JustCrowd.net

Saturday, March 2, 2013

තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්.

   වර්තමානයේ දී මෙන්ම අතීතයේදීද අහස නිරීක්ෂණයට බොහෝ දෙනා දැක්වූයේ සුවිශේෂී කැමැත්තක්. ඉර, හඳ, තාරකා පිළිබඳව මිනිසා තුළ වූ කුතුහලය ඔවුන් විශ්ව ගවේෂණයට පෙළඹවීය. මිත්‍යා මත සහ ආගමික මත රජකල ඒ යුගයේදී තාරකා විද්‍යාඥයින්ට තමන් සොයා ගත් දේ ප්‍රකාශ කිරීමට, තහවුරු කිරීමට හැකියාවක් නොලැබිනි. ඒ සඳහා උත්සහ දැරූ අයට ඇතැම් විට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු විය. කෙසේ වුවද එවැනි බාධක පරයමින් තම ගවේෂණ කටයුතුවල නිරත වූ නිසා තාරකා විද්‍යාව වර්තමානයේ පවතින තත්වයට දියුණු කිරීමට ඔවුන්ට හැකියාව ලැබිණි. අප්‍රතිහත ධෛර්යයත්, අසාමාන්‍ය කැපකිරීමත් නිසා අනාගත ලෝකයට අනන්ත විශ්වයේ තොරතුරු එළිදරව් කළ එවැනි සුවිශේෂී මිනිසුන් කිහිප දෙනෙකු ගැන මේ ලිපි පෙලෙන් කියවමු.



විද්‍යාවේ පියා තේල්ස්.

අපට හමුවන පැරණිම තාරකා විද්‍යාඥයා වන්නේ තේල්ස් ය. ඔහු කි.පූ. 624 - 546 කාලය තුළ ග්‍රීසියේ මෙරිටස්වල ජීවත් වූ දාර්ශනිකයෙකි. බර්ට්‍රන්ඩ් රසල් ට අනුව බටහිර දර්ශනය ආරම්භ වූයේ තේල්ස්ගෙනි. ස්වාභාවික සංසිද්ධි මිත්‍යාවන්ගෙන් තොරව විස්තර කිරීමට ඔහු උත්සහ ගත්තා. ඔහුගෙන් ලද ඒ ආභාසය අනුව අනෙකුත් දාර්ශනිකයන්ද ලෝකයේ පැවැත්ම සහ එහි ආරම්භය පිළිබඳව ද මිත්‍යා කතාන්දරවලින් තොරව අදහස් දැක්වීමට පෙළඹුනා. මිත්‍යා දෘෂ්ටිකවාදයෙන් තොරව අදහස්  දැක්වීමට පෙළඹවීම නිසා විද්‍යාත්මක පුනරුදයටත් ඒ ඉවහල් උනා. ඒ නිසාම ඔහුට "විද්‍යාවේ පියා" යන විරුද නාමයෙන්ද හඳුන්වනු ලැබුවා. මෙලෙස විශ්වය දෙසද විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බැලූ තේල්ස් එකල දේවත්වයක් ආරෝපණය කර තිබූ සූර්යයා සහ තාරකා ගිනි බෝල ලෙසින් හඳුන්වනු ලැබුවා. එමෙන්ම සෘතුවල කාලසීමාවත්, සෙරොස් චක්‍රය හා නක්ෂත්‍ර මණ්ඩලයේ සූර්යයාගේ එදිනදා පිහිටීමේ වෙනස්කම් ආදිය පිලිබඳව ද තේල්ස් මත ඉදිරිපත් කරනු ලැබුවා.



6 comments:

  1. පසිඳු නියම වැඩක් හරිම වටිනවා මේ ලිපි.

    ReplyDelete
  2. පසිඳු ඉතාම හොදයි. ලියන්න මම බොහොම කැමති අයෙක් තේල්ස්, මෙතුමාගේ ජීවයේ සම්භය පිළිබඳ මතයත් ඉතාම වටිනවා. ඒ පිළිබඳ ඔබ ලියනවා නම් හොදයි. මා ඒ ගැන වෙනත් දෙයක් ලියන්නම්.

    ReplyDelete
  3. Naleen Dilruksha - බොහොම ස්තූතියි...

    වෙද ගෙදර මහ වෙදනා - ඔව් විද්‍යාව නොදියුණු ඒ කාලයේ නොබියව අදහස් ප්‍රකාශ කිරීම හරිම වැදගත්.

    ReplyDelete
  4. හුඟක් වටිනා ලිපි පෙලක්. දිගටම ලියන්න. අකුරු ලොකු කල්ල දාන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. සූම් කර කර කියවන්න කරදරයි.

    ReplyDelete
  5. අපේ පාසලෙත් දැන් උගන්වන් තාරකාවිච්‍යඥයන් ගතාව.අපිට උගන්වපු ටිකමයි තියෙන්නේ.තව තොරතුරු තියනවනම් ඒවත්දාන්න.

    ReplyDelete
  6. මම බොහොම ආස කරන විෂයක්.. බොහොම වටිනවා මේ ලිපි... අනිවාර්යයෙන් ඔක්කොම ලිපි ටික කියවනවා. තව ලිපි ලියන්න

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.