JustCrowd.net

Wednesday, April 4, 2012

Right Click මෙනුව අපේ පාලනයට නතු කර ගනිමු.


ආයුබෝවන් හැමෝටම...! මේ දවස් ටිකේ බ්ලොගය පැත්තෙ එන්නත් බැරි උනා. මොකද ඉතින් අපේ අභාගේ විභාගෙ තිබුනනෙ.කොහොම උනත් හොඳ වෙලාවට විභාගෙ ළකුනු දෙන්නෙ ලබන වාරෙ.ඒක නිසා අවුරුදු නිවාඩුවනම් ආතල් එකෙ ඉන්න පුළුවන්. හරි ඉතින් මේ ලිපිය විභාගෙ ගැන කියන්න නෙවෙයි.ඊට වඩා වැදගත් දෙයක් ගැන. හරි වැඩි සම්ප්‍රප්ප්‍රලාප ඕනි නෑ. අපි වැඩේට බහිමුකෝ.

ඔය කට්ටිය දන්නවනෙ වින්ඩෝස් 7 වල මොනවහරි ෆයිල් එකක් හරි ඇප්ලිකේෂන් එකක් හරි අපි ඔය පෙන් එකට එහෙම දාන්න ඕනි නම්,Copy >> Paste කර කර ඉන්නෙ නෑ නේ[ඉන්නවනම් වස ලැජ්ජාවෙ බෑ(ඇයි ඉතින් ඔයිට ලේසි ක්‍රම තියනවනෙ.)] කෙලින්ම Right Click කලා Send to ගියා පෙන් එකේ හරි මොකෙ හරි නමයි Device Letter එකයි Send to මෙනු එකෙ ඇති ක්ලික් කරා, දැන් ඉතින් ඔය කොපි වෙන්නෙ කිසි අවුලක් නැතිව... ඒත් Right Click මෙනු එකේ තියෙන්නෙ එකම ස්ථාන ටිකක් නේද? Right Click මෙනු එකට අපිට කැමති ෆයිල් එහෙම Add කරගන්න බැරිද? පිළිතුර "පුළුවන්". පුළුවන් නම් කොහොමද? කොහොමද කියල තමා පල්ලෙහ තියෙන්නෙ...



              මුලින්ම ඔයාල වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කරල තියන ඩ්‍රයිව් එකට යන්න. අපි හිතමු ඒ C කියල. Local Disk C වලට ගිහින් Users මෙනු එක විවෘත කර ගෙන දැනට ඔයාගෙ කොම් එකට ලොග් වෙලා තියන යූසර් එකවුන්ට් එකට අදාළ ෆෝල්ඩර් එක ඕපන් කරගන්න. මේක කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි Start මෙනු එකේ දකුණු පැත්තේ උඩින්ම ඇති දැනට ලොග් වෙලා ඉන්න යූසර් එකවුන්ට් එකේ නම ක්ලික් කරන එක.

            හරි දැන් අදාළ යූසර් එකවුන්ට් එක තුල ඇති AppData කියන ෆෝල්ඩර් එක ඕපන් කරන්න.ඒක ඇතුලෙ ඇති Roaming කියල ෆෝල්ඩරයක් ඒක ඇතුලෙ ඇති Microsoft ෆෝල්ඩරයත් අන්තිමට Windows කියන ෆෝල්ඩරයත් ඕපන් කරගන්න. එතකොට ඔයාලට පෙනෙයි Send to කියල ෆෝල්ඩරයක් අන්න ඒක විවෘත කරගන්න.

              ඒ ෆෝල්ඩරය ඇතුලෙ ඔයාලට ඕනි තැනක ෂෝට්කට් එකක් යොදන්න පුළුවන්. මතක තියාගන්න ෂෝට්කට් පමණයි හරිද. ඔයාල දැම්ම ෂෝට්කට් එක ඊට පස්සේ මොකක් හරි රයිට් ක්ලික් කරල Send to ගියාම එන මෙනු එකේ ඇති... වැඩේ ගොඩ නෙ.

එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook  කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...






1 comments:

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.