JustCrowd.net

Tuesday, February 28, 2012

කොම්පියුටර් මිථ්‍යාදෘෂ්ටිය.

                      කොහොමද මිත්‍රවරුනි!මම අද ඔයගොල්ලන්ට කියල දෙන්න හදන්නෙ ඔයාලට පරිගණක ගැන තියන වැරදි මත ටිකක් ගැන.ඔයාලට තියන ඔය සමහර මත සත්‍ය නෙවේ.බොරුවට හිස පුරවන් ඉන්නවා.ඉතින් මේ ලිපියෙන් මම බලපොරොත්තු වෙන්නේ ඔය බොරු අදහස් ටිකක් ඔයගෙ ඔලුවෙන් අකල මකල දාන එක.හරි වැඩි කතා ඕනෙ නෑ.අපි වේඩෙට බහිමුකෝ.




  • පරිගණකයක් ළඟ චුම්බක හෙවත් කාන්දම් තබා ගැනීම.
                        පරිගණක වලට කෙසේවෙතත් ෆ්ලොපි ඩිස්ක් වලටනම් කාන්දම් හොඳ නැත.ඉතා ප්‍රබල කාන්දමක්(99% කාන්දම්) ෆ්ලොපි ඩිස්ක් අසලටගෙනවොත් ෆ්ලොපිය ආය පාවිච්චිය බොරු.ඒත් ෆ්ලෑෂ් ඩ්‍රයිව් හෝ එස්ඩී කාඩ් හා කොම්පැක්ට් ෆ්ලෑෂ් මෙමරි කාර්ඩ් මේ අකාරයෙන් විනාශ වෙන්නේ නැත.මොකද ඒවයේ කාන්දම්වලට සංවේදි කෑලි නැති නිසා.හාඩ් ඩිස්ක් වලත් තොරතුරු මකා දමන්නට සාමාන්‍ය කාන්දම්වලට බැරිය.එය කල හැක්කේ විශේෂයෙන් සැකසූ කාන්දම්වලට පමණි.



  • USB ඩිවයිස් එකක් බලෙන් පරිගණකයෙන් නොගැලවිය යුතුය.
                      ඕනෑම යූඑස්බී උපාංගයක් පරිගණකයෙන් ඉවත් කීරීමට පෙර ටාස්ක් බාර් එක මත පිහිටි පෙන් ඩ්‍රයිව් එකක සලකුණ ක්ලික් කර පසුව එය Eject කොට එය ඉවත් කළ යුතුද? නැත.

                      යූඑස්බී ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් ගැන සිතන්න.ඔයාල මොනවහරි ෆයිල් එකක් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකට කොපි කරනව කියල හිතන්න.ඒ ෆයිල් එක කොපි වෙලා ඉවර උනාට පස්සේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක එකවරම එළියට ඇද ගත්තාට එහි තොරතුරුවලටවත් අපේ පරිගණකයටවත් හානියක් වෙන්නේ නෑ.ඒත් පරිගණකය සමග දත්ත හුවමරු කරමින් තිබියදී ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක එලියට ඇද දැම්මොත් ඉතින් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ දත්ත සියල්ල විනාශ වෙන්නටත් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකට හානි වෙන්නත් පුළුවන්.ඒත් එහෙම කරත් අපේ පරිගණක පද්ධතියට ඒකෙන් මොකොවත් අවුලක් වෙන්නේ නෑ.


  • වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පවර් ස්විචයෙන් ෂට්ඩවුන් කීරීම හොඳ නැත.

                  සමහර වෙලාවට අපි පවර් ස්විචයෙන් පරිගණකය ඕෆ් කීරීමට යාමේදි එරර් මැසේජ් එකක් එනවා එහෙම කලොත් අපේ පරිගණකයේ දත්ත විනාශ වෙන්න පුලුවන් කියලා.ඒත් ඒක ඇත්තටම වෙන්නෙ නෑ.අපි කලබලෙට පවර් ස්විචයෙන් ඕෆ් කරනකොට මොනවම්මහරි අවුලක් යනවනම් මං මේ පල්ලෙහ කියල තියන විදිහට කරන්න.

                    ඒ සඳහා Control Panel>>Power Option හරහා යන්න.එවිට මතුවෙන වින්ඩෝවේ Require a password on wakeup යන්න ක්ලික් කරන්න.එවිට මතුවෙන වින්ඩෝවේ Power button settings යටතේ ඇති
When I press the power button යන්න ඉදිරියෙන් ඇති ඔප්ෂන් අතරින් Hibernate යන්න තෝරා තබන්න.එතකොට ඔයා පවර් ස්විච් එක ඔබා පරිගණකය වසා දමන හැම වෙලාවකදිම පරිගණකය Hibernate වේ.



    එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...

8 comments:

  1. ඇත්ත කතන්දර ටිකක්! මං ඒ ගැන ලියන්නමයි හිටියේ! උඹ කලින් ලිව්වනේ! මේ වගේ තව අපේ එවුන් විශ්වාස කරන මෝඩ කේස් ගොඩක් තියනවා බං! ඒ ගැනත් ලියපං! නියම ලියුමක්!

    හැබැයි බං පරණ මොනිටර්ස් වලට(සී ආර් ටී) චුම්භක වලින් බලපෑමක් තියනවා! නමුත් අලුත් එල්ඊඩී හෝ එල් සී ඩී වලට චුම්භක බලපෑමක් නෑ!

    ReplyDelete
  2. මේ ගැන කලින් දැනගෙන හිටියත්, නොදන්නා අයට කියවන්න පළ කරපු එක ගොඩක් හොඳයි සහෝ... මාධව සහෝ කිව්වා වගේ CRT වලට නම් කාන්දම් ලං කලාම තිරේ කොළ පාට වෙනවා. චුම්භක ගුණය වැඩි නම් color burn වෙන්නත් ඉඩ තියෙනවා...

    ReplyDelete
  3. මේක "පරිගනක මිසදිටුකම්" නමින් විජය පරිගනක සඟරාවෙත් තිබුනා. උපුටා ගත්තෙ ඒකෙන් නම් ඒ ගැන සඳහන් නොකළ එක වරදක් නේද ?

    ReplyDelete
  4. මේ සහෝ ප්ලග් කොම්පියේ ප්ලග් එක එක පාර ගැලෙව්වට අවුල් නැද්ද බං....
    (ශඩ්ඩවුන් නොකර)

    ReplyDelete
  5. වැඩ කර කර තියෙන මැසිමක ප්‍රොසෙසර් එක ගලවලා තියෙනවද.....හික් හික් මරු ආතල් එක කරලා බලන්න...

    ReplyDelete
  6. @යොමාල් ඒක හොද නෑ මචෝ...

    ReplyDelete
  7. Never talk about things that you don't know

    http://lifehacker.com/5863810/do-i-really-need-to-eject-usb-drives-before-removing-them#13379517297714&{"type":"iframeUpdated","height":232}

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.