JustCrowd.net

Wednesday, September 12, 2012

MP3 එකකට අපේම කියල Album Art එකක් දාගන්න හැටි.

      හැමෝටම ආයුබෝවන්. ඔන්න අපේ ඉස්කෝලෙත් පටන් ගත්තා. දැන් නම් ලිපි එච්චර ලියන්න හම්බවෙන්නේ නැතිවෙයි. කොහොම උනත් පුළුවන් උන හැම වෙලාවෙම ලියනවා.



    අද මම කියල දෙන්න යන වැඩේ මොකක්ද කියල එච්චරම ඔයාලට තේරෙන්නේ නැතිව ඇති. මටත් ඒක හරියට කියන්න තේරෙන්නේ නෑ. අද මම කියන්න හදන්නේ ඔය MP3 එකක් Play වෙනකොට තමාගෙම කියල Album art එකක් පෙනෙන්න දාන්නේ කොහොමද කියල කියල දෙන්න. ඔය පල්ලෙහ පින්තූරෙ දැක්කහම තවත් තේරෙයි.



මම මේක කරන්නේ Windows XP වල. මොකද මම මේ ටිකේ පොඩී වැඩකට XPය දාගත්තා. ඒත් Windows 7 කට්ටියටත් මේක කරන්න පුළුවන් කියල මට 200% ෂුවර්. පොඩ්ඩක් කැරකිල බැලුවනම් මේ මම කියන එක ඔයාලටත් හොයාගන්න පුළුවන්.

මෙන්න ක්‍රමේ... 

  • මුලින්ම ඔය මම හදල තියනව වගේ Album Art එකක් හදාගන්න. මගේ එකනම් චා. ඔයාලගෙ නිර්මාණශීලීත්වය තමා ඒකට ඕනේ.
  • පස්සේ ඔයාලට Album Art එක දාගන්න ඕනි MP3 එක Windows media player එකෙන් Play කරන්න.
  • පස්සේ දකුණු පැත්තේ ඇති Playlist එකෙන් සින්දුව Right click කරලා මෙනුවෙන් Advanced Tag Editor යන්න ක්ලික් කරන්න.
  • ඒකෙ එන ඩයලොග් බොක්ස් එකේ උඩ තියන ටැබ් වලින් Picture කියන එක ක්ලික් කරන්න.

  • පස්සේ ඉතින් තියෙන්නේ එතනින් ඕන Image එකක් තෝරල Apply කරල OK කරන්න. 
දැන් වැඩේ ගොඩ. දැන් ආයෙත් MP3 එක Play කරන්න. ඕන් දැන් Album art එක Add වෙලා ඇති. දැන් Windows 7 තියන යාළුවො මට බයිනවත් ඇති. අවුලක් කරගන්න එපා. ඔන්න මම යට පොඩි සොෆ්ට් කෑල්ලක් දාල ඇති. ඒකෙනම් කිසි ගින්නක් නැතිව දාගන්න පුළුවන්. එහෙනම් ඒකත් බාගන්නකෝ.

   

ලිපිය කොහොමද කියල අදහසක් ලියලම යන්න. හැමදාම කියන ඒවත් දාලම යන්න.


4 comments:

  1. එල මචන්

    ReplyDelete
  2. මමත් ඕක දාගන්නෙ කොහොමද කියල ට්‍රයි කරකර හිටියෙ හොද වෙලාවට අද ඔයාගෙ බ්ලොග් එකට ගොඩ වුණේ

    ReplyDelete
  3. Lahiru Mudith - Thx හොඳේ...

    සුදු මහත්තයා - ස්තූතියි සුදූ!!!

    යසිරු - ස්තූතියි. ආයෙත් එන්න හොඳේ...

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.