JustCrowd.net

Saturday, October 6, 2012

Torrent Download වෙන්නේ හෙමින්ද? මෙන්න විසඳුම.

         මෙන්න තවත් Tricks කෑල්ලක් කියල දෙන්නයි යන්නේ... ඔය කට්ටිය ඔය එක එක දේවල් Torrnet වලින් බානව ඇතිනේ. වැඩි හරියක් ඉතින් Film එහෙම වෙන්නැති බාගන්නේ. ඉතින් ඔය ඕන එකක් බාගන්න Seeders, Trackers එහෙම තියෙන්න ඕනි නේ? අන්න ඒව ටිකක් දාගන්න හැටි අද අපි බලමු. පට්ට ලේසි වගේම සුපිරි.


          මේක මම කරන්නේ BitTorrent වල. අනිත් Torrent Client software වලත් අනිව තියනවා. මේක කරන්න කලින් පොඩි Text File එකක් බාගන්න ඕනි. ඒකෙ තමා ඔය දාන්න යන Trackres List එක තියෙන්නේ. ඔන්න එහෙනම් බාගන්නකෝ....


Text File එක බාගන්න මෙතන ක්ලික් කරන්න.

Text File එක කෙලින්ම බලාගන්න මෙතන ක්ලික් කරන්න.

1. මුලින්ම ඔයාලගෙ බාගන්න ඕන මෙවුව එකේ Torrent File එක Torrent Client software භාවිතයෙන් විවෘත කර ගන්න.

2. පස්සේ පල්ලෙහ තියන පින්තූරෙ විදිහට Trackers කියන ටැබ් එක ක්ලික් කරන්න. 
( පින්තූර පොඩි නම් ලොකු කරගන්න ක්ලික් කරන්න හොඳේ )

3. ඊටත් පස්සේ එන ලිස්ට් එකේ පැත්තකින් Right click කරල Add tracker... කියන එක ක්ලික් කරන්න.


4. ඊට පස්සෙ එයි පොඩි වින්ඩෝ එකක්. ඒකෙ වැඩ කරන්න කලින් අර මං බාගන්න කියුව Text file එකේ තියන Trackers list එක කොපි කරගන්න.

5. අන්තිමට ඉතින් ඔය යට පින්තූරෙ විදිහට අර කොපි කරගත්ත Trackers List එක අර වින්ඩෝ එකේ ඇති Trackers List එකට යටින් පේස්ට් කරන්න. ( සැ.යු. - එහි කලින් තිබෙන Trackersලා Delete නොකරන්න, Trackersලා පේස්ට් කරන විට එක Tracker කෙනෙකුට යටින් ඉඩක් තියා පේස්ට් කරන්න, Text file එකේ ඇති පරිදිම.)


පස්සේ ඉතින් OK කරන්න.

මෙන්න වැඩේ හරි. ඕකෙන් වෙන්නේ මොකක්ද දන්නවද? ඕකෙන් මං හිතන විදිහට අලුත් Seedersල හොයල දෙනව. අර Text file එකේ Trackersල බර ගාණක් ඉන්නව. ඔය ඔක්කොමනම් වැඩ කරන්නේ ඇති වෙයි. ඒත් 20ට වඩා අනිව වැඩ. ඔය ටික දාපුවහම Download වෙන එක Speed වෙනව "අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි"

එහෙනම් අප්පා මෙච්චර මහන්සි වෙලා ලියපු පෝස්ට් එක ගැන අදහසක් ලියලම යන්න. Share පාරකුත් දෙන්න. Like එකකුත් දෙන්න. බ්ලොග් එකට කැමතිනම් Followත් කරන්න.







10 comments:

  1. Replies
    1. බලන්න බලන්න අනිව වැඩ

      Delete
  2. කරල බලන්න මාසෙ අන්තිම වෙනකම් ඉන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. ආ... යූසේජ් එක ඉවර ඇති.

      Delete
  3. එල පෝස්ට් එකක් කරලා බලන්න ඕන...ස්තූතියි..යුස් ඒච් ප්‍රමානය ඉවර උනත් ස්පීඩ් එක අඩු නොවී ටොරන්ට් බාන්න ක්‍රමයක් එහෙම නැද්ද?:)

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ එහෙම ක්‍රමයක් නෑ බං.

      Delete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.