JustCrowd.net

Monday, January 21, 2013

Box Style එකේ ලස්සන ලේබල් ගැජට් එකක් බ්ලොග් එකට දාගමු.

    මෙන්න තවත් ලස්සන බ්ලොග් ගැජට් එකක් ගෙනාවා. ඔයාල සාමාන්‍යයෙන් ඔයාලගෙ බ්ලොග් ලිපි ලේබල් වලට වෙන් කරනවනේ. ඒ වගෙම ඒ ලේබල් පාඨකයන්ට පේන විදිහට ගැජට් එකක් විදිහට බ්ලොග් එකට දානවනේ. අන්න ඒ බ්ලොගර් එකෙන් දෙන ලේබල් ගැජට් එක ලස්සන කරගන්න විදිහක් අපි අද බලමු.





ඕක දාපුවහම පේන්නේ ඔය දාල තියන පින්තූරෙ විදිහටමයි. ... මෙන්න එහෙනම් දාගන්න හැටි.








Friday, January 18, 2013

දැනුම බදාගන්න නොව බෙදාගන්න | Ekwemu.com

   ආයුබෝවන් හැමෝටම. අද පොඩි දෙයක් ගැන කියන්නයි ආවෙ. මම හදපු සයිට් එකක් ගැන. සයිට් එකක් කියුවට Forum එකක්. තව හුඟක් ජාති හදන්න තියෙයි. නම තමා "එක්වෙමු". මේක හදන්න මම හිතුවෙ එක එක්කෙනා ගාව තියන දැනුම වෙනත් අයත් එක්ක බෙදා හදා ගැනීම.


මේක ලඟදි හදපු නිසා තවම එච්චර කට්ටිය නෑ. ඔයාලත් Register වෙලා පුළුවන්නම් යාළුවන්ටත් කියන්න. ඔයාල දන්න ඕනම දෙයක් මේකෙ දාන්න. ඒ වගේම සමාජයේ විවිධ දෙවල් ගැන සාකච්ඡා  කරන්න. මම තව මේක දියුණු කරන්නත් හිතාගෙන ඉන්නවා. එහෙනම් යාළුවනේ මම පල්ලෙහයින් ලින්ක් එක දීල ඇති. ගිහිල්ලම බලන්නකෝ...........


කොහොමද??? ඔයාල Forum එක ගැන හිතන දේවල් කොමෙන්ට් එකකින් ලියන්න. නැතිනම් මට pasindujayanada@gmail.com හරහා මේල් කරන්න. හොඳ නරක් ඕන දෙයක් ලියන්න. ඔයාලගෙ අදහස් තමා මේක වෙනස් කරන්න ඕනි වෙන්නේ........





Friday, January 11, 2013

බ්ලොග්කරණය දෙවෙනි වසරටත්.

     ඔන්න අදට පසිඳුගේ අඩවියට අවුරුද්දක් සපිරෙනවා. මට හරිම සතුටු දවසක්. මම හිතන විදිහට අද මගෙ බ්ලොග් එක යම් ස්ථානයක තියනවා. ඒකෙ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕන 2012.01.11 ඉඳන් මගෙ බ්ලොග් එකත් එක්ක රැඳී හිටපු බ්ලොග් පාඨකයන්ට. බොහොම ස්තූතියි...!!!


බ්ලොග් එකේ තත්වෙ ගැන සාරාංශයක් දුන්නොත් මේ වෙනකොට මම ලිපි 96 ලියල තියනවා. කොමෙන්ට් 454 පලවී තියන්වා. කොමෙන්ට් වලින් මගෙ ලිපි වල හොඳ නරක පෙන්නා දී මාව ධෛර්යමත් කල හැමෝටමත් ස්තූතියි. කොහොම උනත් මේ වෙනකොට බ්ලොග් එකේ Page Views 57062 තියනවා. 

මේ බ්ලොග් එක අද මෙතනට ගේන්න මට බොහෝ අය උදව් කරා. විශේෂයෙන් Geek.lk අඩවියේ මිතුරන්  මතක් කල යුතුයි. පසුගිය මාස වල බ්ලොග් එකේ ලිපි එතරම් පලවුනේ නෑ. එකට හේතුව O/L විභාගය. තවම ඉවර නෑ; මේ අවුරුද්දේ තමා විභාගෙට මුහුණ දෙන්නේ. මොනව කරන්නත් ඒක කරන්න එපයි, ඒක හින්ඳා මේ ටිකෙත් බ්ලොග් එකට ලිපි එච්චරම වැටෙන්නේ නැති වෙයි. ඒත් මම අත හරින්නේ නෑ. පුළුවන් හැම වෙලාවෙම ලිපි දානවා. ඒක හින්ඳා මගෙත් එක්ක දිගටම රැඳිල ඉන්න කියල මතක් කරනවා...

