JustCrowd.net

Wednesday, February 29, 2012

පැරණි DOS වැඩසටහන් අලුත් මෙහෙයුම් පද්ධතිවලදී ක්‍රියාත්මක කරවා ගන්නා හැටි.

             සුබ දවසක් හැමෝටම. හුඟ දවසකින් මගේ බ්ලොගය පැත්ත පළාතෙ එන්න බැරි උනා.හැම වෙලාවෙම පාඩම් පාඩම් පාඩම්......... අයියෝ එපා වෙනවා අප්පා..ඉතින් මේ ලැබුනු නිදහසින් ඔයාලට අලුත් දෙයක් කියලා දෙන්නයි මම අද මේ ආවේ.




            ඔයාල දන්නවා ඇතිනේ ඔය පරණ ගේම් එහෙම අලුත් වින්ඩෝස් සංස්කරණ වන වින්ඩෝස් එක්ස්පී,වින්ඩෝස් විස්ටා,වින්ඩෝස් 7 වගේ මෙහෙයුම් පද්ධති වල වැඩ නෑ.ඒකට හේතුව තමයි අලුත් වින්ඩෝස් සංස්කරණවල තාක්ෂණික වෙනස්කම්

පරණ ගේම් වලට හඳුනා ගැනීමට නොහැකි වීම.ඒත් සමහර සොෆ්ට්වෙයාර් තියනවා මේ ගේම් වලට ගැලපෙණ තාක්ෂණික පසුබිමක් මේ මෙහෙයුම් පද්ධති වලින් කෘතිමව හදල දෙනවා.ඒ වගේ  සොෆ්ට්වෙයාර් කෑල්ලක් තමා DOS box .මේක නොමිලේ දෙන සොෆ්ට් එකක්.මේ සොෆ්ට් කෑල්ල ඩවුන්ලෝඩ් කරගන්න Download ක්ලික් කරන්න.මේක දාගත්තට පස්සේ ඕන ගේම් එකෙ Exe ෆයිල් එක dosbox.exe කියන එකට ඩ්‍රැග් කරන්න.දැන් ඉතින් ඔයාලා කැමති පරණ ගේම් අලුත් වින්ඩෝස් සංස්කරණ වල වැඩ කරවාගෙන ගෙන ෆුල් ෆන් ගන්න.




   එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...

1 comments:

  1. නියමයිනේ! එළ ආ!

    උඹේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරහන්! නැත්තන් ආයේ කමෙන්ට් කරන්න අප්පිරියා වෙනවා බං!

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.