JustCrowd.net

Friday, March 16, 2012

ෆේස්බුකියේ පරණ පෝස්ට් හොයන හැටි.

              යාළුවනේ සුභ දවසක්.ෆේස්බුකියේ හුඟ දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමා අපි ඔය ලොකු ලොකු ගෲප් වලට දාන පෝස්ට් වලට මොකොවත් ප්‍රතිචාරයක් නොලැබුනොත් කොහොමද අප්පේ ඔය දාන පෝස්ට් ගොඩේ අපේ පෝස්ට් එකත් හොයා ගන්නේ කියන එක.ඒකට කරන්න තියෙන්නෙ පොඩි වැඩයි. මෙන්න වැඩේ...



ඒකට ඔය ගෲපය හැමතැනම රවුම් ගහන්න ඕනි නෑ.අපි අපි දාන පෝස්ට් එක දාපුවහම වැටෙන්නෙ ඔය කොච්චර වෙලාවකට ඉස්සලද දෙම්මෙ කියලා ( A few second ago ) ඉතින් එතන රයිට් ක්ලික් කරලා Copy Link Location දෙන්න. දැන් ඔය පෝස්ට් එකේ ලින්ක් එක කොපි තමා. දැන් ඔය ලින්ක් එක නෝට්පෑඩ් එකට හරි කොපි කරගෙන පස්සෙ වෙලාවක ඔයාලගෙ පොස්ට් එකට මොකද උනේ කියලා බලන්න පුලුවන්...

 එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...

2 comments:

  1. මේ බ්ලොග් එ‍කේ වගේ Copy Paste කරන්න බැරිවෙන විදිහ‍ට හදන්නේ කොහොමද?

    ReplyDelete
  2. එල කිරි, ස්තුතියි , සුභ පැතුම්

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.