JustCrowd.net

Monday, April 16, 2012

මොකක්ද මේ රිච්ටර් පරිමාණය?

       ආයුබෝවන් හැමෝටම.මෙන්න මුලින්ම ඔයාලට සුභ නව වසරක් වේවා කියල මම පතනවා.මම අද ඔයාලට විස්තර කරන්න හදන්නෙ පොඩි වෙනස් මාතෘකාවක් ගැන.දැනටමත් ඔයාල ඒ මොකක් ගැනද කියල දන්නව ඇති.ඒ තමයි "රිච්ටර් මාපකය" ගැන.මේ මාතෘකාව ගැන ලිපියක් ලියන්න මට හිතුනු ප්‍රධානම හේතුව තමයි මේ අවුරුද්දේ පරණ අවුරුද්දට කලින් දවසේ ඇතිවුනු සුනාමි අනතුරු ඇඟවීම.අනතුරු ඇඟවීම කෙසේ උනත් අපේ ලක් මව් බිම ඇතුලු අනෙක් රටවල් වල වාසනාවටද කොහේදෝ සුනාමියක් නම් ආවේ නෑ.හොඳ වෙලාවට නේද ඈ.


කොහොම උනත් අද මම කියන්න යන්නේ "රිච්ටර් මාපකය" ගැන නෙ.සාමාන්‍යයෙන් මේ බ්ලොගයෙ මම ලියන්නෙ පරිගණක ආශ්‍රිත ලිපි.නමුත් විශේෂ අවස්ථාවල විශේෂ විෂයන්ට අදාළ ලිපිත් ලියනව හරිද.මම මේක
ෆේස්බුකියෙන් උපුටා ගන්න ලිපියක්.කජුවත්ත එක්සත් Cricket සමාජය කියන පේජ් එකෙන් තමා හොයා ගත්තේ.හරි ඔය විස්තර කලා මදැයි.මෙන්න විස්තර ටික බලා ගන්නකෝ.

 සුමාත්‍රා දූපත් අසල සිදු වූ භූමි කම්පා තත්වයත් සමග අපට නිතරම ඇසුනු වදනක් වූයේ රිච්ටර් පරිමානය යන්නයි.කුමක්ද මේ රිච්ටර් පරිමානය?

රිච්ටර් පරිමානය යනු භූ කම්පාවක විශාලත්වය මැනීම සදහා භාවිතා කරන පිලිගත් ඒකකය වන අතර 

මෙය 1935 වසරේදී චාල්ස් රිච්ටර්(Charles Francis Richter) විසින් හදුන්වා දෙන ලදී. රිච්ටර් 

පරිමානය භාවිතයෙන් භූමි කම්පාවක විශාලත්වය දැක්විය හැකි අතර මේ සදහා භූ කම්පන ප්‍රස්ථාර( 

seismograph) භාවිතා කරයි.


රිච්ටර් පරිමානය යනු ලඝු පරිමානයකි(Logarithmic Scale).එම නිසා රිච්ටර් පරිමානයේ අගය එකකින් 

වැඩි වනවා යනු දසගුණයකින් වැඩි වීමකි.මෙහිදී රිච්ටර් පරිමානයෙන් දැක්වෙන්නේ භූ කම්පන 

තරංගයේ විස්තාරයයි(Wave Amplitude).

මේ අනූව රිච්ටර් ඒකක 6ක භූමිකම්පාවකට වඩා රිච්ටර් ඒකක 7ක භූමි කම්පාවක් දස(10) ගුණයකින් විශාල අතර රිච්ටර් ඒකක 6ක භූමිකම්පාවකට වඩා රිච්ටර් ඒකක 8ක භූමි කම්පාවක් සිය(100) ගුණයකින් විශාල වේ.

එමෙන්ම භූමි කම්පාවක විශාලත්වය රිච්ටර් ඒකක එකකින් වැඩි වන විට භූ කම්පනයෙන් මුදා හැරෙන 

ශක්තිය 31.6 ගුණයකින් වැඩි වන අතර විශාලත්වය ඒකක 0.2කින් වැඩි වන විට භූ කම්පනයෙන් මුදා 

හැරෙන ශක්තිය දෙගුණ වේ.එනම් රිච්ටර් ඒකක 6ක භූමිකම්පාවක ශක්තිය මෙන් 31.6 ගුණයක 

ශක්තියක් රිච්ටර් ඒකක 7ක භූමිකම්පාවකින් මුදා හැරෙන අතර රිච්ටර් ඒකක 6ක භූමිකම්පාවක ශක්තිය 

මෙන් දෙගුණයක් රිච්ටර් ඒකක 6.2ක භූමිකම්පාවකින් මුදා හැරේ.

රිච්ටර් පරිමානය සදහා ලඝු පරිමානයක් භාවිතා කිරීම නිසා ඉතාමත්ම කුඩා(මිලි මිටර් .001) සිට ඉතා 

විශාල(කිලෝ මිටරයක) භූ කම්පන තරංග මැනීමේ හැකියාවක් රිච්ටර් පරිමානයට ඇත.

රිච්ටර් පරිමානයට අනූව භූ කම්පන වල විශාලත්වය දක්වා ඇත්තේ මෙසේයි

< 3.4 : භූ කම්පනමාන වල පමනක් සටහන් වේ,මිනිසුන්ට නොදැනේ,මෙම පරිමානයේ භූ කම්පන 

දිනපතා විශාල ප්‍රමානයක් සිදු වේ.

3.5-4.2 : ගෙවල් තුලට යන්තමින් දැනේ.

4.3-4.8 : මිනිසුන් බොහෝ ප්‍රමානයකට දැනේ,ජනේල සෙලවේ.

4.9-5.4 : සියළුම මිනිසුන්ට දැනේ,විවෘත කර ඇති දොරවල් චලනය වේ.

5.5-6.1 : ගොඩනැගිලි වලට සුළු හානි සිදු වේ,බිත්ති පුපුරා යා හැක.

6.2-6.9 : ගොඩනැගිලි වලට වැඩි හානි සිදු වේ,දුම් කවුළු ආදිය කඩා වැටිය හැක. 

7.0-7.3 : ගොඩනැගිලි වලට දැඩි හානි සිදු වේ,ගොඩනැගිලි කඩා වැටිය හැකි වේ,පාලම් ආදිය ඇඹරී 

යයි.

7.4-7.9 : ඉතා දැඩි හානි සිදු වේ,භූමි කම්පාව සිදු වූ ප්‍රදේශය අවට සියළුම ගොඩනැගිලි විනාශ වී යා 

හැක.වසරකට මෙවැනි භූ කම්පන 4ක් පමන සිදු වේ.

>8.0 : ප්‍රදේශය සම්පූර්ණයෙන් විනාශ වී යයි,භූ කම්පන ගමන් කරන ආකාරය නිරීක්‍ෂනය කල හැකි 

වේ.මෙවැනි භූ කම්පනයක් වසර 5කට පමන වරක් සිදු වේ.





3 comments:

  1. නියම ලිපියක්...කාලීන අවශ්යතාවයක් කිව්වොත් නිවැරදියි..මමත් හොය හොයා හිටියේ මේ සම්බන්දව තියෙන ලිපියක්....විකීපිඩියාවේ තොරතුරු වැඩි නිසා තේරුම් ගන්න අමාරුයි...ස්තූතියි...

    ReplyDelete
  2. Niyamai machan elakiri.....

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.