JustCrowd.net

Friday, February 24, 2012

ඔයාගෙ කොම් එක 64bit ද කියල දැන ගන්න හැටි.

කෙහොමද යාලුවනේ? මම අද අලුත් වැඩක් කියල දෙන්නයි ආවෙ.ඔයාලගෙ කොම් එක 32bit ද නැත්නම් 64bit ද යන්න හොයා ගන්න හැටි තමා මම කියල දෙන්න යන්නෙ.මේක ඉතින් සමහර කට්ටිය දන්නවත් ඇති.මම මේ කියල දෙන්නේ නොදන්න කට්ටියට.හරි අපි වැඩේට බහිමුකො

 ඉස්සරලම කියන්න ඕන 32bit ට වඩා 64bit සුපිරි.64bit කොම් එකෙක සුපිරි වාසි ටිකක් තියනව.ඒව තමයි මේ.




  • 32bit වර්ෂන් එක භාවිත කරන කොම් වල උපරිම RAM ධාරිතාව වන 4GB ට වඩා වැඩි RAM ධාරිතාවක් 64bit කොම් වල පාවිච්චි කරන්න පුලුවන්.මේ නිසා වැඩි මතක ධාරිතාවක් අවශ්‍ය වැඩසටහන් වඩාත් හොදින් 64bit කොම් වල වැඩ කරනවා.
  • සංකීර්ණ ගණිත කර්ම වේගවත්ව කල හැකි නිසා පරිගණක ක්‍රීඩා,ත්‍රිමාන සජීවීකරණ නිර්මාණය,වීඩියෝ සංස්කරණය ආදී කටයුතු වඩා වේගවත්කළ හැකි වීම.

                                            ඔයාලගෙ කොම් එකේ 64bit මෙහෙයුම් පද්ධතියක් වැඩ කරන්න ඕන නම් ඔයාලගෙ කොම් එකේ ප්‍රොසෙසරයත් 64bit වෙන්න ඕන.ඒක හොයා ගන්නෙ මෙහෙමයි.(මෙම ක්‍රමය වින්ඩොස් 7 වලදී භාවිත වේ)


මෙන්න ක්‍රමය-Start තුලින් Control panel ක්ලික් කරන්න.ලැබෙන Control panel වින්ඩෝවෙ ඇති
System and Maintenance විවෘත කර ගන්න.එහි ඇති Performance Information and Tools විවෘත
කරගන්න.දැන එහි ඇති View and Print details මත ක්ලික් කරන්න.එවිට එහි ලැබෙන කොටසේ 64-bit capable යන්න ඉදිරියෙන් Yes ලෙස තිබේනම් ඔයාලගෙ කොම් එකේ ප්‍රොසෙසරය 64bit වේ



                    එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Likeපාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...

6 comments:

  1. Thanks machan. මම අද වෙනකන් හිතන් හිටියේ මගේ ලැප් එක 32 බිට් කියල. ඔයාගේ බ්ලොග් එකෙන් පස්සේ තමයි එක 64 කියල දැන ගත්තේ. techzone sold it to me saying it is 32 bit. thanks again

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති මචෝ...මගෙ යාළුවන්ගේ ගැටලු විසදෙනව කියන්නේ.මගේ ප්‍රයන්තය සාර්ථකයි....

      Delete
  2. මටත් Yes තියනව ඒත් මම windows 7 32bit version එක තම දල තියෙන්නෙ. windows 64bit එක ඒ කියන්නෙ අවුලක් නැතිව දාන්න පුලුවන් කියන එකද.

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් පුළුවන්...

      Delete
  3. aiye mageth ehema watenawane,mata i5 prosser ekak danna puluwan weida/?
    danata 32 bit winowa 7 thiyenne 64 bit danna puluwan weida

    ReplyDelete
    Replies
    1. පුළුවන් මචෝ පුළුවන්....

      Delete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.