එකේ ටිකක් පල්ලෙහට ගියාම පැත්තෙන් බට්න් එකක් මතු වෙන්නේ. ඒක ක්ලික් කරපුවහම ඕන් බ්ලොග් එකේ උඩටම ලස්සනට ඇදීල යනවා. ඔය පේජ් වල හුඟක් විස්තර තියන පල්ලෙහට දිගට තියන බ්ලොග් හෝ වෙබ් සයිට් වලට මේක නියමයි...



මේක මම හොයාගත්තේ ඔය ඉන්දියාවෙ පොරක්ගෙද කොහෙද බ්ලොග් එකකින්. කියන විදිහට මේකෙ මේ වගේ පහසුකම් තියනවා...;;)

Sunday, December 9, 2012

නත්තලට ඔයාලගෙ බ්ලොග් එකටත් හිම වැටුනොත් කොහොමද?

          ඔන්න අදත් මම ඔයාලට දෙන්න යන්නේ නත්තලට බ්ලොග් එක ලස්සන කරගන්න ක්‍රමයක්. ඒ තමා බ්ලොග් එක පුරාම කොහොමද ලස්සනට හිම වැටෙන්න හදන්නේ කියල. මේකෙත් ඉතින් එච්චර කරන්න කියල දෙයක් නෑ. මම ඉස්සල්ල දුන්න බ්ලොග් එකට නත්තල් සීනුවක් දාන හැටි වගේම තමා මේකත්. ඔයාලට ලේසි වෙන්න මම Add to Blogger බට්න් එකක් හදල තියෙයි. ඉතින් ඔයාලට තියෙන්නේ ඒක ක්ලික් කරන්න විතරයි...


මේකෙ වැටෙන්නේ හිම කියුවට හිමම නෙවෙයි. ඔය මල්තුහිනද මොනවද මන්දා ජාතියක්. මට හිතුන ඉදිහට ඒක ඔය නිකන් හිම වලට වඩා ලස්සනයි. පොඩි ගතියක් තියනවා. කොහොම උනත් ඔයාල Demo එක බලම ඉන්න. Demo එක බලන්න මෙතනින් යන්න.

Thursday, December 6, 2012

නත්තලට ලස්සන නත්තල් සීනුවක් බ්ලොගයට දාගමු.

         ඔන්න වාර විභාගෙත් ඉවරයි. උත්සව කාලෙට අලුත් Template එකකුත් දාගෙනම ඔන්න අද මම ආව අපේ බ්ලොග් ලියන යාළුවන්ට පොඩි වැඩ කෑල්ලක් අරන්. ඇත්තටම හුඟ කාලෙකින් අපේ බ්ලොග් ලියන යාළුවන්ට මුකුත් දෙන්නත් බැරි උනා. එහෙනම් අද මම දෙන්නේ ඔය මගෙ බ්ලොග් එකෙත් ඔය උඩ දාල තියන නත්තල් සීනුව දාගන්න කෝඩ් ටික දෙන්න. බලන්නකෝ දාගෙනම කොහොමද කියල...


මේක දාගන්න එක හරිම ලේසි. නිකන් HTML/Java Script එකක් විදිහට අලුත් ගැජට් එකක් දාගන්න තියෙන්නේ. මේකෙ කෝඩ් 3ක් තියනවා. එක කෝඩ් එකකින් ඔය සීනුව බ්ලොග් එකේ දකුණු පැත්තට වැටෙනවා. තව එකකින් වම් පැත්තට වැටෙනවා. අනිකෙන් සීනු දෙකක් දෙපැත්තට වැටෙනවා. ඕකෙන් ඔයාල කැමති එකක් තෝරගන්න. එහෙනම් ඔයාල කැමති Style එකක් තෝරගෙන ඊට යටින් ඇති Add to Blogger බට්න් එක ක්ලික් කරන්න.......

Tuesday, November 27, 2012

ඔබගේ මුරපද හැක් වීමට ගතවන කාලය බලාගමු.

         සාමාන්‍යයෙන් පුද්ගලයෙක් අන්තර්ජාලය බාවිතා කරනකොට අනිවාර්යෙන් පාවිච්චි කරන දෙයක් තමා Password නැතිනම් මුරපද. මේව සමහර විට කිහිපයක් හෝ සෑම ගිණුමකටම එකම මුර පදයක් හෝ විදිහට කට්ටිය පාවිච්චි කරනවා. කොහොම උනත් වැඩි ආරක්ෂාවට වෙනස් මුරපද පාවිච්චි කරන එක තමා නුවණට හුරු.


කොහොම උනත් ඔය දාන මුර පද හැක් කරන්න පුළුවන් පිරිස් ඕන තරම් ඉන්නවා. එක අතකින් ඒ අයගෙ දක්ෂකම ඒ ගොල්ලො යොදවගෙන තියෙන්නේ වැරදි පැත්තට. මොනව උනත් මම කියන්න ආවෙ ඔය ගැන නෙවෙයි. මම කියන්න ආවෙ මුරපද ගැන. මම මීට කලින් ලියල තියෙයි ශක්තිමත් මුරපදයක් හදාගන්නේ කොහොමද කියල.

