JustCrowd.net

Tuesday, April 24, 2012

ඔයාගෙ Virus Guard එක හොඳට වැඩද කියල ස්ථිර කරගමු.

            කොහොමද කස්ටියට??මේ ටිකේ අලුත් මොනවත් දාන්නත් බැරි උනා.ඉස්කෝලේ පටන් ගත්තා නොවැ.කොහොම උනත් අද නම් මම ඔයාලට පරක්කු උනාටත් හරියන්න පොඩි වැඩක් ගෙනාව.ඒ තමයි ඔය ඔයාලගෙ Virus Guard එක කොච්චර හොඳට තිබුනත් ඒක අවශ්‍ය වේලාවලදි වැඩද කියල බලන සම්මත විදිහ...


ඔය Virus Guard හදන සමාගම් ඔක්කොම එකතු වෙලා තම තමන්ගේ Virus Guard හරියට වැඩද කියල බලන්න හදාගෙන තියනවා සම්මතයක්(ඔක්කොම සමාගම්ද කියලනම් හරියටම දන්නෙ නෑ).මේක කරන්න ඒ කට්ටිය එකතු වෙලා හදාගෙන තියනවා Virus එකක මුහුණුවර ගන්නා පොඩි ෆයිල් එකක්(අවධානයයි-මෙය Virus එකක් නොවේ).ඉතින් අපි අද බලමු කොහොමද ඒ ෆයිල් එක හදාගෙන අපේ Virus Guard එක හොඳට වැඩද කියල.
මොකද ඉතින් අපේ Virus Guard එක හොඳට වැඩද කියල බලන්න අපි Virus දාල බලනව යැ.එහෙනම් පල්ලෙහ තියන විදියට වැඩේ කරන්නකෝ...

1.) notepad එක විවෘත කර ඒ මත මේ Link එකේ දැක්වෙන සටහණ Copy කොට Paste කරන්න.

    2.) දැන් Notepad එකේ උඩ තියන file කියන menu එකට ගොස් Save as තොරාගෙන File Type එක ලෙස all files ලෙසත් file name එක ලෙස test.com ලෙසත් නම් කොට Save කිරීමට උත්සාහ කරන්න. (අවධානයයි-මේ වන විට Virus Guard එක ක්‍රියාත්මකව තැබිය යුතුය.) ඔබේ Virus Guard එක නියමෙට වැඩ නම් ඔබ Save කිරීමට උත්සාහ කරන විට එය Virus ලෙස පෙන්නුම් කරයි.මේ ෆයිල් එක Save කරන්න හදන කොට Virus Guard එක ඒ ෆයිල් එක Virus ලෙස පෙන්නනවනම් ඉතින් ඔයාගෙ Virus Guard එක වැඩම තමා.පෙන්නන්නේ නැත්නම් ඉතින් පොඩ්ඩක් බය වෙන්න වෙයි...







13 comments:

  1. ඔය වගේම එකක් මේකෙත් තියනවා. පොඩ්ඩක් බලන්න වැඩ කරනවද කියලා

    http://nohimlokaya.blogspot.com/2011/12/virus-guard.html

    ReplyDelete
  2. වැඩ හැබැයි save කරලා ටික වෙලාවක් ගන්නවා avast internet security වලින් පෙන්නන්න

    ReplyDelete
  3. Past කරල save ක්ලික් කරනකොටම ඩිලිට් වෙනව (Bitdefender Total Security 2012)

    ReplyDelete
  4. thanks. mage "avast" elatama wada..

    ReplyDelete
  5. thanks hodata wada karanawaa kaspersky

    ReplyDelete
  6. එල කිරි , ඇවීරා එකෙත් නියමෙට වැඩ කෙලින්ම රිමු කරනවා

    ReplyDelete
  7. එළ Norten වලට වැඩ!!!!

    ReplyDelete
  8. avast internet scurty ekatath vadooo

    ReplyDelete
  9. avg internet security 2012 microsoft security essentials walatath hodata wada

    ReplyDelete
  10. වැඩ නම් ගොඩ තමා.....

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.