Tuesday, January 8, 2013

Windows XP වේගවත් කරගමු.

      ඔන්න අලුත් අවුරුද්දේ දෙවෙනි ලිපිය දානවා. මේ ටිකේ ඔක්කොමලා Windows 7,8 වගේ මෙහෙයුම් පද්ධති පාවිච්චි කරත් සමහර කට්ටිය තවම පාවිච්චි කරන්නේ Windows XP. මම මීට කලින් ලියල තියෙයි Windows 7 ස්පීඩ් කරගන්න හැටි. අද බලමු Windows XP ස්පීඩ් කරගන්න හැටි.


එහෙනම් දෙවියන් සිහි කරල වැඩේට බහිමු. පල්ලෙහ පියවර ටික නියමෙට දාල තියෙයි.

01. මුලිනම් notepad ඒක ගන්න අරගෙන මේ ටික ටයිප් කරගන්න "delc:\windows\prefetch\ntosboot-*.* /q" ඒක දැන්  Save As ගිහිල්ලා " ntosboot.bat "කියන නමට Save කරගන්න 

02. දැන් start මෙනු එකට යන්න ගිහින් Run  Select කරගන්න ඊට පස්සේ මෙටික ටය්ප් කරගන්න "gpedit.msc".ඊට පස්සේ Run කරන්න 

Tuesday, January 1, 2013

ඔබ සැමට සුභ නව වසරක් වේවා...!


ලැබුවාවූ 2013 වර්ෂය ඔබ සැමටසාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!
 Happy New Year 2013!
புத்தாண்டு 2013!


Monday, December 31, 2012

අලුත් අවුරුද්දට PC එකට කෙළවගනිමුද???

මෙන්න පසියා සති ගාණකට පස්සෙ දෙන්න යන්නේ මහ නරුම මෙවුව එකක් ඈ. මේ නිවාඩු කාලෙ හින්ඳා ලිපි හෙන සෙට් එකක් ලියන්නම් කියල හිතාගෙන හිටියට පොඩි අවුලක් ගියා Domain එකේ, ඒක හදන්නත් හෙන කල් ගියා. අප්පේ.....

මේක පොඩි කොඩ් එකක සීන් එකක්. මේකෙන් PC එකට කෙළවන්න පුළුවන්. හැබැයි අවුල් ගියාට අපි එහෙම වගකීම දරන්නේ නෑ. එහෙනම් බහිමුකො වැඩේට>:)



මන් හිතන්නේ මේ ද්විමය සංඛ්‍යා විදිහට ලියල තියන කෝඩ්. මේ ටික හොයාගත්තේ ඉන්දියන් කාරයක්ගෙ බ්ලොග් එකකින් . මේකයි කරන්න ඕනි. මම ඔය පල්ලෙහයින් දීල තියන අංක ටිකෙන් කැමති එකක් Notepad එකක කොපි කරගෙන Save as දීල Save as type කියන එකට All files දීල, File name කියන තැනට ඔයාලට ඕනි නමක් දීල අන්තිමට .exe විදිහට දීල save කරන්න.

Tuesday, December 11, 2012

Close බට්න් එකක් සමග Fixed top bar එකක් බ්ලොග් එකට දාගමු.

       මෙන්න තවත් අලුත් බ්ලොග් ගැජට් කෑල්ලක් ගෙනාවා. මේකෙ සිංහල තේරුම කියන්න මට තේරෙන්නේ නෑ. Fixed කියන්නේ ස්ථාවර, Top කියන්නේ ඉහළ, Bar කියන්නේ බාර් එකටනේ.. එතකොට "ස්ථාවර ඉහළ බාර්" එක තමා තේරුම. මේකට ඒ නම කියුවත් වැරැද්දක් නෑ. කොහොම උනත් නියම ගැජට් එකක්. බ්ලොග් එකක් කරගෙන යන යාළුවන්ට අනිවාර්යෙන් වැදගත් වෙනවමයි.


මේකෙන් පුළුවන් අපිට අපේ බ්ලොග් ලියන යාළුවන්ට අපිට ඕන පණිවිඩයක් එහෙම දෙන්න. මුලින්ම වැඩේ කොහොමද කියල Demo එක බලන්නකෝ.

