JustCrowd.net

Tuesday, September 4, 2012

.edu වෙබ් සයිට් වලින් Backlinks හදාගන්න හැටි දැනගන්න මෙන්න E-Book එකක්.

     ආයුබොවන් හැමෝටම. අද මම දෙන්න යන්නේ මගේ බ්ලොග් එකේ පළවෙනි E-Book එක. දැන් කාලෙ හැමෝටම තියන ප්‍රශ්නයක් තමා තමා මහන්සි වෙලා හදපු වෙබ් හෝ බ්ලොග් අඩවියට කොහොමද Traffic ගෙන්නවාගන්නේ කියන එක. ඒකට ක්‍රම කිහිපයක්ම තියනවා. කිහිපයක් විදිහට,

  1. අඩවිය සින්ඩිකේටර් වලට හා ඩිරෙක්ටරි වලට ඇතුලත් කිරීම.
  2. Facebook, Twitter වැනි සමාජ ජාලා වෙබ් අඩවි වල අඩවියේ ලිපි සඳහන් කිරීම.
  3. විකිපීඩියා වැනි වෙබ් අඩවිවල ලිපි ලියා ඒවායේ අඩවියේ ලින්ක් සඳහන් කිරීම.
  4. Backlink සෑදීම.

      මෙම ක්‍රම වලින් වැදගත් හා විශ්වාසදායක ක්‍රමයක් තමා Backlinks සෑදීම. ඒව ඔය කොමෙන්ට් වලිනුත් හදන්න පුළුවන්. ඒත් ඊට වඩා Search Engine Spiders ලට වැඩියෙන් අහුවෙන ක්‍රමයක් තමා Backlinks ඔය .edu, .gov වගේ ඩොමේන් තියන වෙබ් සයිට් වලට දාන එක. ඒව වටින්නේ ඔය වගේ ඩොමේන් ලේසියකට ගන්න බැරි නිසා. ඒව සාමාන්‍යයෙන් දෙන්න ඔය රටවල රජයන්ට. ඒක හින්දා ඒව මාර විදිහට වටිනවා. ඉතින් ඒ වගේ වටිනා සයිට් වල Backlinks හදාගත්තා කියන්නේ ගොඩම තමා.

    එහෙම Backlinks හදාගත්තම Google, Yahoo වගේ Search Engine වල Search Result වල උඩටම ඔයාලගේ වෙබ් හෝ බ්ලොග් අඩවියත් එනවා. සාමාන්‍ය වෙබ් සයිට් වල දාන Backlinks වගේ කිහිප ගුණයක වැඩක් මේ .edu වෙබ් සයිට් වල තියන Backlinks වලින් කරනවා.ඔය වෙබ් සයිට් වලිනුත් Page Rank එක 4,5,6,7,8 වගේ සයිට් වල Backlinks හදන හැටි තමා මේ E-Book එකේ තියෙන්නේ. ඒක හින්ඳා නියමයි. මේකෙ පින්තූරත් එක්ක තියන හින්දා තවත් ලේසි.

   එහෙනම් ලිපිය දිග් ගැස්සුනා වැඩි. බාගන්නකෝ. Download ක්ලික් කරපුවහම එන පේජ් එකේ උඩ තියන Skip Ad ක්ලික් කරන්න.  


එහෙනම් කට්ටිය ෂේප් එකේ බාගන්නකෝ. නිකන්ම යන්න එපා. අදහසක් කොටලම යන්න. ලයික් එකක් ෆලෝ පාරකුත් දීගෙනමත් යන්න.


ලඟදීම බලාපොරොත්තු වන්න - බ්ලොග්කරණයට අතිශය වැදගත් ඊ පොතක් වන Backlink Gold Mine E-Book.

8 comments:

  1. adfly account ekata kelo ganna asaida ?

    ReplyDelete
  2. හ්ම්ම් ස්තුතියි.ඩවුන්ලෝඩ් නම් කළා..බලන්නම්..

    ReplyDelete
    Replies
    1. බලන්න බලන්න. සුපිරි ඈ....

      Delete
  3. බලමු නේද ඩවුන් කරලාම

    ReplyDelete
  4. නියමයි! දවසක් දාගෙන මේක කරල බලන්න ඕන!

    ReplyDelete
  5. As a content writer or a freelance article writer, it is not necessary for you to create backlinks. Relevant

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.