JustCrowd.net

Monday, February 20, 2012

වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කිරීමට පෙර දැනගත යුතු දේ.

හලෝකට්ටියට කොහොමද?අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ වින්ඩෝස් 7 දාගන්න කලින් ඔයාලදැනගන්න ඕන කරුනු කිහිපයක් ගැනයි.දැන් ඔයාල හිතනව ඇති මේක දාන්න තිබ්බේ මීට කලින් කියල.ඔව් ඒක ඇත්ත දැන් වින්ඩෝස් 8එන්නත් ලගයිනේ.කොහොම උනත් මේ ලිපිය අනිත් වින්ඩෝස්  මෙහෙයුම් පද්ධති වලටත් ගැලපෙනවා හොදේ.


 ගැලපෙන සංස්කරණය තෝරා ගැනීම.

                                                     ඔයාල දන්නව නෙ වින්ඩෝස් 7 සංස්කරණ 3කට තමා එන්නෙ.ඒ තමා Home Premium,Professional හා Ultimate යනුවෙනි.ලෝකයේ සමහර ප්‍රදේශවලටත් විශේෂ වන විදියට සංස්කරණ තියනව.ඒත් ප්‍රධාන වශයෙන් ඉහත සංස්කරණ 3ට තමා ඒවත් අයත් වෙන්නෙ.වින්ඩෝස් 7 පැක් එකේ තවත් විශේෂයක් තමා 32-bit හා 64-bit යන මාදිලි දෙකටම අයත් ඩිස්ක් ඇතුලත් කර තිබීම.ඔයාලගෙ කොම් එකෙ තත්වෙ අනුව ඕන මාදිලියක් තෝරා ගන්න පුලුවන.  

                                                                යවත්කාලීන කිරීම.
                                                      
                                                        ඔයාලගෙ කොම් එකේ තියෙන්නේ ජෙනුයින් වින්ඩෝස්  එක්ස්පී හරි විස්ටා හරි නම් අඩු මුදලකට වින්ඩෝස් 7හි අප්ග්‍රේඩ් වර්ෂන් එකක් ලබාගන්න පුලුවන්.
                                                                
                                                                   පරිගණකයේ ධාරිතාව.

                                                         ඔයාලගේ කොම් එකේ නිෂ්පාදිත දිනය අවුරුදු 2කට වඩා පැරණි එකක් නොවේනම්,දැනටමත් වින්ඩෝස්  විස්ටා කිසිම අවුලක් නැතිව වැඩ නම් ඔයාලගේ කොම් එකට වින්ඩෝස් 7 වැඩ කරයි කියලා හිතන්න පුලුවන්.සාමාන්‍යයෙන් වින්ඩෝස් 7 අවුලක් නැතිව වැඩ කරන්නනම් මේ වගේ තත්වයක ඔයාලගෙ කොම් එක තියන්න ඕනි.

Processor-1 gigahertz(GHz) or faster 32-bit (*86) or 64-bit (*64)
RAM-1 gigabyte (GB) RAM (32-bit) or 2 GB RAM (64-bit)
Hard Disk-16 GB avaliable hard disk space (32-bit) or 20 GB (64-bit)
Graphics-DirectX 9 graphics device with WDDM 1.0 higher driver 
  
මේ තත්වයේ කොම් එකක් ඔයාලට තියනව නම්  වින්ඩෝස් 7 වැඩ.නැත්නම් ඔයාලගෙ කොම් එකේ  වින්ඩෝස් 7 හොදටම වැඩද කියල බලන්න Windows Upgrade Advisor මගින් 
පුලුවන්.එය http://www.microsoft.com/windows/windows-7/get/upgrade-advisor වෙබ් අඩවියේ තිබේ.මෙහිදී කොම් එකේ හාඩ්වෙයා කන්ෆිගරේෂන්,ඉන්ස්ටෝල් කර ඇති ප්‍රෝග්‍රෑම්වල හා සම්බන්ධ කර ඇති විවිධ උපාංගවල අනූකූලත්වය  වින්ඩෝස් 7 සදහා ගැලපෙන්නේද යන්න සොයා බලයි.හැබැයි ඔයාලගෙ කොම් එකෙ මෙකක්හරි අවුලක් තියනව නම් මේ සයිට් එකෙන් හොයා ගන්න පුලුවන්.ඒ වගේම අවුල නැතිකර ගන්නත් මග පෙන්වීම මේ සයිට් එකෙන්ම කරනවා.හැබැයි ඔයාලගෙ  වින්ඩෝස්  සංස්කරණය ව්‍යාජ එකක්නම් ඒකත් මේ සයිට් එකෙන් අහුවෙනවා.