කොහොමද නියමයි නේ. ඔය Demo බ්ලොග් එකේ උඩින්ම තියෙන්නේ. මේකෙ වාසි කිහිපයක්ම තියනවා. ඒ මේවයි.

Monday, December 10, 2012

බ්ලොග් එකට "Scroll to Top" බට්න් එකක් දාගමු.

        අද අපි බලමු බ්ලොග් එකට ලස්සන "Scroll to Top" බට්න් එකක් දාගන්නේ කොහොමද කියල. කට්ටිය මොකක්ද මේ කියල දන්නව ඇතිනේ? ඔය සමහර බ්ලොග් වල එහෙම දාල තියෙන්නේ බ්ලොග් එකේ ටිකක් පල්ලෙහට ගියාම පැත්තෙන් බට්න් එකක් මතු වෙන්නේ. ඒක ක්ලික් කරපුවහම ඕන් බ්ලොග් එකේ උඩටම ලස්සනට ඇදීල යනවා. ඔය පේජ් වල හුඟක් විස්තර තියන පල්ලෙහට දිගට තියන බ්ලොග් හෝ වෙබ් සයිට් වලට මේක නියමයි...



මේක මම හොයාගත්තේ ඔය ඉන්දියාවෙ පොරක්ගෙද කොහෙද බ්ලොග් එකකින්. කියන විදිහට මේකෙ මේ වගේ පහසුකම් තියනවා...;;)

Sunday, December 9, 2012

නත්තලට ඔයාලගෙ බ්ලොග් එකටත් හිම වැටුනොත් කොහොමද?

          ඔන්න අදත් මම ඔයාලට දෙන්න යන්නේ නත්තලට බ්ලොග් එක ලස්සන කරගන්න ක්‍රමයක්. ඒ තමා බ්ලොග් එක පුරාම කොහොමද ලස්සනට හිම වැටෙන්න හදන්නේ කියල. මේකෙත් ඉතින් එච්චර කරන්න කියල දෙයක් නෑ. මම ඉස්සල්ල දුන්න බ්ලොග් එකට නත්තල් සීනුවක් දාන හැටි වගේම තමා මේකත්. ඔයාලට ලේසි වෙන්න මම Add to Blogger බට්න් එකක් හදල තියෙයි. ඉතින් ඔයාලට තියෙන්නේ ඒක ක්ලික් කරන්න විතරයි...


මේකෙ වැටෙන්නේ හිම කියුවට හිමම නෙවෙයි. ඔය මල්තුහිනද මොනවද මන්දා ජාතියක්. මට හිතුන ඉදිහට ඒක ඔය නිකන් හිම වලට වඩා ලස්සනයි. පොඩි ගතියක් තියනවා. කොහොම උනත් ඔයාල Demo එක බලම ඉන්න. Demo එක බලන්න මෙතනින් යන්න.

Thursday, December 6, 2012

නත්තලට ලස්සන නත්තල් සීනුවක් බ්ලොගයට දාගමු.

         ඔන්න වාර විභාගෙත් ඉවරයි. උත්සව කාලෙට අලුත් Template එකකුත් දාගෙනම ඔන්න අද මම ආව අපේ බ්ලොග් ලියන යාළුවන්ට පොඩි වැඩ කෑල්ලක් අරන්. ඇත්තටම හුඟ කාලෙකින් අපේ බ්ලොග් ලියන යාළුවන්ට මුකුත් දෙන්නත් බැරි උනා. එහෙනම් අද මම දෙන්නේ ඔය මගෙ බ්ලොග් එකෙත් ඔය උඩ දාල තියන නත්තල් සීනුව දාගන්න කෝඩ් ටික දෙන්න. බලන්නකෝ දාගෙනම කොහොමද කියල...


මේක දාගන්න එක හරිම ලේසි. නිකන් HTML/Java Script එකක් විදිහට අලුත් ගැජට් එකක් දාගන්න තියෙන්නේ. මේකෙ කෝඩ් 3ක් තියනවා. එක කෝඩ් එකකින් ඔය සීනුව බ්ලොග් එකේ දකුණු පැත්තට වැටෙනවා. තව එකකින් වම් පැත්තට වැටෙනවා. අනිකෙන් සීනු දෙකක් දෙපැත්තට වැටෙනවා. ඕකෙන් ඔයාල කැමති එකක් තෝරගන්න. එහෙනම් ඔයාල කැමති Style එකක් තෝරගෙන ඊට යටින් ඇති Add to Blogger බට්න් එක ක්ලික් කරන්න.......