Thursday, November 22, 2012

ලෝකය ත්‍රිමානව දකින්න | Google Earth Pro 6.2

   අම්මේ ඔන්න වාර විභාගෙත් පටන් ගත්තා. පාඩම් කරන අතරේ හම්බ උන මරු බඩ්ඩක් දෙන්නයි යන්නේ. කට්ටිය දන්නව ඇතිනේ මොකක්ද කියල. අද මම දෙන මෘදුකාංගය තමා Google Earth Pro 6.2. නිකන් එකක් නෙවෙයි Pro හොඳේ.


සාමාන්‍යයෙන් Google එකෙන් අපට දෙන්නේ Free එකනේ. ඒත් ඔය සල්ලි දීල ගන්න පුළුවන් Version එකක් තියනවා Google Earth Pro කියල. ඔය රූපවාහිනී ආයතන එහෙම ඔය සල්ලි දීල ගන්න පුළුවන් එක තමා ගන්නේ. ඔය කාළගුණ වාර්තා, එක එක ප්‍රදේශ තියන තැන් පෙන්වන්න, ඒ ඒ ප්‍රදේශ Zoom කරල ප්‍රවෘත්ති එහෙම ලස්සනට කියන්න පාවිච්චි කරන්නේ මේක තමා.ඔය Free එකට වඩා ගොඩක් පහසුකම් මේකෙ තියනවා. බලන්නකෝ ඒ මොනවද කියල...

  • දුර මැනිම
  • ප්‍රදේශයක විශාලත්වය මැනිම
  • විශේෂ දර්ශන සෑදීමට ( මේකෙන් තමා ඔය රූපවාහිනී නාලිකා එහෙම කරකවල ගන්නේ )
  • ඉහළ තත්වයකින් හෙබි පින්තූර ගැනීමට
  • ඉහළ තත්වයකින් හෙබි පින්තූර පිටපත්ගැනීමට

Tuesday, November 13, 2012

2011 වසරේ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට

       අද පොඩි අමුතු දෙයක් ගැන කියන්න හිතුනා. කට්ටියම චිත්‍රපටි බලන්න කැමති ඇති නේ. එහෙනම් අපි අද බලමු 2011 වසරේ වැඩිම අදායමක් ඉපයූ Film 5 මොනවද සහ ඒ ගැන පොඩි විස්තර ටිකක්.

Harry Potter and the Deathly Hallows – Part 2



මේකට ගහන්න නම් කට්ටිය නෑ කියල හුඟක් කට්ටිය දන්නව ඇති. මේක තමා මුළු Harry Potter කථා මාලාවේම අවසානය. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන David Yates. මේක පාදක වෙලා තියෙන්නේ J. K. Rowling විසින් ලියපු Harry Potter කියන පොත් මාලාවයි. මේ කතාවෙ සුපුරුදු පරිදි Harry Potter ලෙස Daniel Radcliffe, Hermione Granger ලෙස Emma Watson සහ Ron Weasley ලෙස Rupert Grint රඟපානව.

Daniel Radcliffe, Emma Watson, Rupert Grint

Friday, November 9, 2012

Camtasia Studio 7.0 With Serial

       අපොයි දවස් ගාණකට ලිපියක් දාල නෑ. මෙන්න මේ මාසෙ පළවෙනි ලිපිය. දෙන්න ඕනි කියල හිතුව ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. දැනටමත් නම නම් දන්නව ඇතිනේ. මම අද දෙන Software එක තමා ඔය Video Tutorial එහෙම යාළුවන්ට වටින Camtasia Studio 7.00. නිකන් නෙවෙයි Serial එකත් එක්කම.


මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන නම් ඉතින් කට්ටියට කියන්න ඕනි නෑ නේ??? ගන්න පුළුවන් වැඩ කෝටියයි. ඔය Video Tutorial හදන්න, Web Cam එකෙන් ගන්න Video එහෙම Edit කරන්න මේකෙන් පුළුවන්. මේකෙන් ඔය ඕව හදන්න පුළුවන් නිකන්ම නෙවෙයි. තවත් වැඩ කෑලි එහෙම මේකෙන්ම දෙනවා. 

Monday, October 29, 2012

අධි වේගයෙන් ටොරන්ට් බාමු ( අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි )

         මෙන්න අදත් ඔය ටොරන්ට් කියන සබ්ජෙක්ට් එකෙන් ලිපියක් ලියනවා. මීට කලින් මම ලියුව ටොරන්ට් කියන්නේ මොකක්ද කියල සහ ටොරන්ට් Download Speed එක වැඩි කරගන්න ක්‍රමයක් ගැන. මෙන්න අද මම කියන්න යන්නේ ඊට වඩා පට්ට ක්‍රමයක් ගැන. මේක වෙබ් සයිට් එකකින් දෙන පොඩි සේවාවක්. පොඩිමත් නෑ. අපි වගේ එවුන්ටනම් මාර විදිහට වටිනවා.


මේකෙන් කරන්නේ අපි එයාලට දෙන Torrent File එකට අදාල දෙය එයාලගෙ Cloud Server වලට අධි වේගයෙන් Download කරගෙන ඒක සාමාන්‍ය විදිහට බාගන්න පුළුවන් විදිහට අපිට දෙනවා. අපිට කරන්න තියෙන්නේ ඔය Internet Download manager වගේ Download manager එකකින් ආතල් එකේ බාගන්න එක.