                                             ඔයාලට  වින්ඩෝස් 7 පාවිච්චි කරල පුරුද්දක් නැතිනම් කලින් මෙහෙයුම් පද්ධතිය මත  වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කිරීම එතරම් හොද අදහසක් නම් නෙවේ.ඒ වෙනුවට ඩුවල් බූට් කන්ෆිගරේෂනයක් සහිතව කලින් තිබූ මෙහෙයුම් පද්ධතියක් සමගම  වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කිරීම බුද්ධිමත් වගේම ප්‍රායෝගික තීරණයක්.එතකොට ඔයාලට  වින්ඩෝස් 7 පුරුදු වෙනකම් කලින් මෙහෙයුම් පද්ධතියේ වැඩ කරන්න පුලුවන්නේ.

                                              හැබැයි  වින්ඩෝස් 7 ජෙනුයින් පැක් එකක් ගන්න බැරිනම් හොදම විසදුම තමා Windows 7 OEM පැක් එකක් ලබා ගැනීම.මේකට ගෙවන්න වෙන්නේ සාමාන්‍ය විකිණුම් මිලෙන් භාගයයි.හැබැයි ඉතින් මේකෙදි අර පට්ටම පට්ට CD කවර් එකනම් හම්බ වෙන්නෑ.තව අපිට  වින්ඩෝස් 7 ගැන ඇතිවන ගැටලු විසදා ගැනීමට දුරකථන අංකයෙකුත් ලැබෙන්නෑ.ඒ වගේම මේකෙන් ඉන්ස්ටෝල් කරගන්නා වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් වන්නේ ක්ලීන් ඉන්ස්ටෝල් එකක් ලෙසයි.ඒ කියන්නේ මේ OEM පැක් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ ආය අලුතින්ම කොම් එකට සියලුම ඇප්ලිකේෂන් හා ඩිවයිස් ඩ්‍රයිවර්ස් 
ඉන්ස්ටෝල් කරන්න ඕනි කියන එකයි.කොහොම උනත් අලුත් වින්ඩෝස්  මෙහෙයුම් පද්ධතියක් ඉන්ස්ටෝල් කරන්න හොදම ක්‍රමය ලෙස බොහෝදෙනා සලක්නේ මෙම ක්‍රමයයි.

                                              ඔන්න එහෙනම් ඔයාල වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කරන්න කලින් සැලකිය යුතු කරැණු ගැන මේ ලිපියෙන් දැනගන්න ඇති.මේ ලිපිය අනිත් වින්ඩෝස්  සංස්කරණ වලටත් ගැලපෙනව හොදේ.එහෙනම් මම යනව හොදේ.මට කරන උදවුවක් විදිහට ‍මගේ බ්ලොග් එකට ලයික් පාරක් දීල,මගේ බ්ලොග් එක ගැන අදහස්,උදහස් ටිකකුයි දාලම යන්න.ඔයාල මේ ලිපිය මූණු පොතේ එහෙම යාලුවන් සමග බෙදා ගන්න එහෙම ඕනනම් ෂෙයා කරත් අවුලක් නෑ.එහෙනම් කට්ටියටම ජය ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා.නැවත අලුත් ලිපියකින් හමුවෙමු...

3 comments:

  1. අපි නන් ඉතින් ගොඩක් කල් ඉදන් 7 පාවිච්චි කරන්නේ .. කොහොම උනත් .. හොද ලිපියක් ..

    ReplyDelete
  2. මගෙ රැම් එක 1GB හන්ද දාගන්න බයේ හිටියේ ...

    ReplyDelete
  3. win 7 වලදි සිංහල යුනි‍‍කෝඩ් හරියට වැඩ කරන්නේ නැහැ නේද? උදාහරණ විදියට ඟ, ඳ වගේ අකුරු ගන්න අමාරුයි. තවත් ලෙඩ දෙනවා කියලා සමහරු කියනවා

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.