JustCrowd.net

Friday, August 10, 2012

Call of Duty-Black Ops 2 පරිගණක ක්‍රීඩාව ආශ්‍රයෙන් පෙන්ටගනය රොබෝ අවි සෑදීමට යයි

            මෙන්න කට්ටියට මම නියම ප්‍රවෘත්තියක් ගෙනාවා. ඔයාල පරිගණක ක්‍රිඩා කරන්න කැමතියි නම් අනිවාර්යෙන් Call of Duty පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කරල ඇති.මේක නිශ්පාදනය කරන්නේ ට්‍රෙයාක් කියන සමාගම. බෙදාහරින්නේ ලෝක ප්‍රසිද්ධ ඇක්ටිවිෂන් සමාගම. ඇත්තටම මේක ක්‍රීඩා මාලාවක්. එක ක්‍රීඩාවක් අනිත් එකට සම්බන්දයි. ඉතින් මේ පරිගණක ක්‍රීඩාවේ අලුත්ම සංස්කරණය තමා Call of Duty-Black Ops 2. මේක 9 වැනි සංස්කරණය. ඒත් තවම ඒක පිට කරල නෑ. එන්නේ 2012 නොවැම්බර් 13 කියලයි කියන්නේ. කොහොම උනත් මමත් නොඉවසිල්ලෙන් ඉන්නේ. ඔය Youtube එකේ එහෙමනම් Video තියනවා. මාර පහර වගේ. කොහොම උනත් මෙකෙ පහර කම කොච්චරද කියනවනම් පෙන්ටගනය මේ ගේම ගැන විශේෂ අවධානයක් යොමු කරල.


         මුලින්ම ගේම් එක ගැන කතා කරල ඉම්මුකෝ. මේකේ පසුබිම් වර්ෂය වෙන්නේ 2025. මේ කාලයේ ඇමරිකාවත් චීනයත් අතර දේශපාලන අර්බුදයක් පටන් ඇරන් තියෙන්නේ. කාරණේ තමා චීනය ඔය දුර්ලභ මූලද්‍රව්‍ය කිහිපයක සැපයුම සීමා කිරීම. ඔය අතරේ රාවුල් මෙනෙන්ඩෙස් කියන ත්‍රස්තවාදී නායකයා ඔය රටවල් දෙක අතර යුද්ධයක් ඇරඹීමට උත්සහ දරයි.



ඔය ගේම් එක ප්‍රචාරණය සඳහා 2012 අප්‍රේල් 23 වෙනිදා පිට කරපු Video එක ඔය පෙනටගනයේ රොබෝ ආයුධ නිශ්පාදන ඒකකයක අවධානයට ලක්වෙලා. ඕකෙන් වැඩිම අවධානයට ලක් වෙලා තියෙන්නේ අවරපත් 4 ක් සහිත බලසම්පන්න මැෂින් තුවක්කුවකින් සන්නද්ධ ටැබ් උපකරණයකින් පාලනය කරන යානාවයි. මෙවැනි යානාවක් නිපදවුවහොත් හමුදා භටයන්ට විශේෂ උපක්‍රමීය වාසියක් (tactical advantage) ලැබේ.

තවත් විශේෂ දෙයක් තමා මේ Call of Duty-Black Ops 2 හදන්න මේ ගේම හදපු ට්‍රෙයාක් සමාගම මේ ගේම් එකේ තිර රචනයට සහ ක්‍රීඩා නිර්මාපකයන්ට (game developers) මග පෙන්වීම සඳහා යුධ විශේෂඥයින්ගේ ද සහය ලබා ගැනීම. මේ නිසා මේ ගේම් එක තවත් තාත්වික වෙලා.


ඔන්න පල්ලෙහ තියන Video එකකකුයි Picture ටිකකුයි.








ලිපිය ගැන අදහසක් ලියලම යන්න.

9 comments:

  1. WOW.........This seems so nice

    ReplyDelete
  2. මැක්සා ගේම් එකක් නේද ?

    ReplyDelete
  3. maka gahanna VGA aka kochchara onada bro?

    ReplyDelete
  4. මමත් කැමතිම game 1 ක් තම මේක.

    ReplyDelete
  5. වකා - WAKA - Yeah yeah

    රොබින් - මොනවද බන් මේ කතා.

    Yohan Chathuranga - 1 GB වගේ.

    gayanathnet - කවුද බන් මේකට අකමැති?

    ReplyDelete
  6. COD wala campaing eka nam hoda.but graphics and multiplayer nam ajuuthai

    ReplyDelete
  7. http://www.fhserve.com/www/delivery/ck.php?oaparams=2__bannerid=16365__zoneid=873__cb=10d676a011__oadest=http%3A%2F%2Fshowvideo.net%2F%3Fdp%3D10d676a011-16365-1349973268.1931-873

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.