JustCrowd.net

Tuesday, January 22, 2013

වෙබ් හෝ බ්ලොග් අඩවියක තිබෙන හානි වූ Link සොයාගන්න හැටි.


සාමාන්‍යයෙන් බ්ලොග් හෝ වෙබ් අඩවියක විවිධ වූ ලින්ක් විශාල ප්‍රමාණයක් තියෙයි නේ. ඒ විශාල ලින්ක් ප්‍රමාණය අතර සමහර ලින්ක් වැඩ නොකරන්න පුළුවන්. විශේෂයෙන් ඔය Download කරගන්න දෙන ලින්ක් එහෙම වැඩ නොකෙරුවොත් අපේ බ්ලොග් එක හරි වෙබ් එකට හරි එන කට්ටිය අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ආය ආත්මෙකට ඒ පැත්තේ එන්නැති වෙන්නත් පුළුවන්. තව මෙහෙම හානි වෙලා තියන ලින්ක් තියන එකෙන් අපේ බ්ලොග් හෝ වෙබ් අඩවියේ Page Rank එකත් බහින්න පුළුවන්.

ඔය උඩ කියුව විදිහට හානි වෙලා තියන ලින්ක් හොයාගන්න පුළුවන් පොඩි මෘදුකාංගයක් අද මම දෙන්නම්. මේකෙන් ඔයාල ඔයාලගෙ බ්ලොග් හරි වෙබ් අඩවිවල තියන අවුල් වෙලා තියන ලින්ක් හදල දාන්නකෝ...




1.මුලින්ම ගිහින් මෘදුකාංගය බාගෙන ඉන්ස්ටෝල් කරගන්නකෝ...


Click Here to Download


2.ඊලඟට ඕක ඕපන් කරල ඔය පල්ලෙහ පින්තූරෙ ලකුනු කරල තියන තැන ක්ලික් කරන්න.


3.ඊට පස්සේ පල්ලෙහ ලකුනු කරල තියන තැනට ඔයාලගෙ බ්ලොග් හෝ වෙබ් අඩවියේ ලිපිනය දාන්න. අනිවාර්යෙන් http:// කියන එක දාල දාන්න. ( අත්‍යවශ්‍ය නම් www. යොදන්න ) ඊට පස්සේ OK ක්ලික් කරන්න.


4.දැන් හරි ඊට පස්සේ පල්ලෙහ විදිහට ඔය හොඳ ලින්ක් වගේම හානි වෙලා තියන ලින්ක් ඔක්කොම පෙන්නයි. හානි නොවූ ඒව කොළ පාටිනුත් හානි වෙලා තියන ඒවා රතු පාටිනුත්. ඒවගෙ විස්තරත් එක්කම. හැබැයි ඔක්කොම සර්ච් වෙන්න පොඩ්ඩක් වෙලා යයි.


කොහොමද වැඩේ කියල කොමෙන්ට් එකක් දාලම යන්න. කැමතිනම් ලයික් එකක් ෂෙයාර් පාරක් එහෙම දීලම යන්න.










3 comments:

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.