JustCrowd.net

Sunday, April 1, 2012

YouTube වීඩියෝ බාගන්න ක්‍රමයක්.


        ආයුබෝවන් හැමෝටම...! ඔයාල දන්නවද YouTube වලින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන හැටි? ඔව් ඉතින් සමහර වැඩ්ඩො නම් ඉතින් දන්නව ඇති. ඒ වගේම IDM වලිනුත් පුලුවන් නේ.. නේද? ඔය වගේ සොෆ්ට් කෑලි නැති කට්ටිය ඉතින් මොකද කරන්නෙ? අන්න ඒ කට්ටිය YouTube වලින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන හැටි අපි අද බලමු.

         මේක එක වෙබ් අඩවියකින් ලබා දෙන සේවයක්. නම Jet toy. හරි මුලින්ම ඒ සේවය ලබා ගන්න කලින් ඔයා ඔය බාගන්න හදන YouTube වීඩියෝ එකෙ ලින්ක් එක කොපි කරගන්න. ලින්ක් එක කොපි කරන හැටි දන්නවනෙ ඉතින්
(මුලින්ම වීඩියෝ එක බලල ඔයාගෙ වෙබ් බ්‍රරව්සර් එකේ උඩ තියන Address bar එකේ තියන අප්‍රභංෂ ටික කොපි කරන්න ). හරි ඒක කොපි කරගෙන මම පල්ලෙහ දීල තියන ලින්ක් එකට යන්න...

ලිනක් එකට යන්න මෙතන ක්ලික් කරන්න.

        හරි ඊට පස්සෙ උඩ මම දීල තියනව වගෙ වෙබ් පේෆ් එකක් ඕපන් වෙයි. ඊට පස්සෙ මම ඔය ලකුණු කරල තියන Dialogue box එකට ඔය කට්ටිය කොපි කරගත් ලින්ක් එක පේස්ට් කරන්න. ඊට පස්සෙ දකුණු පැත්තෙ ඇති Download බට්න් එක ක්ලික් කරන්න. අම්මටසිරි වැඩේ ගොඩ නේ. ඔය වීඩියෝ එක Download වෙන්නෙ බබා වගේ. දැන් ඉතින් ඔය සොෆ්ට් කෑලි මොකුත් ඕනි නෑ නේ...


       එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...



2 comments:

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.